කක්කා බෙට්ටකට $39000ක් මිලක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    468406569_10231653663837238_5412295742059244987_n.jpg



    ඔබේ කක්කා බෙට්ට කිසිම වටිනාකමක් නැති බෙට්ටක් උනත් $39000 කට තක්සේරු වූ වටිනා බෙට්ටක් ගැන වාර්තා වෙනවා..
    මේ බෙට්ට පෞරාණික බෙට්ටක්.. මෙතක් වාර්ථා වී ඇති පොසිල මිනිස් බෙටි අතරින් විශාලම බෙට්ට මෙයයි..

    දිගින් අඟල් 8ක් ද වට ප්‍රමාණයෙන් අඟල් 2ක් ද වන මේ බෙට්ට 9 වෙනි සියවසට අයත් බවයි සඳහන් වන්නේ..

    1972 දී එංගලන්තයේ ගොඩනැගිලි ඉදිකරන්නන් විසින් පොලව කැනීමේදී සොයාගන්නා ලද මේ බෙට්ට මිට අවුරුදු 1200කට පෙර ඒ ප්‍රදේශය පාලනය කල ආක්‍රමණකාරී වයිකිං වරයෙකුට අයත් බෙට්ටක් බවටයි සැලකෙන්නේ..

    මේ බෙට්ටේ හිමිකාර වයිකිං වරයා ප්‍රධාන වශයෙන් මස් සහ පාන් ආහාරයට ගෙන ඇති බවත් ඔහුගේ බෙට්ට පරීක්ෂා කල විශේෂඥයන් පවසන අතර ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මේ බෙට්ට පරපෝෂිත පනුවන් වර්ග වලින් ගහන වීම නිසා මේ බෙට්ටේ හිමිකාර වයිකිං වරයා නොයෙකුත් ජීර්ණාඅබාධ වලින් පීඩා විඳිමින් සිටි කෙනෙක් බවයි..

    2003 වර්ෂයේදී මේ බෙට්ට නැරඹීමට පැමිණි කෙනෙක් එය අතට ගෙන පරීක්ෂා කිරීමට යාමේදේ බිමවැටී කෑලි තුනකට කැඩී යෑම නිසා පහත ඡායාරූපයේ පෙනෙන ආකාරයට නැවත එක්ලස් කර මහජන ප්‍රදර්ශනයට තබා තිබෙනවා..

    ඉතින් ඔබ ඊලඟ වතාවේ යමකට හෝ කෙනෙකුට " හැපූ ඕක නම් හරිම කක්කා බෙට්ටක් "යැයි පවසන විට $39000ක් වටිනා කක්කා බෙටිත් තියෙන බව සිහියේ තබාගන්න..