මොකද්ද බන් ඒ restaurant එක?
මම දාපු එක ගැන ද අහන්නේ ? මේක Singapore වල තියෙන්නේ මචං.
ලංකාවේ Chilli Crab ඔන නම් Ministry of Crab එකේ තියෙනවා. හැබැයි, ලංකාවෙන් ආනයනය කරන කකුළුවන් ගෙන්, සිංගපූරුවේ හදන dish එකට වඩා ගණන්
ministry of crab eke kohomada hodaida
මම කාලා නෑ. නමුත් අර උඩ කියපු ගැටළුව තියෙනවා.
danne nethuwa red lobster restuarant ekata gihin pana pitin toranna una. aphu petta palathaka giye nehe.
මෙහේ seafood කියන හැම restaurant එකේම ඔය සීන් එක තියෙනවා. ඔන නම් උන්ට මොකක් හරි හදාගෙන එන්න කියන්න පුළුවන් අපි පෙන්නන්නේ නැතිව.
සී ෆුඩ් වලින් කන්නෙ මාලුයි, ඉස්සෝයි, දැල්ලොයි විතරයි. සමහරු කකුලුවො අඬු කඩ කඩ කනව, තව බෙල්ලො එහෙම අර ඇතුලෙ සෙවල වගේ එව්ව කනව කොහොම කනවද මන්දා.. අප්පිරියා සීන් එකක්.
කකූළුවන්ගේ රස දැනගන්න කන්නම ඔන. වෙනම tools සෙට් එකක් දෙනවා කට්ට කඩාගෙන කන්න.
බෙල්ලො කියන්නෙත් මම හෙන ආස කෑමක්. Oysters කියන්නේ ලොකු එකා, Mussel කියන්නේ කළු පාටට හුරු පොඩි එකා. මුලින් දැක්කම අප්පිරිය උනා. අප්පිරියාවේන් පළවෙනි එක කාලා බැලුවා.. දැන් ඒක මම හෙන ආස කෑමක්.
අප්පිරියාව ගැන කතා කලොත්, ඒක වෙනම මාතෟකාවක්. කෑම ගැන අප්පිරියාව සාපේක්ෂයි.
ඔහොම බැළුවොත් මම ඉස්සො ඔලුව/අඬු කන්නත් කැමති නෑ. නමුත් සමහරු කනවා.
මෙහේ Japanese restaurant වල තියෙනවා ගොළුබෙල්ලෝ , sushi පැත්තේ තියෙන්නේ අමු ද මන්දා. කපලා තිබුණු විදියට කන්න අප්පිරියා උනේ නෑ. කාලා බැලුවා, රසයි.
මෙහේ ඉන්න Chinese අය කුකුළු කකුල් ( feet ) හෙන කැමති. රසයි ලු. මෙහේ විකුණන කුකුළෝ ( supermarket වල පවා ) ඔක්කොගෙම ඔලුව සහ කකුල් තියෙනවා. මුල් දවස් වල ගත්තෙත් නෑ, කපන්න අප්පිරියාවේ. පස්සේ උන්ට කියලා ඒවා අයින් කරවලා ගේනවා.
ඊටත් හපන් Vietnamese අය. එයාලා නොකන දේවල් හොයා ගන්න අමාරුයි. කොටින්ම පොල් කඳන් පණුවෝ ( ඇඟ සුදු, ඔලුව කළු ) පවා පණ පිටින් මිරිස් mixture එකක ඔබලා කනවා.
ගොඩක් අය කනවා ඌර ගේ නැට්ට දැලා හදන සුප් එක.
කෑම සම්බන්ධ එක එක රටවල් දරන්නේ වෙනස් මත. මම නම් කන්න පුළුවන් ඔන දෙයක් කනවා, අඩු ගානේ අත්දැකීම ගන්න වත් හිතාගෙන.