ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_ත... 10-02-2018 08:12 PM ane palayan pako yanna mithyadushtika ponnaya. NGO salli walata puka dena hiwala. danna deyak kiyopan agamak nisa kisi deyak wela na minissungei aula. ube ammawa wikunapan ethakota me ratata hodai.

    Lol....උබේ ආගම නම් හොද එකක් වෙන්න බෑ....ඔච්චර ලියන පුලුවන් එකේ නම් දාලා කොමෙන්ට් කරපන්කො....:rofl:

    Wedagath agamaka ekkenek bawa penawa eyage rep eken. LOL
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආගම් ආගම් කියල බොරුවට කෑගහන්නැතුව පුලුවන්නං ආගමක් කියන්නෙ මොකක්ද කියන එකට හරි හමං අර්ථකතනයක් දීල ඕක විස්තර කරන්න කියන්න :yes: එතකොට තේරෙයි ඔය තර්කෙ තියෙන අවුල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    පාට තද පාටත් ලා පාටත් වෙන්නෙ බලපාන සාධක මොනාද? ඒ පාටවල් තීරණය කරලා තියෙන්නෙ මොනා මොනා වගේ දේවල් බලලද? උදාහරණයක් විදිහට, රටේ ව්‍යවස්ථාව, ජනතාවගෙ අභ්‍යන්තර/බාහිර දියුණුව, මිල මුදල්, අධ්‍යාපනය? මොනාද?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ..............................................................................................................................................................................................................................

    ඕනවටත් වඩා ආගම ඔළුව උඩ තබාගෙන අදහන රටවල්.....​

    WM495O2.png

    ඕනවටත් වඩා ආගම ඔළුව උඩ තබාගෙන සිටින රටවල් තුන්වන ලෝකයේ පසුගාමී මෙන්ම සදා සොත්තී වූ රටවල් වෙති. එවැනි රට වල පොදු සාධක කීපයකි.

    1) සමාජය තුල නූගත්කම මෙන්ම දරිද්‍රතාව ඉහවහ ගොස් තිබේ

    2) උගතුන් කියන මිනිසුන් තුල වූවද මිත්‍යා මත බොහෝ තිබේ. ඒවා හිස් මුදුනින් පිලි ගනිති

    3)සමාජයේ උගතුන් කියා ගන්නා පුද්ගලයෝ ජන මාධ්‍ය ඉදිරියට පැමිණ මිත්‍යා මත ප්‍රවර්ධනය කරති. ඒවාට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන තරම් ය

    4) මිනිසුන් තුල විචාර බුද්ධිය අඩුය ; ඔවුන්ව රැවටීම පහසුය

    5) මිනිසුන් බොහෝ විට යහපත් දෙයක් කරන්නේ මානව භක්තියෙන් නොව මරණින් පසු පර ලෝකය සඳහා ඉන්වෙස්මන්ට් එකක් සඳහාය

    6) සමහර විට සත පණහක් පිනට දී කෝටි ගනනක දිව්‍ය ලෝකයේ සැප බලාපොරොත්තු වෙති

    7) ආගමික පූජකයෝ පරලොව පෙන්වා මෝඩ ජනතාවගේ තුට්ටු දෙකට විදිති

    8) ආගමික පූජකයන් සුර සැප විඳිමින් ජනතාවගේ එදිනෙදා ජීවිතද පාලනය කිරීමට උත්සහ දරති

    9) ආගමික පූජකයෝ මානව සාරාර්ථ වලටද අභියෝග කරති

    10) මේ රට වල සාර්ථක දේශපාලකයෙකු වීමට නම් බොරුවට ආගමික භක්තිය පෙන්විය යුතුය

    11) දේශපාලකයෝ සියළු මජර වැඩ කරන්නේ ආගමික පූජකයන් ගේ ආශිර්වාදය මැදය

    12) දේශපාලකයන් ගේ ඕනෑම ජරා කුපාඩි වැඩකට සුදු හුණු ගෑමට ආගමික පූජකයන් ඉදිරිපත් වෙති

    13) මේ රටවල මිත්‍යාව ආගම හරහා මෙන්ම ජනමාධ්‍ය හරහා ජනතාවට පොවති

    14) බොහෝ මිනිසුන් කුසීතය. තම ස්වයං උත්සහයෙන් දියුණු වීම වෙනුවට වාලම්පූරි , විශ්ව ශක්ති මගින් දියුණු වීමට වෑයම් කරති.

    15) තම ස්වයං උත්සහයෙන් දියුණු වීමට යන එකාට කෙල කිරීමට අනෙක් එවුන් නිරන්තර උත්සහයක යෙදෙති

    16) දේශපාලකයෝ ජනතාවගේ මුදල් හොරකම් කරන අතර ඔවුන් දහම්ද දෙසති , ආගමික සිද්ධස්ථාන වෙත නිරන්තරයෙන්ම යති.

    17) ආගම් අතර ආරවුල් වාද නිසා සුළු සිදුවීමකදී වූවද මරා ගනිති

    18) ආගම යනු ශබ්ද විකාශන යන්ත්‍ර මගින් උදේ සවස ජනතාවට කාවැද්දිය යුතු දෙයක් බව සිතති. නිතරම ආගමේ නාමයෙන් ශබ්ද දූෂණය කරති

    19) ආගමික සංකේත පාරවල් පුරා ඉදි කල යුතු බව විශ්වාස කරති. ඒවාට ගරු නොකරුවොත් කඩු පොලු උස්සාගෙන එති

    20) මේ රට වල බීමත්කම , සියදිවි නසා ගැනීම් , කාන්තා හා ළමා හිංසනයන් ඉතා අධිකය

    21) ආගමික කම නාමික වන අතර බොහෝ මිනිසුන් තුල ආධ්‍යාත්මික බවක් විනයක් නොමැත.

    උ.ගැ.-transyl2014.blogspot.com

    වෛද්‍ය රුවන් එම් ජයතුංග.

    වෛද්‍ය රුවන් එම් ජයතුංගට අපහු ඉස්කෝලේ යන්න කියන්න තමා තියෙන්නේ. :rofl:

    වෛද්‍ය රුවන් එම් ජයතුංගට එක දෙයක් දාන්න අමතක වෙලා. :rofl:

    එයා ඔය තුන්වෙනි ලෝකේ රටවල තමයි දොස්තරලා හෙන මොලේ තියන ඊට වඩා මොලයක් ඇති වෙන විශේෂයක් නැති ලෙවල් එකෙන් දෙවියන්ට වගේ සලකන්නේ. උන් කියන හැම ගස් බයිලයම පිළිගෙන. :rofl:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    රුවන් එම් ජයතුංග ඉන්නෙ කැනඩාවේ. එයාගෙ ලෙඩ්ඩු එයාට කතාකරන්නෙ සාමන්‍ය මිනිස්සුන්ට කතා කරන විදිහට...:angry:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    පාට තද පාටත් ලා පාටත් වෙන්නෙ බලපාන සාධක මොනාද? ඒ පාටවල් තීරණය කරලා තියෙන්නෙ මොනා මොනා වගේ දේවල් බලලද? උදාහරණයක් විදිහට, රටේ ව්‍යවස්ථාව, ජනතාවගෙ අභ්‍යන්තර/බාහිර දියුණුව, මිල මුදල්, අධ්‍යාපනය? මොනාද?

    සාමාන්‍යයෙන් සර්වේ එකක් කරනවා මිනිස්සු යොදාගෙන ඊටපස්සෙ තමයි ඔහොම විස්තර පල කරන්නෙ...:)
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ආගම් ආගම් කියල බොරුවට කෑගහන්නැතුව පුලුවන්නං ආගමක් කියන්නෙ මොකක්ද කියන එකට හරි හමං අර්ථකතනයක් දීල ඕක විස්තර කරන්න කියන්න :yes: එතකොට තේරෙයි ඔය තර්කෙ තියෙන අවුල

    ආගම් කියන එක අපි දන්නවනේ ඒක එක්තරා කල්ට් එකක්...ඉතින් නිරාගමිකයොත් ඔහොම තමයි...:P
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    රුවන් එම් ජයතුංග ඉන්නෙ කැනඩාවේ. එයාගෙ ලෙඩ්ඩු එයාට කතාකරන්නෙ සාමන්‍ය මිනිස්සුන්ට කතා කරන විදිහට...:angry:

    Car permit denne,

    Lamai loku school ekakata danna one kiyala strike karanne,

    Private Medical School wahanna kiyala strike karanne,

    Ambulance service ekak dunnama eka nawaththanna kiyala strike karanne,

    Doctor kenek athin waradak wunama eka leda ge pita danne,

    Beela gihin car eka heppunama beela hitiye na kiyala boru reports denne

    owa okkoma karanna puluwan me wage agam adahana 3rd world countries wala witharai. Ekath oya lipiyata danna kiyanna. :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආගම් කියන එක අපි දන්නවනේ ඒක එක්තරා කල්ට් එකක්...ඉතින් නිරාගමිකයොත් ඔහොම තමයි...:P

    අපි දන්නව කියල උපකල්පනය කරන එක තමා කරන්න පුලුවන් භයානකම වැඩේ. ආගම් කියල අපි බුද්ධාගම හින්දු ආගම ක්‍රිස්තියානි වගේ ලේබල් ටිකක් දීල තියෙනව මිසක්, ආගම් විවේචනය කරන අය ඒව තමා ආගම් කියල අරගෙන එතනිං එහාට කල්පනා කරන්නැතුව ඒව ටික විවේචනය කරනව මිසක් මොන මොන ලක්ශණ වලිංද මොන මොන දේවල් අන්තර්ගත වීමෙන්ද දෙයක් ආගමක් වෙන්නෙ ආගමක් නොවෙන්නෙ කියල විස්තර කල්ල, ඒ අනුව ආගමක් වෙන්නෙ මොකක්ද ආගමක් නොවෙන්නෙ මොකක්ද කියල වෙන් කරල ගන්න කිසිම උවමනාවක් නෑ. ඔය ආගම් කියල ලේබල් කල්ල තියෙන විශ්වාස පද්ධති වල තියෙන ලක්ශණ ගොඩක් දැන් දැනුම නිර්මාණය කරන විද්‍යාවෙත් තියෙනව, ආගම් අදහන මිනිස්සු කියල හඳුන්වන මිනිස්සු ආගම වැලඳගන්න විදිහට දැන් ආගම් කියල කෙලිංම ලේබල් කල්ල නැති මති මතාන්තර මිනිස්සු වැලඳ ගන්නව. කොටිංම රැඩිකල් කියාගන්න අය ආගම් වලිං තොර, ආගමික විශ්වාස වලිං තොර සමාජයක් ගැන නෙමේ හීන දකින්නෙ, ආගම් කියල ලේබල් කල්ල තියෙන විශ්වාස කිහිපයකිං පමණක් තොර සමාජයක්. ඒක හරියට අපරාධ වලිං තොර සමාජයක් වෙනුවට මිනී මැරුම් දූශණ විතරක් අපරාධ කියල ලේබල් කල්ල ඒ දෙක නැති කලාම සමාජෙ අපරාධවලිං තොරයි කියල කියනව වගේ. තවත් එක ෆැන්ටසියක් විතරයි
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    රුවන් එම් ජයතුංග ඉන්නෙ කැනඩාවේ. එයාගෙ ලෙඩ්ඩු එයාට කතාකරන්නෙ සාමන්‍ය මිනිස්සුන්ට කතා කරන විදිහට...:angry:

    ඔය පොස්ට් එකේ තියෙන්නේ මෝඩ කතා ටිකක් බන්.. එකින් එක අරගෙන ඕන නං කතා කරන්න පුළුවන් වැඩක් නෑ නේ........
    කියන්නා කෙසේ කිවත් අසන්නාට මොලයක් තියෙන්න එපැයි..

    ඔය කියලා තියන එක හරියට "සමකාසන්න රටවල මිනිස්සු මේ විදිහට හැසිරීමට හේතුව කළු හම" කිවුවා වගේ.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Car permit denne,

    Lamai loku school ekakata danna one kiyala strike karanne,

    Private Medical School wahanna kiyala strike karanne,

    Ambulance service ekak dunnama eka nawaththanna kiyala strike karanne,

    Doctor kenek athin waradak wunama eka leda ge pita danne,

    Beela gihin car eka heppunama beela hitiye na kiyala boru reports denne

    owa okkoma karanna puluwan me wage agam adahana 3rd world countries wala witharai. Ekath oya lipiyata danna kiyanna. :)

    ලංකාවෙ ඔය සංස්කෘතිය ගැන ජයතුංග මහත්මයා කලින් සෑහෙන ලිපි ලියලා තියෙනවා...ඔහු යුද්ධෙකාලෙ හමුදා වෙද සේවයෙත් ඉදලා තියෙනවා.ඔය ලොකුවට කෑගහන මිනිස්සුන්ට වඩා නිහඩ සේවයක් ලංකාවට කරලා තියෙනවා...ඒ වගේම ගොඩක් මිනිස්සු ඇසුරු කරපු කරපු පොත්පත් ළිපි සෑහෙන පලකරපු බොහෝ රසවත් කතා ජීවිතයෙ රස විදපු කෙනෙක්...නොදන්න අයට වගේම ඔහුට ගරහන අයට...
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔය පොස්ට් එකේ තියෙන්නේ මෝඩ කතා ටිකක් බන්.. එකින් එක අරගෙන ඕන නං කතා කරන්න පුළුවන් වැඩක් නෑ නේ........
    කියන්නා කෙසේ කිවත් අසන්නාට මොලයක් තියෙන්න එපැයි..

    ඔය කියලා තියන එක හරියට "සමකාසන්න රටවල මිනිස්සු මේ විදිහට හැසිරීමට හේතුව කළු හම" කිවුවා වගේ.

    හම ගැන අදාල නෑ අපි ඔක්කොම මිනිස්සුනෙ ඒතැනට දැන් ලෝකය ඇවිත් තියෙන්නෙ.අපි තමයි එහෙම මානසිකත්වයක් ඇති කරගෙන තියෙන්නෙ.ඕක stereotype එකක්.කලුජාතිකයො ඇයි මෙ තරම් රලු කියනව වගේ.ලංකාවට මෙහෙම වෙන්න ඇත්තම කාරනය තමයි අපි බහුතරයක් low IQ වම.ඕක තමයි ඇත්ට්ග කාරනය.

    වෙන රටවල මිනිස්සු දියුනු වෙලා තියෙන්නෙ ස්වඋත්සහයෙන් සියලු දේවල් නොපෙනෙන දේවල් වලට වඩා මිනිස්සු උතුම් වගේම වැදගත් කියල හිතාගෙන.යථාර්තය උදාහරනය සාක්කි දරාවී මේ ප්‍රශ්නයේදි......
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    සාමාන්‍යයෙන් සර්වේ එකක් කරනවා මිනිස්සු යොදාගෙන ඊටපස්සෙ තමයි ඔහොම විස්තර පල කරන්නෙ...:)

    මේ ඕස්ට්‍රේලියාවේ අගමැති දිවු රුම් දෙන වීඩියෝ එක. බයිබලෙ අතේ තියන් කියන්නෙ. එච්චර දියුණු රටකට අවුරුදු ගානක් ගිහින් රැජිනව තාමත් අමතක කරන්න බැරි වෙලා තියෙනවා. අපේ රටේ ජනාධිපති වෙච්ච එකෙක්වත් ත්‍රිපිටකේ අතේ තියන් දිවුරලා නෑ. ඉන්දියාවෙ වත් එහෙම නැතුව ඇති. වෙනසකට තියෙන්නෙ ඕසී වල ආගම තියෙන්නෙ සිස්ටම් එක ඇතුලෙ. වෙනත් රටවල් වල ආගම තියෙන්නෙ සිස්ටම් එකෙන් පිට. ඇමරිකාවෙ උනත් දෙවියන්ගෙන් උදව් ඉලලා තමයි වැඩ අල්ලන්නෙ.

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මේ ඕස්ට්‍රේලියාවේ අගමැති දිවු රුම් දෙන වීඩියෝ එක. බයිබලෙ අතේ තියන් කියන්නෙ. එච්චර දියුණු රටකට අවුරුදු ගානක් ගිහින් රැජිනව තාමත් අමතක කරන්න බැරි වෙලා තියෙනවා. අපේ රටේ ජනාධිපති වෙච්ච එකෙක්වත් ත්‍රිපිටකේ අතේ තියන් දිවුරලා නෑ. ඉන්දියාවෙ වත් එහෙම නැතුව ඇති. වෙනසකට තියෙන්නෙ ඕසී වල ආගම තියෙන්නෙ සිස්ටම් එක ඇතුලෙ. වෙනත් රටවල් වල ආගම තියෙන්නෙ සිස්ටම් එකෙන් පිට. ඇමරිකාවෙ උනත් දෙවියන්ගෙන් උදව් ඉලලා තමයි වැඩ අල්ලන්නෙ.

    අපි ත්‍රිපිඨකේ අත තියල දිවුරන්නෙ මොන කෙහෙම්මලකටද :angry: :angry:

    එක ආගමක් කියන්නෙ තව ආගමක දේවල් ටිකම අරගෙන ඒවට වෙන නම් දාල, වෙන objects ටිකක් දාපු දෙයක් නෙමේ. ආගම් දෙකක් නිර්මාණය වෙන්නෙ එහෙම් පිටිංම වෙනස් සමාජයන් දෙකක, වෙනස්ම චින්තන දෙකක වෙනස්ම විදිහට. පොතක් උඩ අත තියල දිවුරණ එක ඒ සංස්කෘතියෙ අංගයක් බෞද්ධ සංස්කෘතියෙ ඒක තියෙන්න ඕනෙ නෑ.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ලංකාවෙ ඔය සංස්කෘතිය ගැන ජයතුංග මහත්මයා කලින් සෑහෙන ලිපි ලියලා තියෙනවා...

    Me lipiya sampoorna wenna oya man kiyapu tikath ekathu wenna ona ban.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අපි දන්නව කියල උපකල්පනය කරන එක තමා කරන්න පුලුවන් භයානකම වැඩේ. ආගම් කියල අපි බුද්ධාගම හින්දු ආගම ක්‍රිස්තියානි වගේ ලේබල් ටිකක් දීල තියෙනව මිසක්, ආගම් විවේචනය කරන අය ඒව තමා ආගම් කියල අරගෙන එතනිං එහාට කල්පනා කරන්නැතුව ඒව ටික විවේචනය කරනව මිසක් මොන මොන ලක්ශණ වලිංද මොන මොන දේවල් අන්තර්ගත වීමෙන්ද දෙයක් ආගමක් වෙන්නෙ ආගමක් නොවෙන්නෙ කියල විස්තර කල්ල, ඒ අනුව ආගමක් වෙන්නෙ මොකක්ද ආගමක් නොවෙන්නෙ මොකක්ද කියල වෙන් කරල ගන්න කිසිම උවමනාවක් නෑ. ඔය ආගම් කියල ලේබල් කල්ල තියෙන විශ්වාස පද්ධති වල තියෙන ලක්ශණ ගොඩක් දැන් දැනුම නිර්මාණය කරන විද්‍යාවෙත් තියෙනව, ආගම් අදහන මිනිස්සු කියල හඳුන්වන මිනිස්සු ආගම වැලඳගන්න විදිහට දැන් ආගම් කියල කෙලිංම ලේබල් කල්ල නැති මති මතාන්තර මිනිස්සු වැලඳ ගන්නව. කොටිංම රැඩිකල් කියාගන්න අය ආගම් වලිං තොර, ආගමික විශ්වාස වලිං තොර සමාජයක් ගැන නෙමේ හීන දකින්නෙ, ආගම් කියල ලේබල් කල්ල තියෙන විශ්වාස කිහිපයකිං පමණක් තොර සමාජයක්. ඒක හරියට අපරාධ වලිං තොර සමාජයක් වෙනුවට මිනී මැරුම් දූශණ විතරක් අපරාධ කියල ලේබල් කල්ල ඒ දෙක නැති කලාම සමාජෙ අපරාධවලිං තොරයි කියල කියනව වගේ. තවත් එක ෆැන්ටසියක් විතරයි

    අනේ මන්දා පෙසිමිස්ට් එක්ක කතා කරන්න තරම් අපේ දැනුම මදි ඇති,ඒත් ගහකට ගලකට ගරු බුහුමන් කරපු අපේ මුතුන් මිත්තන්ගෙ ඉදන් අපි අදවෙනකම් ආගම කියන එක මගින් පෙන්නුම් කරන්නෙ අපි මනුශ්‍යයින් කියන එක...ඒක අපේ ජාන වලින් එන එකක්..ඒක තමයි අපෙ මිනිස් ස්වාභාවය.අපි කොයි තරම් දේවල් විශ්වාස කරත් ඇදහුවත් යථාර්තය කියන එක වෙනස්.ඒක තමයි ඇත්ත.අපිට පේන විදිහට ආගමික සංකල්ප ඇත්ත කියන්න බැරි තනකට අපි ඇවිත් තියෙන්නෙ,ඉස්සරහට එහෙමයි වෙන්නෙ.ඒක 100%විශ්වාසයි.

    හැමෝම තමන්ගෙම ආගම හරි කියලා විශ්වාස කරන එකේ (උපකල්පනය) ඔයාගෙ නමවගේ සර්වාශුභවාදීව බැලුවොත් අපි ඔය කියන අයට වඩා සෑහෙන විනිවිද භාවයෙන් ඉහලයි...

    PS..මම උපතින්ම බෞද්ධ ...ඔයා කියන එකට උත්තර දෙන්න බෞද්ධ දේවල් Chemistry එක්ක ක්‍රැක් වෙන තැන් පෙන්න්වන්න පැහැදිලි කරලා දෙන්න පුලුවන් ..ඒත් එලකිරිය ඒකට තැන නෙවෙයි.ඔයාට තවත් දැන ගන්න ඕන නම් pm එකක් දාන්න මම ක්‍රමයක් කියන්නම්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අපි ත්‍රිපිඨකේ අත තියල දිවුරන්නෙ මොන කෙහෙම්මලකටද :angry: :angry:

    එක ආගමක් කියන්නෙ තව ආගමක දේවල් ටිකම අරගෙන ඒවට වෙන නම් දාල, වෙන objects ටිකක් දාපු දෙයක් නෙමේ. ආගම් දෙකක් නිර්මාණය වෙන්නෙ එහෙම් පිටිංම වෙනස් සමාජයන් දෙකක, වෙනස්ම චින්තන දෙකක වෙනස්ම විදිහට. පොතක් උඩ අත තියල දිවුරණ එක ඒ සංස්කෘතියෙ අංගයක් බෞද්ධ සංස්කෘතියෙ ඒක තියෙන්න ඕනෙ නෑ.

    මාත් කියන්නෙ ඕන නෑ. අපේ නැති දේ උන්ගෙ තියෙනවා. උන්ගේ ඇති දේ අපේ නෑ.
    ඒ නිසා උන් වත් අපි වත් කවුරුත් කාටවත් පොරවල් නෙවේ.