ඕස්ට්‍රේලියාවට පහරදුන් සිoහල මීමුත්තන්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕස්ට්‍රේලියාවට පහරදුන් සිoහල මීමුත්තන්

    1882 සිට සිoහලුන්ට ඕස්ට්‍රේලියාවේ අයිතියක්. කැන්ගරු සුද්දන් වලදැමූ සිoගරුන්ගේ ඉතිහාසය....
    :shocked::shocked::shocked::shocked::shocked:

    සුද්දන්ට ගව් ගාණක් දුවන්න සිංහලයන් පහර දුන්
    බර්නට් සටන

    1319da5f_32188_P_5_mr.jpg

    සිංහලයන් ඔස්ට්‍රේලියා භූමියට ගොඩ බැස්ස බර්නට් නදිය අසල පැරණි ප්‍රදීපාගාරය. දැන් එය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබේ.

    ඔස්ට්‍රේලියානු ඉතිහාසඥයන් Battle of Burnett (බර්නට් හි සටන) ලෙස හඳුන්වන ගැටුමක් වර්ෂ 1882 නොවැම්බර් 17 වැනි දින ඔස්ට්‍රේලියානු භූමියේ සිදුව තිබේ. ඔස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ Burnett ගංගාව අසල පිහිටි බන්ඩාබර්ග් (Bandaburg) හි දී මේ සටන සිදු ව ඇත. ශ්‍රී ලංකාවේ අපට ‘බර්නට් සටන’ වැදගත් වන්නේ සටන සිදුව තිබෙන්නේ සුදු ඔස්ට්‍රේලියානුවන් හා සිංහලයන් අතර බැවිනි.
    එම ප්‍රාන්තයේ උක් වගාබිම්වල කම්කරුවන් ලෙස කොන්ත්‍රාත් පදනම මත එහි ගිය සිංහලයන්ට පහර දීමට සුදු ජාතිකයන් පිරිසක් උත්සාහ කිරීමත් සමග මේ ගැටුම ඇතිව තිබේ.
    ඉතා කෙටි කාලයක් තුළ ගමන සඳහා 525 දෙනකු එක් කර ගැනීමට කොලිෆීල්ඩ් හා ඔහුගේ දේශීය ඒජන්තයන් සමත්ව තිබේ. පවුල් පිටින්ම ද කිහිප දෙනකු එක්ව තිබේ.
    ශ්‍රමිකයන් ඇණවුම් කළ සුදු වැවිලිකරුවන් ඔවුන්ව භාර ගැනීමට මුලින්ම පැමිණ තිබේ. සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ තොරතුරු සටහන් කර ගැනීමෙන් පසු ඔවුන්ට අංක ලබා දී ඇත. අනතුරුව ඔවුන් තම තමන්ගේ හාම්පුතුන් සමග වගා භූමි කරා යෑමට පිටත් වී තිබේ. එහෙත් මේ වෙද්දී Anti-coole League හි සුදු ජාතික සාමාජිකයන්ගේ විශාල පිරිසක් පොලු රැගෙන ඔවුන්ට පහර දීමට පැමිණ තිබේ. වර්ෂ 1882 නොවැම්බර් 20 වැනිදා Brisbane Courier-Mail පුවත්පතට අනුව ඉන් අනතුරුව සිදුවී ඇත්තේ මෙයයි.

    ‘‘සිංහලයෝ හෙමිහිට පසුබැස්සෝය. අනතුරුව ඔවුන්ගේ පිහි අමෝරාගෙන සුද්දන් දෙසට ඇදුනෝය.’’

    ගැටුමේ අවසන් ප්‍රතිඵලය ලෙස පුවත්පත් වාර්තා සඳහාත් කරන්නේ සුදු ජාතිකයන් ‘ගවු’ (League) ගාණක් ඈතට පලාගොස් බේරී ඇති බවය.


    http://epaper.aruna.lk/Home/ShareArticle?OrgId=e9b0d658&imageview=0

    මුන් සුද්දියන් එක්ක මිශ්‍ර උනේ නැත්තම් සිoහල යනු ඕස්ට්‍රේලියාවේ සුලු ජාතියක් වීමට තිබුණි.මෙහෙ උන් බලන් ඉන්නෙම සුද්දියන්ට අනින්නනේ :frown:.....:sorry::sorry::sorry:

    rep plz............:):):)
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    මුන් සුද්දියන් එක්ක මිශ්‍ර උනේ නැත්තම් සිoහල යනු ඕස්ට්‍රේලියාවේ සුලු ජාතියක් වීමට තිබුණි..............
    එහෙම උනානම් කොහොම වෙයිද
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    එහෙම උනානම් ඔස්ට්‍රේලියාවත් ලංකාව වගේ සමුර්දිමත් (සමුර්දිය දෙන) රටක් වෙයි.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    ‘‘ ඕස්ටේ‍්‍රලියාවට බෝට්ටුවෙන් එන්න එපා’’ කියල කියන්නෙ එ්ක තමයි එහෙනම්, තාමත් බය ඇති, මුං රොත්ත පිටින් ඇවිල්ල උන්ට කෙළියි කියල.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,103
    113
    Panadura
    ‘‘ ඕස්ටේ‍්‍රලියාවට බෝට්ටුවෙන් එන්න එපා’’ කියල කියන්නෙ එ්ක තමයි එහෙනම්, තාමත් බය ඇති, මුං රොත්ත පිටින් ඇවිල්ල උන්ට කෙළියි කියල.

    :lol: :lol: :lol:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    ‘‘ ඕස්ටේ‍්‍රලියාවට බෝට්ටුවෙන් එන්න එපා’’ කියල කියන්නෙ එ්ක තමයි එහෙනම්, තාමත් බය ඇති, මුං රොත්ත පිටින් ඇවිල්ල උන්ට කෙළියි කියල.

    දැන් ප්ලේන් එකේ රොත්ත පිටින් යන්නේ :lol:
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    ‘‘ ඕස්ටේ‍්‍රලියාවට බෝට්ටුවෙන් එන්න එපා’’ කියල කියන්නෙ එ්ක තමයි එහෙනම්, තාමත් බය ඇති, මුං රොත්ත පිටින් ඇවිල්ල උන්ට කෙළියි කියල.

    :lol::lol::lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Sinhalese is also considered as one of minor languages in Aus for a long time. It was considered as tribal language. Now I know reason. Even in recent times in 70s there was a sinhalese radio programme of fifteen minutes.