ඕන කෙහෙල් මලක් කන්නැති අය කොච්චර ඉන්නවද?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    අපි ගණන් ගන්නෙ නැති, එහෙත් ලෝකයෙ ඇති, යකඩ සහ ඛනිජ ලවණ වැඩියෙන්ම අඩංගු ආහාරය. මේ මොන කෙහෙල්මලක් ද?

    119558669_3296007800516772_1228879903187712846_n.jpg


    කෙසෙල් ශාකයේ නිජ භූමිය වන්නේ දකුණු අග්නිදිග ආසියානු කලාපයයි. කෙසෙල් මූසා කුලයට (Musa) අයත් වන අතර, පලතුරු ලෝකයේ කොමඩුවලට පමණක් දෙවන වන වැඩිම නිෂ්පාදනයක් තිබෙන පලතුරු බෝගය වේ. සාමාන්‍යයෙන් වසරකට කෙසෙල් මෙට්රික් ටොන් මිලියන 114ක් පමණ නිෂ්පාදනය වෙයි. ලෝකයේ සෑම රටකම කෙසෙල් පලතුරක් ලෙස ජනප්‍රියව පැවතිය ද, කෙසෙල් මල් ආහාරයක් ලෙස ගන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියානු රටවල් පමණි. එහෙත් එළවළුවක් ලෙස තායි කෑම වල බහුලව දක්නට ලැබෙයි.
    ආහාරයට ගන්නා කෙසෙල් මලට මෙරට ජනතාව “කෙසෙල් මුව ”, “වතුමුහ” යන නම් ද භාවිත කරයි. පැරැන්නන් අතර කෙසෙල් මුව ඉතාමත් පෝෂණීය එළවළුවක් ලෙස ප්‍රකටව තිබුන ද, වර්තමානය වන විට බොහෝ දෙනෙකුගේ ආහාර ප්‍රමුඛතා ලැයිස්තුවේ මෙය පහළට වැටෙමින් තිබෙන එළවළුවකි. මිලෙන් අඩු වුවද, සොයා ගැනීමට පහසු වුව ද, නොදන්නාකම නිසාවෙන් ඒ හැටි වටිනාකමක් හිමි නොවුණු මෙම එළවළුව බරපතල රෝගාබාධ රැසකට විසදුම් දෙන අරුම පුදුම ඹෟෂධීය සහ පෝෂණීය ගුණ සම්භාරයකි.
    📷

    යකඩ යනු රුධිර නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අංගයකි. මිනිස් සිරුරේ යකඩවලින් සියයට 70 ක් පමණ හීමොග්ලොබින් ලෙස හඳුන්වන රුධිරයේ රතු රුධිර සෛලවල හා මයෝග්ලොබින් නම් මාංශ පේශි සෛල තුළ දක්නට ලැබේ. ඔක්සිජන් පෙණහලුවල සිට පටක වලට මාරු කිරීම සඳහා හිමොග්ලොබින් අත්‍යවශ්‍ය වේ.
    යකඩවලින් සියයට 6 ක් පමණ ශ්වසනය හා බලශක්ති පරිවෘත්තීය සඳහා අත්‍යවශ්‍ය වන ඇතැම් ප්‍රෝටීන වල සංඝටකයක් වන අතර, කොලජන් හා සමහර ස්නායු සම්ප්‍රේෂක සංස්ලේෂණයට සම්බන්ධ එන්සයිම වල ද යකඩ සංඝටකයක් වෙයි.
    ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා ද යකඩ අවශ්‍ය වෙයි. මේ අනුව, මිනිස් රුධිරයේ සහ යහපත් කායික මානසික පැවැත්මේ අතිශය තීරණාත්මක කාර්යභාරයක් සඳහා ආහාර මඟින් අප ලබා ගන්නා යකඩ පදාර්ථය වැදගත් වෙයි. රුධිරයේ යකඩ පදාර්තය අඩු වීම, ලේ හිඟකම නොහොත් රක්ත හීනතාවය සඳහා බලපානු ලබන ප්‍රමුඛ සාධකයක්ද වෙයි.
    රක්තහීනතාවය යනු ලොව පුරා ළමුන් සහ ගර්භනී මවුවරු අතර දිගු කලක් තිස්සේ පැවති මහජන සෞඛ්‍ය ගැටලුවකි. ශ්‍රී ලංකාවේ ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණය (2012) වාර්තා කළේ ශ්‍රී ලංකාවේ ළමුන් අතර රක්තහීනතාවය සියයට 15.1ක් බවයි.
    ශ්‍රී ලංකාවේ ප්‍රජනක වයසේ කාන්තාවන් අතර රක්තහීනතාවය සියයට 32.60ක් තරම් ඉහළ අගයක් ගන්නා අතර ආසන්න වශයෙන් සෑම දරුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙකු සහ කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු රක්ත හීනතාවයෙන් පෙළෙයි. රක්ත හීනතාවය සඳහා බලපාන ප්‍රමුඛම සාධකයක් වන්නේ යකඩ ඌණතාවයයි. යකඩ ඌණතාවය නිසා හට ගන්නා රක්තහීනතාවය තවමත් ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ සෞඛ්‍ය ගැටලුවක් බවට සැළකෙයි.
    යකඩ ඌණතාවය සඳහා ප්‍රමුඛතම සාධකයක් වන්නේ අප ගන්නා ආහාරවලින් සිරුරට ප්‍රමාණවත් ලෙස යකඩ නොලැබීමයි. සිරුරට අවැසි යකඩ පදාර්ථය ලබා ගැනීම සඳහා පෝෂණවේදීන් නිර්දේශ කරන්නේ යකඩ බහුල ආහාර සුලභව ලබා ගන්නා ලෙසයි. ආහාරය තුළ තිබෙන යකඩ දෙයාකාර වෙයි.
    මාංශමය ආහාරවල තිබෙන යකඩ පදාර්ථයට හීම් යකඩ ලෙස හැදින්වෙන අතර. සාමාන්‍යයෙන් හීම් යකඩ සිරුරට ප්‍රයෝජ්‍ය කර ගැනීමට පහසුම ආකාරයයි. ශාකමය ආහාරවල තිබෙනුයේ හීම් නොවන යකඩ වන අතර, ඒවා හීම් යකඩ මෙන් ශරීරයට ප්‍රයෝජ්‍ය කර ගැනීම දුෂ්කර ලෙස සැලකෙනවා. හීම් නොවන යකඩ පහසුවෙන් සිරුරට අවශෝෂණය කර ගැනීම සඳහා විටමින් සී සහිත ආහාර සමග හෝ හීම් යකඩ අඩංගු මාංසමය ආහාර සමඟ ලබා ගැනීම පෝෂණ විද්‍යාත්මක උපදේශය වෙයි.
    ආහාර ලොවේ යකඩ රැජින
    බටහිර පෝෂණ විද්‍යා පොත් පත් කට පාඩම් කර ගෙන ඉන්නා අප දන්නා පරිදි යකඩ බහුලවම අඩංගු වන්නේ මස් මාංශ, පීකුදු වැනි ආහාර වර්ග වලය. යකඩ අඩංගු ශාකමය ආහාරය ලෙස ජනප්‍රියව තිබෙන්නේ නිවිති, මෑ, මුං, බෝංචි වැනි ඇට වර්ග වෙයි. එකී ආහාර ග්රෑම් සියයක යකඩ මිලි ගරෑම් 3 - 4ක් අතර ප්‍රමාණයක් තිබෙන අතර, පීකුදු ග්රෑම් සියයක යකඩ මිලි ගරෑම් 6.5 ක් පමණ අන්තර්ගත වෙයි.
    ලොව ආහාර අතුරින් යකඩ පදාර්ථය අධිකම ආහාරය ලෙස පෝෂණ විද්‍යාඥයින්ගේ සැලකුම් ලැබ ඇත්තේ සාමාන්‍යයෙන් මිල අධික උෂ්ණ ආහාරයක් ලෙස සැලකෙන බෙල්ලන් ය. මට්ටියා නැමති බෙල්ලන් විශේෂයේ ග්රෑම් සියයක යකඩ මිලි ග්රෑම් 28ක් තිබෙන අතර එය සාමාන්‍ය ගර්භනී ස්ත්‍රියකට දෛනිකව අවශ්‍ය වන යකඩ ප්‍රමාණයට සමාන වෙයි.
    එහෙත්, නවතම සොයා ගැනීම්වලට අනුව කෙසෙල් මල් ග්රෑම් සියයක යකඩ මිලිග්රෑම් 56.4ක් තිබෙන බව සොයා ගෙන තිබෙනවා. වෙනත් ආකාරයකට පැවසුවහොත්, දෛනිකව ගර්භණී මවකට අවශ්‍ය යකඩ ප්‍රමාණය ලබා ගැනීමට ආහාරයට ගත යුත්තේ කෙසෙල් මල් ග්රෑම් 50 ක් පමණකි.
    තඹ ඛනිජය වැඩිම ආහාරය (ඒ නිසාම දිනපතා කන්න එපා)
    සාමාන්‍යයෙන් තඹ ඛණිජ ලවනය සුලභම ආහාර ලෙස සැලකෙන්නේ, කකුලුවන්, බෙල්ලන් වැනි ආහාරයි. මේවා ග්රෑම් 100ක තඹ මිලි ග්රෑම් 3 - 4ක් අතර ප්‍රමාණයක් අඩංගු වන අතර, තල ඇට වල මිලි ගරෑම් 2.5ක් ද, කජු මද ග්රෑම් 100ක තඹ මිලි ග්රෑම් 2.2ක් පමණ ද අඩංගු වෙයි. කෙසෙල් මල් ග්රෑම් 100 ක තඹ මිලි ග්රෑම් 13ක් අඩංගු වන අතර, එය තඹ සුලභවම අන්තර්ගතවන ආහාර වල උපරිම අන්තර්ගත වන ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයකටත් වඩා වැඩි වෙයි. තඹ අධිකව ශරීරයට ලබා ගැනීම අතුරු ආබාධ සඳහාද හේතු වන බැවින්, දිනපතා ආහාරයට කෙසෙල් මල් සුදුසු නොවන බව ද මේ අනුව අවධාරණය කළ යුතුව ඇත.
    ආහාර වර්ග ගොඩක ඇති විටමින් සහ ඛනිජ ලවන
    මෙයට අමතර කෙසෙල් මල් පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සෙලෙනියම්, සින්ක් යන ඛණිජ ලවන වර්ග පිරි ආහාරයකි. කෙසෙල් මල්වල අන්තර්ගත තවත් සුවිශේෂි පෝෂණ ගුණයක් වන්නේ මෙහි සුලභව ආහාරමය කෙදි අඩංගු වීමයි. කෙසෙල් මල් විටමින් සී, ඒ, සහ විටමින් ඊ යන ශරීරයට හානි කරන විනාශකාරි නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කිරීමට ද ඉවහල් වන ප්‍රතිඔක්ෂිකාරකි. මෙයට අමතරව කෙසෙල් මල්වල ප්‍රෝටීන් බහුලය.
    කෙසෙල් මලේ විෂබීජ නාශක ගුණය
    කෙසෙල් මල් ආසාදන වලට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි බවට වන පර්යේෂණාත්මක සාක්ෂි ඇත. කෙසෙල් මල තුවාල සුව කිරීමට උපකාරී වන බවත්, කෙසෙල් මල් සාරය මඟින් මැලේරියා පරපෝෂිතයාගේ වර්ධනය වළක්වා ගත හැකි බවත් ඇතැම් අධ්‍යයන මගින් සොයා ගෙන ඇත.
    විද්‍යාඥයින්ගේ අවධානය වැඩිපුරම යොමු වී ඇත්තේ කෙසෙල් මල සතු රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේ ගුණය පිළිබදවය. මේ පිළිබද පර්යේෂණ කිහිපයක්ම සිදුකර ඇති අතර, ඒ සියලු පර්යේෂණවල ප්‍රතිඵල බලාපොරොත්තු ඇති කරවන සුලු වෙයි. ඉන්දියාවේ මයිසූර්හී මධ්‍යම ආහාර තාක්ෂණ පර්යේෂණ ආයතනයට අනුබද්ධ ජෛව රසායන හා පෝෂණ දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින් පිරිසක් සිදු කර තිබෙන පර්යේෂණයකට අනුව, කෙසෙල් මල මෙන්ම කෙසෙල් ගසේ බොඩය ද දියවැඩියා රෝගය සහ තරබාරුව පාලනය කිරීම සදහා සුවිශේෂී ලෙස ක්‍රියාත්මක වන බව සොයා ගෙන තිබෙනවා.
    ප්‍රතිඔක්සිකාරක ගුණ ඉහළයි
    ශරීරය තුළ නිදහස් මුක්ථ ඛණ්ඩක ඇති වීම බරපතළ සෞඛ්‍ය ගැටලු සදහා හේතු වෙයි. වාසනාවකට මෙන්, එම මුක්ථ ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක කෙසෙල් මලෙහි යහමින් තිබෙන බව සොයා ගෙන තිබෙනවා. මේ අනුව අකලට වියපත් වීම, ස්නායු ආබාධ, හදවත් රෝග සහ පිළිකා වැනි සෞඛ්‍ය ගැටළු රැසකට පිළියමක් ලෙස කෙසෙල් මල් භාවිත කළ හැකි වෙයි.
    මනෝභාවය වැඩි කර කාංසාව අඩු කරයි
    📷

    එහි සුලභව අන්තර්ගත මැග්නීසියම් නිසා කෙසෙල් මල්, කාංසාව සහ මානසික අවපීඩනය අඩු කොට මනෝභාවය වැඩි දියුණු කිරීම කරයි.
    ආර්ථව රුධිර වහනය අඩු කරයි
    ඔසප් වීමේ දී ඇතැම් කාන්තාවන්ට අධික වේදනා ගෙන දෙන අතර ඇතැම් කාන්තාවන්ට අධික ලෙස ඔසප් සමඟ රුධිරය වහනය වෙයි. පිසූ කෙසෙල් මල් වැංජන හැන්දක් ඔබේ බත්පතට බොදා ගැනීමෙන් මෙම විශ්මිත ප්‍රතිඵල ලැබිය හැකිය. යෝගට් සමඟ පිසූ කෙසෙල් මල් ශරීරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ද වැඩි කරන අතර ලේ ගැලීම් ද අඩු කරන බව සොයා ගෙන ඇත.
    කිරි දෙන සහ ගර්භිණී මවුවරුන්ට ඉතා ගුණයි
    කෙසෙල් මල් ගර්භනී සහ කිරි දෙන මවකට වස විසවලින් අවම උසස් පෝෂ්‍ය පධාර්ථ ලබා දෙන බවට සහතික කරන ලාබදායි සහ විශ්වාසවන්තම ආහාරයකි. ගර්භනී සමයේ දී ඇතැම් මවුවරුන්ට දියවැඩියා රෝගය වැළදීමේ අවදානමක් තිබෙන බැවින්, එවැනි අවදානමක් මග හරවා ගැනීම සඳහා ද කෙසෙල් මල් ආහාරයට ගැනීම වැදගත්. එමෙන්ම උදෑසන ඔක්කාරය සමනය කිරීමේ ගුණයක් ද කෙසෙල් මල්වල ඇත. තව ද මළ බද්ධය වළක්වන ආහාරයක් ද වන බැවින් ගර්භනී මවුවරුන්ගේ ආහාර වට්ටෝරුවේ සතියකට දෙතුන් වේලක්වත් කෙසෙල් මල් අන්තර්ගත වීම බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ සදහා හේතු වන බව කිව හැකිය. මව්කිරි දීමේදී විශේෂයෙන් නවක මව්වරුන් බොහෝ ගැටලුවලට මුහුණ දෙයි. ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ කිරි සැපයුම අඩු වීමය. කෙසෙල් මල් කිරි සැපයුම වැඩි කරන අතර, නව මව්වරුන්ට තම ළදරුවන් වඩා හොඳින් පෝෂණය කිරීමට උපකාරී විය හැකිය.
    කෙසෙල් මල කිසිදු අතුරු ආබාධයක් නොමැති ආහාරයක් වෙයි. කෙසේ වෙතත් රෝග මර්ධන ඖෂධයක් ලෙස කෙසෙල් මල නිර්දේශ කිරීම සඳහා තව දුරටත් පර්යේෂණ සිදු කළ යුතුව තිබේ.

    (කොළඹ මහ නගර සභාවේ ආහාර සුරක්ෂිතතා සහ ප්‍රවර්ධන ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, ගැමුණු සාලිය පෙරේරා මහතා ලියූ ලිපියකි.)
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    කෙහෙල් මුව රහ් කෑමක් බන්. කොහෙල්මුව පොඩීයට කපලා,බැදලා චිලී පේස්ට් එක වගේ හදන්න පුලූඅන්. හදලා කාලා බලපන් . පට්ට රහයි.
    කරවලත් දාපන් පට්ට
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපි නම් හදනව නිතරම වගේ... බොක නොයන ඖල් වලට හොදයි ඕක. කොස් ඇට ටිකක් දාල පොල් කිරි දාල හදල ගන්න ඕන කරවල ටිකක් දිය වෙන්න දාල.. සිංහලයෙක් වගේ කත හැකි බත් පිගාන්2ක්ම
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඕවා කඩෙන් ගන්න ගියාම අවුල තියෙන්නේ තිත්ත එව්වා සෙට් වෙන එක. ඉස්සර නම් හොරාට මලක් කඩලා කාලා බලනවා .
    දැන් මාස්ක් එක නිසා කරන්න බෑ ඒ වැඩේ