මට පරණ සිද්ධියක් මතක් උනා.
මීට අවුරුදු තිහකට විතර ඉස්සර, ඕස්ට්‍රේලියාවේ cybercrime කියලා වචනයක් වත් තිබුනේ නැති කාලෙක, commonwealth bank එකේ ATM වලින් කොල්ලෙක් සල්ලි ඇද්දා.
DOS දුවාපු 486 කියන්නේ ඉහලම තාක්ෂනය වෙච්ච ඒ කාලේ, teller කෙනෙක් සමග මිසක්, ATM එකක් එක්ක ගනුදෙනු කරන්නවත් බහුතරයක් මිනිස්සු පෙළඹුනේ නැහැ.
බැංකුවේ ඉන්නා මහා ලොකු උගත් කොම්පියුටර් එක්ස්පර්ට් ලා කාටවත්ම මේකාගේ වැඩ ගැන හිතා ගන්නවත් බැරි උනා. කොහොම හරි අන්තිමට මේ කොල්ලව අල්ලලා, මුදල් වංචා වලට හිරේ ඇරියා. (ඒ වෙද්දී තිබුන නීති අනුව හිරේ ගියේ මාස කිහිපයකට පමණක් කියලයි මට මතක)
ඒකා හිරෙන් නිදහස් උනාම, කොමන්වෙල්ත් බැංකුව මේකාට ඒ ගොල්ලන්ගේ ATM වල security adviser/expert වගේ තනතුරකට, ඌට හොරකම් කරලා උපයනවට වඩා වැඩි මුදලක් ගෙවන්න පොරොන්දු වෙලා, බැංකුවට බඳවා ගත්තා. (හිරේ යන්නත් කලින්ම මේකාව ඒකට එකඟ කර ගත්තා කියලයි කියවුනේ.)
මේ ගැන ඒ කාලේ බැංකුවේ ලොක්කෙක් කිව්වේ "if you can't beat them, join them" කියන්නේ මේකට තමයි කියලයි