අපි දන්නව කියල උපකල්පනය කරන එක තමා කරන්න පුලුවන් භයානකම වැඩේ. ආගම් කියල අපි බුද්ධාගම හින්දු ආගම ක්‍රිස්තියානි වගේ ලේබල් ටිකක් දීල තියෙනව මිසක්, ආගම් විවේචනය කරන අය ඒව තමා ආගම් කියල අරගෙන එතනිං එහාට කල්පනා කරන්නැතුව ඒව ටික විවේචනය කරනව මිසක් මොන මොන ලක්ශණ වලිංද මොන මොන දේවල් අන්තර්ගත වීමෙන්ද දෙයක් ආගමක් වෙන්නෙ ආගමක් නොවෙන්නෙ කියල විස්තර කල්ල, ඒ අනුව ආගමක් වෙන්නෙ මොකක්ද ආගමක් නොවෙන්නෙ මොකක්ද කියල වෙන් කරල ගන්න කිසිම උවමනාවක් නෑ. ඔය ආගම් කියල ලේබල් කල්ල තියෙන විශ්වාස පද්ධති වල තියෙන ලක්ශණ ගොඩක් දැන් දැනුම නිර්මාණය කරන විද්‍යාවෙත් තියෙනව, ආගම් අදහන මිනිස්සු කියල හඳුන්වන මිනිස්සු ආගම වැලඳගන්න විදිහට දැන් ආගම් කියල කෙලිංම ලේබල් කල්ල නැති මති මතාන්තර මිනිස්සු වැලඳ ගන්නව. කොටිංම රැඩිකල් කියාගන්න අය ආගම් වලිං තොර, ආගමික විශ්වාස වලිං තොර සමාජයක් ගැන නෙමේ හීන දකින්නෙ, ආගම් කියල ලේබල් කල්ල තියෙන විශ්වාස කිහිපයකිං පමණක් තොර සමාජයක්. ඒක හරියට අපරාධ වලිං තොර සමාජයක් වෙනුවට මිනී මැරුම් දූශණ විතරක් අපරාධ කියල ලේබල් කල්ල ඒ දෙක නැති කලාම සමාජෙ අපරාධවලිං තොරයි කියල කියනව වගේ. තවත් එක ෆැන්ටසියක් විතරයි