ඔෆිස් එකේ ලවු එකක් සෙට් කරගන්න එකේ තියෙන අ#
ඔෆිස් එකේ ලවු එකක් සෙට් කරගන්න එකේ තියෙන අන්තරායන් 7 ක්
අලුතෙන් ඔෆිස් එකකට ගියත්, අලුතෙන් කවුරුහරි ඔෆිස් එකකට ආවත් ආදරයක් හොය හොය ඉන්න ලෝකෙක තමයි අපි ඉන්නෙ. ඒත් ඉතිං පුතෝ ඔෆිස් ලවු නං ඔය කියන තරං සුන්දර නෑ. ඔෆිස් ලවු එකක් කියන්නෙ ඒකත් නොදැනීම රාජකාරියෙ කොටසක් වෙන එක. එනිසා අපි නං කියන්නෙ ඔෆිස් එකේ ලවු කරන්න තියාගන්න එපා කියලයි. මේ කියන්න යන්නෙ එහෙම වෙද්දි එන ප්‍රශ්න ටිකක්.
1. මලිත් ගහද්දි ඇයි චංචලා අඬන්නෙ?
Source – youtube.com/Mathaka Mandira – Malith , Samitha and Iraj
ලොක්ක එයාට බනිද්දි මෙයාට රිදෙන එක සහ මෙයාට බනිද්දි එයාට රිදෙන එක ඔටෝම සිද්ධ වෙන දෙයක්. ඕකට ඉතිං හිත් රිදිලි තියාගන්න වෙනවා හැම තිස්සෙම. මොකෝ ඉතිං මිනිස්සු අතින් වැරදි වෙනවා සහ ප්‍රෙෂර් පිට ඉන්න ලොක්කොත් ඒවට කෑගහනවනෙ. ඔය ප්‍රශ්න හිතේ ගතේ නැතුව තියාගන්න නං ඔෆිස් ලවුවලට වැට බඳින්න සිද්ධ වෙනවාමයි.
2. ලවු ප්‍රශ්න ඔෆිස් එකට එන එක
Source – youtube.com/Handana Tharam – Senanayaka Weraliyadda
ඔන්න දැන් හිතන්නකො දෙන්න ලවු කරන අතරෙ තරහ වෙලා කියලා. ඔය කොයි කවුරුත් ලවු කරද්දි ලාවට හරි වලි යනවනෙ. සුපිරියට ඉවසන දනා ලවු කරන්නෙ නැහැනෙ. ඉතිං ඔහොම වුනාම දෙන්නට එක ඔෆිස් එක ඇතුළෙ වැඩ කරන්න අමාරු වෙනවා. නිකමට හරි දෙන්නටම තනි වැඩක් ලැබුනොත් ගහ මරාගැනිල්ලක් තමයි සෙට් වෙන්නෙ. නිකමට හිතන්නකො ලවු එක බ්‍රේකප් කියලා. ගිනි තියපංකො ඉතිං.
3. ඔෆිස් ප්‍රශ්න ලවු එකට බලපාන එක
Source – yourtango.com
ඉස්සෙල්ල එකේ අනිත් පැත්ත තමයි මේ. ඔෆිස් එකේදි ඇති වෙනවනෙ ප්‍රශ්න. ඔය ප්‍රශ්න ලවු ජීවිතේට ඇදගෙන යනව. වෙනදට ඉතිං ආදරෙන් කතා කර කර ඉඳලා, පොඩි ජඟිජිඟියකුත් දාලා හවසට වෙන්වෙච්ච ජෝඩුව දැන් හම්බුනු වෙලේ ඉඳන් ලොක්කට බනිනවයි, කේලං කියන උන්ට බනිනවයි ඇරෙන්න වෙනිං වැඩක් නෑ. ලවු එකේ නිදහසත් හබක්.
4. කුණු කතා
Source – huffingtonpost.ca
ඔෆිස් එකෙන් කෙල්ලෙක් සෙට් කරගත්තම බයි ඩිෆෝල්ට් සිද්ධ වෙන දෙයක් තමයි ඉරිසියාකාරයො ඇති වෙන එක. ඉතිං ඔය ඉරිසියාව එළියට එන්නෙ කුණු කතා විදියට. දෙන්න එකම දවසක නිවාඩු ගත්තොත්, ඔෆිස් එද්දි පහුවෙලා ආවොත් වගේ අවස්ථාවල කුණු කතා කියන්න ගන්නව. කොල්ලට නං අවුලක් නැහැනෙ. හැබැයි ඉතිං කෙල්ලෙකුට එහෙම කුණු කතා කියද්දි අහන් ඉන්න බැහැනෙ.
5. පොර කුකුල්ලු
Source – linkedin.com
පොර කුකුල්ලුත් නිකංම ගහගන්නෙ නැහැනෙ. රන් කරන මනුස්සයා තමයි කොටවන්නෙ. මෙතනත් එහෙමයි. අර මුලින් උපන් ඉරිසියාව හින්දම දෙන්නව කොටවන්න පොඩි පොඩි උත්සාහයන් කරනවා. කොල්ල ගැන කෙල්ලට නොදැනෙන්න අනිත් එවුන්ට ඇහෙන්න කතා කියනවා. උදාහරණෙකට ඊයෙ රෑ ඔෆිස් සෙට් එකත් එක්ක බීලා කබරයා දාපු හැටි වගේ කතා. ඊටපස්සෙ කොල්ලටත් නොදැනෙන්න කියනව එදා කොල්ල නැති වෙලාවෙ එහා පැත්තෙ සීට් එකෙ කොල්ලා කෙල්ලගෙ උකුළෙ අත තියාගෙන හිටපු හැටි. ඔවුව තමයි ඉතිං කෙටවිලි.
6. රැකියාවෙ නිදහස
Source – youtube.com/Oya Deepu Duka – Ajith Anthani
කොල්ලගෙ ගෲප් එකේ කෙල්ලො සිටීම, කෙල්ලගෙ ගෲප් එකේ කොල්ලො සිටීම වගේ ප්‍රශ්න වාතයක් වුනොත් එහෙම රස්සාවෙ නිදහසත් නැති වෙනවා. ලවුත් චොර වෙලා, රස්සාවත් හරියට කරගෙන යන්න බැරි වෙලා අවුල් වෙනවට වඩා හොඳයි ඔය අවුල් සීන් නැතුව ඉන්න එක.
7. හැම එකටම මුල
Source – businessinsider.com
ඔෆිස් එකේ හැම වැරැද්දක්ම ලවු එක උඩින් යන්නට ඉඩ තියෙන එක තවත් හොඳ හේතුවක්. මොකද ලොක්ක වුනත් හිතන්න ගන්නව මුන් දෙන්නට හරියට වැඩක් කරගන්න නැත්තෙ ලවු උලවුව හින්දා තමයි කියලා. ඒ නිසා ලවු එක ප්‍රශ්නයක් නොවුනත් ඒක ඔටෝ වැරදිකාරයා බවට පත්වෙන්නට තියෙන ඉඩකඩ වැඩියි.

copied from aniwa.lk