කංකුන් , කංකුං / Ipomea aquatica / Kankun

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    කංකුන් , කංකුං / Ipomea aquatica / Kankun
    7814EA4C-2E3D-49B6-8B94-7132FC7348B5.jpeg

    සිංහලෙන් කංකුන් , ශත පර්වි , ශක පර්වා ලෙසටද ප්‍රාදේශීය වශයෙන් වෙල්පලා නමින්ද හදුන්වනු ලබන කංකුන් සදහා සංස්කෘතෙන් කාලම්බි , කරෙමු නමින්ද දෙමලෙන් සර්කරීවල්ලී , නාලිකාම් , වල්ලිකොටි ආදී නාමයන් ගෙන් හදුන්වන කංකුන්වලට ඉංග්‍රීසියෙන් River Spinach , Water Morning Glory , Water Spinach කියයි. Convolvulaceae කුලයට අයත් කංකුන් ශාකය ඖෂධීය බවින්ද යුක්තයි.
    46B0334A-99E2-4F1C-9A3F-A11478E14541.jpeg

    ජලයේ හො තෙතමනය හොදින් ඇති ස්ථානවල පහසුවෙන් හා මනාව වැඩෙන්නකි කංකුන් ශාකය . කද 2 - 3 mක් හො ඊට වඩා දිගු වන අතර කදේ මැද හිස් බවින් යුතුය. කංකුන් කොල ඊතල ( සැජිටේට්) හැඩයක් ගන්නා අතර යම් වෙනස් වීම්ද යුතු පත්‍රද දැකිය හැකිය. සිහින් දිග පත්‍ර වල මුල් කොටස පළල් වන අතර අග්‍රය දෙසට යන විට ක්‍රමයෙන් සිහින් වෙයි. හරිත වර්ණ පැළෑටියක් වන කංකුන් ඇතැමිවිට පඳුරු ලෙසද සරුවට වැඩෙනු දැකිය හැකිය. හොඳින් වැඩුණු පැළෑටියක් අඩි 1 1/2 ක් පමණ උසට වැඩෙයි. දණ්ඩේ පුරුක් රාශියකි. පුරුක් අසලින් සුදු පැහැති ආගන්තුක මුල් හටගතී. පුෂ්පය සුදු පැහැති වන අතර පුෂ්පයේ පහළ කොටස නාලාකාරවත් මුකුට දාරය රැලි සහිත වෙයි. මල් පරවී පුන්චියට නටුවක් සහිතව ගෙඩියක් හටගනියි. එතුල ඇති බීජ මගින් වගාවන් සරිකර ගත හැකි එක් ක්‍රමයකි. අතු කැබැලි මගින් පහසුවෙන් වවා ගත හැකි කංකුන් ශාකය ලංකාව , ඉන්දියාව , පිලිපීනය , වියට්නාමය , ඉන්දුනීසියාව ආදී බොහො රටවල දැකිය හැකිය. කංකුන් වල තවත් ප්‍රබේද අදවන විට ඇති අතර ඖෂධීය වශයෙන් පත්‍ර හීං වර්ගය හා පත්‍ර පළල් වර්ගය බහුලව යොදාගනියි.
    93B5E6D2-BCE4-4CB7-AA0A-654E5DA1F2C6.jpeg

    ශරීර ශක්තිය වඩන හා ඇට මිදුලු වඩන වගේම ලේ සහ ශුක්‍ර ධාතු වඩන පෝෂණ ගුණ සපිරි කංකුන් ගැබිනි මවුවරුන්ට වාගේම දරුවන්ටද විශේෂයෙන් ගුණදායක වෙයි. මවුවරුන්ට මවුකිරි වඩන්නට මෙන්ම දරුවන්ගේ ඇස් පෙනීමට , වර්ධනයට , කෙස්වල වර්ධනයටද සමේ ශක්තිය ඇතිකිරීමටද කංකුන් වඩාත් හේතු වෙයි. ශරීර ශක්තිය දුර්වල වු අයගේ ශක්තිය වැඩිකරලීමටද කංකුන් වඩාත් ගුණදායක වන අතර නිතර අහාරයට ගැනීම තුළින් ශරීර වර්ධනයද සිදු වෙයි. ශාරීරික විෂ සමනයටද ලේ පිරිසුදු කරලීමටද කන්කුන් විශිෂ්ට ඖෂධාහාරයක් සේ සදහන් කල හැකිය.

    ඔසු පිණිස සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගන්නා අතර කංකුන් වල ගුණ කර්ම මෙසේ සදහන් වෙයි. රස - මධුර ගුණ - ශීත, ගුරු වීර්ය - ශීත විපාක - මධුර ආදී ලෙසටයි.

    * ලේ විෂ වූ විට කංකුන් කොටා මිරිකා යුෂ මේස හැදි දෙකක් පමණ බීම ගුනදායකය.
    * ශක්තිය වර්ධනයට එලගිතෙලින් බැද ආහාරයට ගැනීම සුදුසුයි.
    * පීනසටද කංකුන් මැල්ලුමක් ලෙසට හො එලගිතෙලින් බැද ආහාරයට ගැනීම සිදුකරයි.
    * කන්කුන් කොළ අඹරා දෙහි ඇඹුලෙන් අනා ගෑමෙන් කුෂ්ඨ ද සුව වෙනවා.
    * මලබද්ධයට ගුණ දෙන කන්කුන් බඩේ අමාරු අවස්ථාවල ආහාරයට නොගත යුතුමයි.
    * පනු රෝග සදහා අක්මා රෝග සදහා මෙන්ම දියවැඩියාවටද ආහාර ලෙස ගැනීම සුදුසුයි.
    * අර්ශස් , දියමැටියන් කෑම , පීනස හා පාසානම් විෂ ශරීරගත වූ පසු ආහාර සේ ගැනීම ඖෂධීය බවක් වෙයි.

    කංකුන් විවිධාකාර වශයෙන් මිනිසුන් ආහාරමය භාවිතයට යොදා ගන්නා අතර වස විස නැති ගමේ පලාවක් ලෙසට බහුතරයක් දෙනා කංකුන් ආහාරයට ගැනීමට ප්‍රියයි. කංකුන් තෙම්පරාදුවට ඒවගේම ඩෙවල් ලෙසට ව්‍යංජනයට මෙන්ම පරිප්පු සමගද ආහාරයට ගනියි. ප්‍රාදේශීය වශයෙන් කංකුන් යොදා ක්‍රම රාශියකට ආහාර පිනිස භාවිතය බහුලව දැකිය හැකි වෙයි.
    ඔසු විසිතුරු කෘති හා ඔසු පැල දෙපාර්තමේන්තුව පිටුවේ මෙන්ම අන්තර්ජාලයෙන්ද තොරතුරු ගෙන සැකසුනකි ...
    මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමට උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුම ද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් යුතුකම ඉටුකරන්න මහී දෙවගනගේ ආරක්ෂාව තහවුරු කරලීමට 🙏 🙏 🙏 ....

    බෙහෙත් පිටුවෙනි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    මලබද්ධයට සුපිරිම කෑමක් තමා..ඔය එක එක අයගේ method ෆලෝ කරලා මස් විතරක් කාලා මලබද්ධය හදාගෙන විදවන අයත් කංකුන් සුදු ළූණු ටිකක් දාලා හදලා කාලා බලන්න වෙන දේ..:D
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    kankun thel dammama patta rasai.
    kankun thel dala, chicken kaluwata sarata uyala, parippui, papadamak ehema badala thibbanam........... mmmm mmmmm

    බත් මරන්න ඇහැකි

    පට්ටම ආස කෑමක් :love2: (y)

    තොට මොන කන්කුන්ද
    පුන්නක්කු ටිකක් කාල ඉදපිය ගොනා :dull:
    ------ Post added on Jan 3, 2023 at 4:25 PM