උඹ මොනවගේ එකෙක්ද උබට හරියන්නේ මොනවගෙ ජොබ් එකක්ද කෙල්ල බිරිද හරියටම කවුද කියල අවුලකින් නම් ඉන්නේ පොඩි වෙලාවක් වියදම් කරලා ප්‍රශ්න ටිකකට උත්තර දීල උබටම හොයාගන්න පුළුවන්.
සමහරක් එවුන් පිස්සු කෙලිනවා කියල උබට නිතරම හිතෙනවනම් මේක හොද විදියක් ඒක ගැන දැනගන්න
Myers-Briggs Test කියන්නේ ලෝකේ පුරාම මිනිසුන්ව වර්ගීකරණය කරන්න භාවිතා කරන ටෙස්ට් එකක්. සමහරක් මේක වැරදිය් කියද්දී ඒවගේම පිරිසක් මේක හරි කියනවා. (ඒක ගැන පස්සේ කියන්නම් කාට හරි උවමනානම්) 
කොහොමින් කොහොම උනත් මේක හොයාගත්තු නෝනලා 2නට අනුව හැම මනුස්සයෙක්ම පෞර්ෂයන් 16 කට බෙදන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් අපි කව්ද අපිට කෙළවුණ තැන් හරිගිය තැන් කරන්න ඉන්න ඒවා කරන්නේ කොහොමද අපි අපිවම වගේම අනික් අයත් තේරුම් ගන්නේ කොහොමද කියන සරල දේවල් වලට උත්තර හොයාගන්න.
අද අපේ බොහොමයක් ය ගොඩක් දේවල් කරන්නේ අනික් අය කරන කියන දේවල් අනුව. අල්ලපු ගෙදර සෝමේ bitcoin වලින් නම් පින් කරන්නේ මෙහෙ ඉන්න ඉන්දරේ කරන්න හදන්නේත් එකමයි,හැබැයි උට පුළුවන් ජංගි ගැන ලියන්නනම් ඌ කරන්න ඕනේ ලියන ඒක, එතකොට උට පුළුවන් J K Rowling වගේ කෙනෙක් වෙන්න.
@Indrajith Gamage

අන්න ඒවගේ තමුන් ගැනත් තමුන්ගේ හැකියාවන් වගේම පවුලේ වැඩපොළේ ඉන්න එවුන් මොනවගේද කියල තේරුනාම ප්‍රශ්න අඩුයි.
සමහර එවුන් ගොඩක් කතා කරනවා සමහර එවුන් කතා කරන්නේ නෑ. ලෝකේ මිනිස්සු කොහොම උබ ගැන හිතුවන් උබ තමයි දන්නේ උබ කවුද කියල.
ඔය කේන්දරයක් අරගෙන එහෙ මෙහෙ දුවනවට වඩා මේ වගේ දෙකින් උබට ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. මමනම් හිත්හන්නේ උබ උබේ කෙල්ල/ බිරිද ගැනත් දැනගන්න මේක හොද වැඩක්.
දැනගන්න කරන්න තියෙන්නේ මේ සයිට් එකට ගිහින් පොඩි වෙලාවක් අරන් ප්‍රසන වලට උත්තර දෙන ඒක විතරයි. https://www.16personalities.com/free-personality-test
උබලට පොඩි අදහසක් ගන්න මේ infographic ඒක දැම්මට මේක නිකන් කියවල හිතාන්න එපා ආහ මේ ඉන්නේ මම නම් මේ type කියල,

එහෙමනම් මේක indiacator එකක් විදියට කව්රුත් පාවිච්චි කරන්නේ නෑනේ.
අනික් වටිනාම දේ, මම කිව්වා කියල මේවා පිලිගන්නෙපා ටෙස්ට් එක කරලා උබ උබ ගැනම කල්පනා කරලා බලල තව හොදට හොයල ඇත්ත කියල හිතෙනවනම් විතරක් පිලිගනින්.


mspaint walin wath art 1k karaganna ba 