ඕස්ට්‍රේලියාව ලංකාවට පැමිණීම ගැන වැට උඩ...

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ඕස්ට්‍රේලියාව ලංකාවට පැමිණීම ගැන වැට උඩ...

ශ්‍රී ලංකාව තුළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් යොදා ඇති ආරක්ෂක විධිවිධාන පිළිබඳව සෑහීමට පත්වෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක පීටර් යන්ග් මහතා පවසයි.
1952269488ca2222.jpg

එවැනි තත්ත්වයක් තුළ ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා සංචාරය සඳහා එකඟත්වය පළනොකිරීමට හේතුවක් නොමැති බව ඒ මහතා පෙන්වාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

චැනල් 4 නාලිකාව මගින් විකාශය කරන ලද ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව කියන දර්ශන රැගත් ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන ඒ. බී. සී මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය වීමත් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවීම පිළිබඳව කරුණු ඉදිරිපත් විය.

මේ අතර ශ්‍රී ලංකා රජයේ ක්‍රියා කලාපය පිළිබඳව අප්‍රසාදයට පත් ඇතැම් ක්‍රීඩකයින් සීමිත පන්දු වාර හෝ ටෙස්ට් සංචිතයට ඇතුළුවීම සම්බන්ධව අකමැත්ත පළකර ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගම‍යේ ප්‍රධාන විධායක පෝල් මාර්ෂ් ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු රජයේ තීරණය මත ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
 
sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home

මේ අතර ශ්‍රී ලංකා රජයේ ක්‍රියා කලාපය පිළිබඳව අප්‍රසාදයට පත් ඇතැම් ක්‍රීඩකයින් සීමිත පන්දු වාර හෝ ටෙස්ට් සංචිතයට ඇතුළුවීම සම්බන්ධව අකමැත්ත පළකර ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගම‍යේ ප්‍රධාන විධායක පෝල් මාර්ෂ් ප්‍රකාශ කර තිබේ.

:angry::angry: enna barinam inna tiyenne unta baya gullo api eng ekka last eka win karala Aus lata match 5ma gahuwoth api rank num1:)