කකුල් දෙකෙන් උස්සා ගසක ගසා තාත්තා මරා දමලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    තම පියාට පහරදී බිම වැටුණු පසුව නැවත උදරයට පා පහරක් දී කකුල් දෙකෙන් උස්සා කොස් ගසක ගසා මරා දමන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකාර පුතකු මේ මස 20 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් නිපුණ ගුණසේන මහතා නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් කෙරුණේ ගලෙන්බිඳුණුවැව නිකවැව හුරුළු ඇහැටුවැව පදිංචි 26 හැවිරිදි ඩී. උදාර සම්පත් නැමැත්තෙකි.


    ඉහත ලිපිනයේම පදිංචිව සිටි ඒ. සරත් කුමාර නැමති 49 හැවිරිදි තම පියාට බීමත්ව පහර දී බිම වැටුණු පසුව උදරය ද පාගා දමා පසුව කකුල් දෙකෙන් උස්සා මේකාගේ කකුල් දෙකත් කඩන්න ඕනෑ යැයි කියමින් පොළොවේ ගසා මෙම ඝාතනය සිදු කර ඇති බව ගලෙන්බිඳුණුවැව පොලිසිය කළ මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබේ.


    ඒ. සරත් කුමාර යන අයගේ මරණය ස්වභාවික මරණයක් බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට කිසිදු සැකයක් නැති බවත් පවුල් ඥාතීන් පැවසීම නිසා අදාළ මරණය ස්වභාවික මරණයක් බවට නිගමනය කරමින් භූමදානය කර ඇත.

    පසුව ඒ සරත් කුමාරගේ වැඩිමහල් පුතා වන ඩී. නිතුම් කාවින්ද යන අය 119 පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ සිය පියාගේ මරණය සැක සහිත බවයි.


    මෙම තොරතුර සම්බන්ධයෙන් අවධානය යොමු කළ හොරොව්පතාන සහකාර පොලිස් අධිකාරි එස්.පී. එදිරිසිංහ මහතා ඔස්සේ විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ගලෙන්බිඳුණුවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ. නිමල් කරුණාරත්න යන මහත්වරුන්ට උපදෙස් දී ඇත.


    ඒ අනුව සැක කටයුතු ලෙස මිය ගිය බව කියන සරත් කුමාරගේ මෘත දේහය යළි ගොඩ ගැනීමට අවශ්‍ය බව පවසමින් ඒ සඳහා අධිකරණ නියෝගයක් දෙන ලෙස ගලෙන්බිඳුණුවැව පොලිසිය කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් නිපුණ ගුණසේන මහතාගෙන් කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ අවසරය ලබා දුන්නේය. අනතුරුව මහේස්ත්‍රාත් නිපුණ ගුණසේන මහතාගේ අධීක්ෂණය යටතේ අනරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එන්. එන්. ඒ. සී. ගුණතිලක මහතා අදාළ මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීය.




    එම පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මිය ගොස් සිටි සරත් කුමාරගේ මුහුණේ දකුණු ඇසටvපහළින් සහ පිටේ වම් පස තැලීම් තුවාල ඇති බවයි. ඒ අනුව අදාළ මරණයට හේතුව ඝාතනයක් බවට නිගමනය කළ අධිකරණ වෛද්‍ය නිලධාරි එන්. එන්. ඒ. සී. ගුණතිලක මහතා මෘත ශරීරයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු කළේය.පසුව මෙම ඝාතනයට සැකපිට මිය ගිය ඒ සරත් කුමාරගේ බාල පුතා වන උදාර සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබීය.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    හපෝ... කුණු එව්වා කපලා බලන්නේ, අටෙන්ඩන්ට් ලා නේද?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මෙසේ රිමාන්ඩ් කෙරුණේ ගලෙන්බිඳුණුවැව නිකවැව හුරුළු ඇහැටුවැව පදිංචි 26 හැවිරිදි ඩී. උදාර සම්පත් මොහොමඩ් නැමැත්තෙකි.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Last edited:

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    අහ් එස්.එල්.කේ ශ්‍රී පොන්නයා..තව බොරුවක් කියපන්කෝ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මක්කම දෙස්ට හැරි පොඩි හූවක් දෙන්න පින්වතුනි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    පවක් වෙන්නත් බැ, ගිය ආත්මෙ මෙ තත්තා ඔහොම දෙයක් එයාගෙ තත්තාට කරලා ඇති, ඉතින් මෙ ආත්මෙ එකෙ රිටර්න් එක. දිට්ට දම්මෙ කියලා නෙද කියන්නෙ?
     
    • Love
    Reactions: adeeezzz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    වියළි කලාපීය උට්ටලා නම් සාපයක් රටට. උන් කොහොම ඔය රස්නේ තියෙද්දි උකලා ඒ වගේ එකෙක් ජාතක කරාද මන්දා
     

    Similar threads