ගුවන්මංකොල්ලය

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගුවන්මංකොල්ලය

    ඒ 1971 නොවැම්බර් මාසයේ 24 වන දින සවස් වරුව විය. Dan Cooper යනුවෙන් තමන්ව හඳුනා ගත් මනාව හැඳ පැළදි පුද්ගලයෙක් ඇමරිකාවේ ඔරිගොන් හි පිහිටි පෝට්ලන්ඩ් ගුවන් තොටුපලට පැමිණ වොෂින්ටන්හි සියැටල් වෙතට යාමට “නෝත් වෙස්ට් ඔරියන්ට්“ (North West Orient) ගුවන් සේවයේ අංක 305 දරණ ගුවන් යානයේ ටිකට්පතක් වෙන් කර ගත්තේය.
    1qCOGFx.png

    මෙම ගමන සඳහා විනාඩි 30 ක් පමණ ගත වේ. මෙවර ගමන සඳහා යොදවා තිබුණේ බෝයිං 727-100 වර්ගයේ ගුවන් යානයකි. ඔහුට 18 C ආසනය වෙන් වී තිබිණ. අඩි 5 අඟල් 10 ක් පමණ උසවු මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ක් පමණ වුවෙකියි පසුව මගීන් විසින් සඳහන් කරන ලදී.

    ගුවන් යානයේ ආසන වලින් තුනෙන් දෙකක් පමණ පිරුණ පසු හරියටම පස්වරු 2 යි30ට යානය ගුවන් ගත විය. මේ අවස්ථාවේ දී කූපර් තම ආසනයට ආසන්නයෙන්ම තිබූ කුඩා ආසනයේ වාඩි වී සිටි ෆ්ලොරන්ස් සැෆ්නර් (Florence Schaffner) නැමති ගුවන් සේවිකාවට යමක් සටහන් කළ කඩදාසි කැබැල්ලක් දුන්නේය. මේ තනිවූ ව්‍යාපාරිකයා තමාට ඔහුගේ දුරකථන අංකය දුන්නේ යැයි සිතූ ගුවන් සේවිකාව එය විවෘත නොකරම අතු බෑගය තුලට දමා ගත්තා ය. මෙය දුටු කූපර් ගුවන් සේවිකාවට කොඳුරමින් පවසා සිටියේ “ඔබ එම සටහන කියවීම සුදුසුයි. මා ළඟ බෝම්බයක් තිබෙනවා“ යනුවෙනි.

    සේවිකාව විසින් සටහන කියවනු ලැබීය. ඉතාම පැහැදිලිව ඉංග්‍රීසි කැපිටල් අකුරින් සටහනක් තබා තිබුනේ “මා සතුව බෝම්බයක් ඇත. අවශ්‍ය වුවහොත් එය භාවිතා කිරීමට හැකිය. ඔබ කළ යුත්තේ කලබල නොමැතිව මා අසලින් වාඩි වීමයි. දැනටමත් ඔබව ගුවන් කොල්ලකෑමකට හසු වී ඇත“ යනුවෙනි.

    මෙය කියවූ ගුවන් සේවිකාව ඔහු අසලින් වාඩි වී බෝම්බය පෙන්වන ලෙස ඉල්ලා සිටියා ය. ඔහු අත තිබූ බෑගය විවර කර ගුවන් සේවිකාවට බෝම්බය පෙන්වා යළිත් එය වසා දැමුවේය. ඉන්පසු ඔහුගේ ඉල්ලීම් ඉදිරිපත් කලේය. ඩොලර් ලක්ෂ දෙකක ඇමරිකාවේ හුවමාරු කළ හැකි මුදලකුත්( 2015 වර්ෂයේ වටිනා කම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1.2 ක පමණ ප්‍රමාණයකි) , පැරෂුට් 4 ක් සහ සියැටල් වෙත ගොඩ බෑ පසු යානයට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන බවුසරකුත් ඔහුගේ ඉල්ලීම් විය. ගුවන් සේවිකාව විසින් ඒ ඉල්ලීම් ගුවන් යානයේ නියමුවාට දැනුම් දෙන ලදී.

    ගුවන් යානයේ නියමුවා ලෙස කටයුතු කල විලියම් ස්කොට් සියැටල් හි ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය හරහා අධිකාරීන් දැනුවත් කළ අතර යානයේ සිටි ඉතිරි මගීන් 36 දෙනාට දැනුම් දුන්නේ සුළු කාර්මික දෝෂයක් හේතුවෙන් යානය ප්‍රමාද වන බවයි. ගුවන් සේවයේ සභාපති වරයා මෙම කප්පම් මුදල ලබා දීම අනුමත කරන ලද අතර සියළුම නිලධාරීන්ට කොල්ලකරුවා සමග සහයෝගයෙන් කටයතු කරන ලෙසට උපදෙස් දෙන ලදී. ගුවන් යානය පැය දෙකක් පමණ ගුවනේ සැරි සරමින් සිටියේ පොලිසියට සහ එෆ් බී අයි නිලධාරීන්ටත් අනෙකුත් හදිසි අවස්ථා නිලධාරීන්ටත් කප්පම් මදුල සහ පැරෂුට් සූදානම් කර ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා ය.

    සැෆ්නර් නැමති ගුවන් සේවිකාවට අනුව මෙම කොල්ලකරුවා ඉතා හොඳින් සහ පැහැදිලිව ඉංග්‍රීසි කථා කල අතර කලබලයකින් තොරව ප්‍රියමනාම ලෙස හැසිරී ඇත. තවත් ගුවන් සේවිකාවක් මෙය ස්ථිර කළාය.සියැටල් හි නිලධාරීන් ප්‍රදේශයේ බැංකු කිහිපයකින් ඩොලර් 20 නෝට්ටු 10,000 ක් ලබා ගෙන කප්පම් මුදල එකතු කළහ. ඒ බොහොමයක් මුදල් නෝට්ටු L අකුරින් ආරම්භ වූ අතර සියළුම නෝට්ටු ඡායාරූප ගත කරගන්නා ලදී. මේ අතර කූපර් විසින් හමුදාවෙන් ලබා දුන් පැරෂුට් ලබා ගැනීම ප්‍රතික්ෂේප කල අතර බලධාරීන් විසින් ප්‍රදේශයේ පැරෂුට් පුහුණු පාසලකින් ඒවා ලබා ගෙන කූපර් ට ලබා දුනි.



    පස්වරු 5 24 ට පමණ කූපර්ගේ ඉල්ලීම් සියල්ල සූදානම් බව දන්වන ලද අතර 5 39 ට පමණ ගුවන් යානය සියැටල් ගුවන් තොටුපල වෙත ගොඩ බස්සවන ලදී. කූපර්ගේ ඉල්ලීම පරිදි හුදකලා වූ ස්ථානයක ගුවන් යානය නවත්වන ලදී. ඉන්පසු ඔහු ඉල්ලූ සියල්ල ඒ ආකාරයෙන්ම ඔහුට ලැබිණ. සියල්ල ලැබුණ පසු ඔහු විසින් සියලූ මගීන් සහ ගුවන් සේවිකා සැෆනර්ත් ප්‍රධාන ගුවන් සේවිකා ඇලිස් යන අයත් නිදහස් කරන ලදී.


    ගුවන් යානය ඉන්ධන ලබා ගන්නා අවස්ථාව

    කූපර් විසින් ගුවන් සේවා ක්ෂේත්‍රෙය් පරිණත පුද්ගලයෙකු සේ සියළු තාක්ෂණික කරුණු දක්වමින් යානය පැදවිය යුතු ආකාරය පිළිබඳව නියමුවාට විස්තර කරන ලදි. ඒ අනුව පැය කිලෝමීටර් 190 ක පමණ වේගයෙන් අඩි 10000 ක් ඉහළින් පියාසර කළ යුතු වූ අතර “වින්ග් ෆ්ලැප්ස්“ අංශක 15 ක ආනතියට තබා ගත යුතු විය. ඒ වගේ ගුවන් යානයේ රෝද නොහැකිලිය යුතු වූ අතර පසුපස දොර විවෘතව තැබිය යතුය. (මෙම ගුවන් යානයේ පසුපසින් භාණ්ඩ ඇතුලත් කිරීම සඳහා විශාල දොරක් පිහිටා තිබුණේය. ) කෙසේ වතත් එසේ විවෘත ව තබා ගුවන් ගත වීම අනතුරුදායක බව බලධාරීන් සඳහන් කළ අතර කූපර් එය වාසා තබා ගුවන් ගත වීමට එකඟ විය. ගුවන් යානය තුළ වායු පීඩනයක් ඇති නොකල යුතු විය. ගුවන් යානයේ එක් වරක් ඉන්ධන ලබා ගැනීමෙන් පසු ගමන් කළ හැකි දුර කිලෝ මීටර් 1000 ක් පමණ වූ නිසා මෙක්සිකෝවට යාමට පෙර නෙවාඩා හි දී යලි ඉන්ධන ලබා ගැනීමට තීරණය විය.


    කෙසේ හෝ අවසානයේ දී සියල්ල සැළසුම් කිරීමෙන් පසුව පස්වරු 7 40 ට යානය ගුවන් ගත වූයේ නියමුවා , සහාය නියමුවා. ගුවන් ඉංජිනේරුවා සහ එක් ගුවන් සේවිකාවක් සමග ය. මේ අතර අසල ගුවන් හමුදා කඳවුරෙන් පිටත් වූ යුධ ගුවන් යානා දෙකක් මෙම ගුවන් යානයට ඉහළින් හා පහළින් ගමන් කිරීම සිදු විය. මෙම යානා එසේ ගමන් කලේ කූපර් ට නොපෙනෙන පරිදිය.

    යානය ගුවන් ගත වී ස්වල්ප වේලාවකින් සියළු දෙනාටම නියමු කුටියේ රැඳෙන ලෙස උපදෙස් දුන් කූපර් යානයේ පසුපසට ගියේය. රාත්‍රී 8 ට පමණ පසුපස දොර විවෘත වන බවට නියමු කුටියේ අනතුරු සංඥා දැල් විණ. ටික වේලාවකින් යානයේ පීඩන වෙනසක් සිදු වූයේ පසුපස දොර විවෘත වූ බව පසක් කරමින්.

    කෙසේ හෝ රාත්‍රී 8 13 ට පමන යානයේ පසුපස කොටස ඉහළට එසවුණ බවක් නියමුවාට දැනී තිබිණ. අවසානයේ දී රාත්‍රී 1015 ට පමණ යානය කළින් සැළසුම් කළ පරිදි නෙවාඩා හි Reno ගුවන් තොටුපළ ට ගොඩ බැස්ස වීමට නියමුවන් ට හැකි විය. ඒ විගසම පොලිසියෙන් සහ අනෙක් නිලධාරීන් ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් යානය වට කර ගත් අතර ක්ෂණිකව සිදු කරන ලද පරීක්ෂෘවකින් පසුව කූපර් තව දුරටත් යානයේ නොමැති බව තහවුරු කර ගන්නා ලදී.

    ඉන්පසුව FBI නිලධාරීන් විසින් දිගින් දිගටම පරීක්ෂණ සිදු කරන ලද අතර බොහෝ තොරතුරු රැස් කර ගන්නා ලදී. බොහෝ පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ කරන ලදී. D’ B Cooper යනුවෙන් හැඳින් වූ පුද්ගලයෙකුගෙනුත් ප්‍රශ්ණ කරන ලද අතර මාධ්‍යෙව්දියෙක් විසින් මේ බව විගසින් වාර්තා කරන ලදී. ඉන් පසු දිගින් දිගටම මෙම නම D.B. Cooper ලෙසටම භාවිතා කළ අතර අවසානයේ දී සෑබෑ කොල්ලකරුවා ටිකට් පත ලබා ගැනීමේ දී ලබා දුන් නම වූ Dan Cooper යන්න D B Cooper ෙලසටම ස්ථිර විය.

    මේ අතර කොල්ලකාරුවා සමග කථා බහ කළ අය දුන් තොරතුරු අනුව FBI ආයතනය විසින් ඔහුගේ රුව සිතුවමට නගන ලදී. ලොව පුරාම මෙම රූපය ප්‍රසිද්ධ කළ අතර එයින්ද ඔවුන්ට හෝඩුවාවක් සොයා ගැනීමට අපහසු විය.


    1975 දී ඇමරිකානු අධිකරණයක් විසින් ගුවන් සමාගමේ රක්ෂණ නියෝජිතයාට ලබා දුන් උපදෙස් අනුව ඔවුන් විසින් ගුවන් සමාගමට ඩොලර් 180,000 ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලදී.

    කෙසේ වෙතත් ඉතා පුළුල් ලෙස පරීක්ෂණ සිදු කල අතර අද වන තුරුත් මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඇමරිකාව අසමත් වී ඇත. 1980 දී පමණ බ්‍රයන් ඉන්ග්‍රම් නැති පිරිමි ළමයෙක් මුදල් නෝට්ටු වලින් ඩොලර් 20 නෝට්ටු 100 ගොනු දෙකක් හා 90 සහිත ගොනුවක් වොෂින්ටනයේ කොළොම්බියා ගඟ අසලින් සොයා ගන්නා ලදී. ඉන්පසු ඒ ප්‍ර දේශයේ ද පිරික්සුම් කටයුතු සිදු කළද කිසිදු තොරතුරක් හමු නොවීය.

    1986 දී පමණ ඉහත සොයාගන්නා ලද මුදලින් අඩක් ඉන්ග්‍රම් ට ලබා දෙන ලද අතර ඉතිරි මුදල රක්ෂණ සමාගමට ලබා දෙන ලදී. FBI විසින් නෝට්ටු කීපයක් පරීක්ෂණ සඳහා තබා ගන්නා ලදී. ඉන්ග්‍රම් ට ලබා දෙන ලද මුදල් නෝට්ටු අතරින් 15 ක් වෙන්දේසි කරමින් ඩොලර් 37,000 ක් ලබා ගන්නා ලදී.

    අද වනතුරුත් මෙම කොල්ලකරුවා සොයා ගැනීමට ඇමරිකාව අසමත් වී ඇති අතර මුදල් නෝට්ටු වලින් 9710 ක් තවමත් සොයා ගෙන නොමැත. FBI ආයතනය විසින් තවමත් මේ පරික්ෂණය සිදු කරනු ලබන අතර පහත වෙබ් අඩවියෙන් මෙම මුදල් නෝට්ටු වල අංක පරීක්ෂා කිරීම සිදු කළ හැක.


    ඩී බී කූපර් යන චරිතය ඇමරිකාව තුල තවමත් කථාවන එකකි. සමරු ඵලක, රාත්‍රී භොජන ආදිය ඔහු වෙනුවෙන් සිදු කරන දේවල් අතර වේ. ඒ වගේම Prison Break, White Collar, NewsRadio, සහ Numb3rs වැනි රූපවාහිනි මාලා නාටක වලට ඔහුගේ චරිතය දායක වී ඇත.
    මෙම සිද්ධියට සම්බන්ධ ගුවන් යානය 1978 දී නෝර්ත් වෙස්ට් ගුවන් සමාගම විසින් වෙනත් ගුවන් සමාගමකට විකුණා දමන ලදී. ඔවුන්ද එය 1984 දී තවත් ගුවන් සමාගමකට විකුණන ලද අතර 1996 දී මෙම ගුවන් යානය අමතර කොටස් ලබා ගැනීම සඳහා කැබලි කරන ලදී.
    article-0-0D3C061B00000578-228_634x367.jpg

    ඇමරිකානු ගුවන් සේවා අධිකාරිය විසින් මෙම ගුවන් යානා වර්ගයේ පසුපස දොර ගුවනේ දී විවෘත කිරීමට නොහැකි වන සේ තාක්ෂණ ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස බෝයිං සමාගමට දන්වන ලද අතර ඒ අනුව ඔවුන් විසින් ඒ සඳහා ස්විචයක් සකසන ලදී. ඒව නියමුවන් හා නිලධාරීන් අතර ජනප්‍රිය වූයේ “ඩී. බී. කූපර් “ ස්විචය ලෙසයි. ඉතා කුඩා ගුවන් සමාගම් ප්‍රමාණයක් මෙම හඳුන්වා දීම ඇතුලත් කර ගත් මුත් බොහෝ ගුවන් සමාගම් පසු පස දොර වෙල්ඩින් කර සම්පූර්ණයෙන් වසා දමන ලදී.


    ඒගැන සැකසුන වාර්තා වැඩසටහනක්
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් හිතනව මොකද මූ මේ සල්ලි ලෝකයේ කොහෙන්වත් මාරු කරල නෑලු

    අරුන් ටික දෙන්න ඇති දිග ඇරෙන්නේ නැති පැරෂුට් එකක් :rofl:
     

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    D’ B Cooper යනුවෙන් හැඳින් වූ පුද්ගලයෙකුගෙනුත් ප්‍රශ්ණ කරන ලද අතර මාධ්‍යෙව්දියෙක් විසින් මේ බව විගසින් වාර්තා කරන ලදී

    ugen prasna kale khomada?
     

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    D’ B Cooper යනුවෙන් හැඳින් වූ පුද්ගලයෙකුගෙනුත් ප්‍රශ්ණ කරන ලද අතර මාධ්‍යෙව්දියෙක් විසින් මේ බව විගසින් වාර්තා කරන ලදී

    ugen prasna kale khomada?

    hari hari prasne wisaduna

    Where did “D.B.” come from? It was apparently a myth created by the press. We did question a man with the initials “D.B.” but he wasn’t the hijacker.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඩොකියුමෙන්ට්‍රියේ හැටියටනම් මූ වතුරට වැටිච්ච සීන් එකක් නේද තියෙන්නේ..:baffled:
    මූ ප්ලයිට් එකෙන් පැනල තියෙන්නෙත් සාමාන්‍ය ඇඳුමක් ඇඳන්, ගොගල්ස්, ග්ලවුස් මුකුත්ම නැතුව රෑක..:eek: ඉතින් ඒ වෙලාවෙ තිබුණ සීතලත් එක්ක වතුරට වැටුණාම සල්ලි බෑග් එකේ බරයි පැරෂුට් එකේ ලට්ට ලොට්ටයි එක්ක ගොඩ එන්න අමාරු සීන් එකක් වීඩියෝ එකේ කියන්නේ..:confused: ඒත් හැබැයි බොඩියට වෙච්ච දේකුත් නෑලු..:shocked:
     

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    I asked Miss Cooper about Dan Cooper’s attitude. He was very polite and cordial to flight attendant Florence Shaffner to whom he passed the note and from whom he ordered his drinks. At no point during the hijacking was he ever loud, angry or aggressive toward the passengers or crew. Miss Cooper relayed to me that he had not been raised that way and it wasn’t in him to be that way towards other people. He was a nice, easy going guy who smiled a lot.

    We discussed the jump from Flight 305…. The flight attendant saw the hijacker strapping something to his body just before jumping from the plane. Miss Cooper tells me that it was explained to her by family members that Cooper had a problem during the jump and in an attempt to correct the problem, the money became untied from his body. In the event any of the money made it to the ground with the hijacker he probably suspected that the money had been marked or documented or, in the words of Miss Cooper, “He just knew that it (the crime) was wrong.”

    She went on to explain that the reports of the jump had been misreported. The weather was bad on the night of November 24th but D.B. Cooper told the pilot at what speed, altitude and direction to fly. L.D. Cooper worked as a surveyor and knew this area very well. It has been reported that D.B. Cooper jumped over a very heavily wooded area when, in all actuality, he jumped over farmland and had planned his jump to put himself inside of a six mile area which was only seven miles from the home of L.D. Cooper. The parachute that was requested by D.B. Cooper was not steerable which would make his drop dependent solely on the wind to carry his direction.

    Miss Cooper told me that twelve months after the hijacking, L.D. Cooper disappeared and had no contact with his family. One of his brothers, and possibly an accomplice to the hijacking, did report that from 1980 to 1985 that contact had been made between L.D. and another family member. However, that brother had his own troubles. He was questioned by law enforcement regarding his involvement in the hijacking. Shortly after, he too went on the run, making his way to an unspecified location where he remained for a year. Miss Cooper imparted to me that the actions of her uncle were a tragedy and deeply affected her family. With her uncle, L.D. in hiding and another on the run it took people and time from her and other family members that could never be regained.


    mn okkoma kiyewwe na. LD cooperi, DB coopei dennekda ekenek da bn.?


    Link - http://www.strangehistory.org/cms/index.php/popular/78-hijacking-of-flight-305-by-d-b-cooper-case-closed-feature