කක්කුස්සි_ගැහිල්ල

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කක්කුස්සි_ගැහිල්ල

රාජපක්ෂලා නිකම්ම හොරුන් නොව ‘ගූ හොරුන්‘ බව හෙලිවේ: ‘මරාගේ කක්කුස්සි ගැහිල්ල මෙන්න.!‘: කක්කුස්සියක් හෝදන්න බිල එක් ලක්ෂ විසිදාහයි.!!



MR_Gooo_Hora.jpg


මහින්ද රාජපක්ෂ ඇතුළු මැදමූලන රාජපක්ෂ හැතිකරය ජනතාව දැනගෙන සිටියේ රටේ මහජන මුදල් හොරා කෑ නීලකාස හොරුන් ලෙස වුවත් ඔවුන් නීලකාස හොරුන් නොව ‘ගූ හොරුන්‘ බව ලංකා ඊ නිව්ස් වෙත තොරතුරු ලැබී තිබේ. ඒ මන්ද යත් මොවුන් දැයට කිරුළ කියා වසරක් ගානේ පැවැත්වූ වාර්ෂික මහා මංකොල්ලයේදී කක්කුස්සි සුද්ධ කිරීමෙන් පවා කෝටි ගාණක් මහජන මුදල් ගසා කා ඇති බව හෙලි වී ඇති නිසා ය. දැයට කිරුල ප්‍රදර්ශනයේ එක් වැසිකිලියක් ශුද්ධ කිරීම රුපියල් 820 කට කළ හැකිව තිබියදී රාජපක්ෂලා මේ වැසිකිලියක් ශුද්ධ කිරීම රු. 1,20,000 ක් තරම් පොලොව නුහුලනා ගාණකට බාර දී මහජන මුදල් කෝටි ගානක සුද්දයක් දමා ඇතැයි කීවොත් ඔබ පුදුම වෙනවා ඇත.
දැයට කිරුලේ දූෂන සම්බන්ධයෙන් FCID ය වෙත ලැබී ඇති පැමිණිල්ලක මේ බව දැක්වේ. පැමිණිලි කරන්නේද පොඩි පහේ අයෙක් නොව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි. දැයට කිරුළ ලේකම් කාර්යාලයේ් ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස අඛන්ඩව වසර 7 ක් සේවය කළ නිලධාරිනියකි. ඇය විසින් මේ සියළු දැයට කිරුළු මංකොල්ලයන්ගේ දූෂණ ලිඛිතව සාක්ෂි සහිතව ඉදිරිපත් කර තිබේ. ඉන් රාජපක්ෂලා නමැති ‘ගූ හොරුන්ගේ කක්කුස්සි ගැහිල්ල‘ ගැන පමණක් අද තොරතුරු හෙලි කරමු.
මේ 2013 අම්පාර දැයට කිරුලේ කක්කුස්සි ගැහිල්ල ගැන විස්තරයකි

විවෘත ටෙන්ඩර් පරිපාටිය අනුගමනය කරමින් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් මගින් මිල ගණන් කැඳවන ලද අතර, අවම මිල ඉදිරිපත් වූයේ අබාන්ස් පුද්ගලික සමාගමෙන් වන අතර දිනකට එක් වැසිකිලියක් සුද්ධ පවිත්‍ර කිරීමේ සේවාව සඳහා රුපියල් 820.00 + බදු වශයෙන් දක්වා තිබිණ.
දෙවැනියට අවම මිල ඉදිරිපත් වූයේ ෆ්ලෝකෙයාර් පුද්ගලික සමාගම විසින් වන අතර ප්‍රදර්ශන කාලය තුල එක් තාවකාලික වැසිකිලියක අපද්‍රව්‍ය බැහැර කර සුද්ධ පවිත්‍ර කිරීමේ සේවාව සඳහා ඔවුන්ගේ මිල වී ඇත්තේ රුපියල් 10,950.00 කි.
එහෙත් 2012-12-11 දින තාක්ෂණ ඇගයිම් කමිටු නිර්දේශය මත, 2012-12-19 දින රැස්වු ප්‍රසම්පාදන කමිටුව විසින් තීරණය කරන ලද්දේ වැඩි මිලක් ඉදිරිපත් කර තිබූ ඔන් ක්ලීනින් සර්විස් ආයතනයට වැඩේ බාර දීමට ය. ඔවුන් විසින් ප්‍රදර්ශන කාලය තුල එක් වැසිකිලියක් සුද්ධ පවිත්‍ර කිරීමේ සේවාව සඳහා ඉදිරිපත් කර තිබූ මිල වූයේ රුපියල් 1,20,000.00 කි.



පුදුමයි ඒත් ඇත්තයි.. හොඳු සුපිරි වැසිකිලියක් හැදීමට යන මුදල එක් දිනක් වැසිකිලියක් සුද්ද කිරීමට ගෙවා තිබේ.
මෙය දෙවැනියට අවම මිල ඉදිරිපත් කල ෆ්ලෝකෙයාර් පුද්ගලික සමාගමේ මිලට වඩා 1095% ක වැඩි මිලකි.
මෙහි අපූරු සුද්දය නම් 2012 අනුරාධපුරයේ පැවති දැයට කිරුළේදී වැසිකිලි සේදූ එස්.එන්. ක්ලීනින් සර්විස් නමැති ආයතනයේ අයිතිකරුම ඔන් ක්ලීනින් සර්විස් ලෙස වෙනත් නමකින්2013 දී ඉදිරිපත් වී තිබීමත් ඔහුටම එය ලබා දීමත් ය.
රාජපක්ෂ ගූ හොරුන්ගේ වැසිකිලි ගැහිල්ල ඉන් නිමා වන්නේ නැත.
මිට අමතරව තාවකාලික වැසිකිලි 260 ක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 15 ක් හෙවත් කෝටි එක හමාරක් වැය කර ඇති අතර, ප්‍රදර්ශන කාලය තුල එවා සුද්ධ පවිත්‍ර කිරීමේ සේවාව සඳහා ඉදිකිරීමට වැය වූ මුදලට දෙගුණයකටත් වඩා වැඩියෙන් රුපියල් මිලියන 33.95 ක් හෙවත් තුන් කෝටි හතලිස් ලක්ෂයක් ඔන් ක්ලීනින් සර්විස් ආයතනයටම ගෙවා තිබේ.
සුද්ධ පවිත්‍ර කිරීමේ සේවාවේ ම කාර්යයක් වන මිනිස් අපද්‍රව්‍ය බැහැර කිරීම මෙම ආයතනය විසින් ඉටුකර නැති අතර මිනිස් අපද්‍රව්‍ය බැහැර කිරීමේ කාර්යය අම්පාර නගර සභාවට පවරා ඇත. 2013 දැයට කිරුළ ප්‍රදර්ශනයේ අවසන් ගිණුම් වල මේ බව දැක්වේ.
ඉහත කරුණු අනුව ප්‍රදර්ශන භූමියේ ඇති තාවකාලික වැසිකිලි 260 ක් දින 8 ක් සුද්ධ පවිත්‍ර කිරීමේ සේවාව සඳහා රුපියල් 33,950,000.00 වැය කර ඇත. දෙවැනියට අවම මිල ඉදිරිපත් කළ ආයතනයට දුන්නා නම් ඒ සඳහා ගෙවිය යුතු මුලු මුදල රුපියල් 2,847,000.00 ක මුදලකි.
2013 වර්ෂයේ පමණක් නොව මෙම ගනුදෙනුව මේ ආකාරයෙන්ම 2012 දී ද මෙම ආයතනය සමගම වංචනික ආකාරයෙන් සිදුකර ඇත.
මෙලෙස අහස පොළොව නුහුලනා ගණන් එකී ආයතන විසින් ගන්නවා නොව ඔවුන් පිටුපසින් සිටිමින් ඒ මුදල් ගසා කෑවේ රාජපක්ෂලා නම් ගූ හොරුන් ය. උනට සහාය දුන්නේ දැයට කිරුල බාරව සිටි රංජිත් සියඹලාපිටිය ය.
 

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    itin bijjo, wanchawak wela tiyenawanan nadu dapanko.
    oke mahinda salli tika aragena kiyalath nane. nadu danakota mathaka athuwa රංජිත් සියඹලාපිටිය ta dapiya.mokada umba ma kiyala tiyenawane u tama e kale owa baluwe kiyala.

    mata mathaka hatiyata u jahapaalana anduwata join wela mokadda pattamakuth gatta.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ මෝඩයා ලංකා e නෙව්ස් එකේ ඒවා ගෙඩි පිටින් මේකේ දානවා

    කවුරුත් ඒ සයිට් එක බලන්නේ නැති නිසා මංගල සමරවීර මුඋට බාර දීල තියෙන්නේ