ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්

    ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්

    150914173250_tony_abbott_624x351_getty_nocredit.jpg


    ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කොට තිබේ.
    ඒ අනුව ලිබරල් පක්ෂ නායකත්වයට අලුතින් පත් වූ මැල්කම් ටර්න්බුල් නව අගමැතිවරයා බවට පත් වීමට නියමිතයි.
    නායකත්වය තීරණය කිරීම සඳහා වූ මත විමසුමේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ලිබරල් පක්ෂ සාමාජිකයින්ගෙන් බහුතරයක් ටෝනි ඇබොට් අගමැතිවරයා වෙනුවෙන් ඡන්දය ලබා දී නොමැත.
    අගමැති ඇබට් කෙරෙහි ඕස්ට්‍රේලියානු ඡන්ද දායකයින් අතර පැවති ජන ප්‍රසාදය අඩු වී ඇතැයි වාර්තාකරුවෝ පවසති.

    150914144021_malcolm_turnbull__640x360_ap.jpg


    2013 වසරෙන් පසු ඕස්ට්‍රේලියානු අගමැති ධුරයට පත් වන සිව් වැන්නා බවට මැල්කම් ටර්න්බුල් පත් වේ.
    අගමැති ඇබට් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරයා වෙත බාර දුන් පසු මැල්කම් ටර්න්බුල් නව අගමැතිවරයා වශයෙන් ධුරයේ දිව්රුම් දීමට නියමිතයි.
    මීට ඉහතදී ලිබරල් පක්ෂ නායකත්වය අභියෝගයට ලක් වී ඇති බවට පල වූ වාර්තා අගමැති ඇබට් ප්‍රතික්ෂේප කළේය.
    මැල්කම් ටර්න්බුල්, ඇබට් අගමැතිවරයාගේ ආණ්ඩුවේ සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.
    අගමැති ධුරයට පත් වීමට නියමිත මැල්කම් ටර්න්බුල් වෘත්තියෙන් නීතිඥවරයෙක්.

    BBC