කකුලෙන් ඇද්දට අපි වැටුනේ නෑ! කොළඹ අයවැය දිනයි! 'ඩීල් කඳවුර' දණගසයි! 💪🗳️🇱🇰

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    පසුගිය සතියෙන්....

    වෙස් මුහුණු ගැලවෙයි! කොළඹදී 'ඩීල් කඳවුර' එක මිටට හෙළිවෙයි! 🎭🚫

    අද....

    පහුගිය සතියේ සජබ, පොහොට්ටුව, අලියා සහ සර්වජන බලය ඇතුළු කණ්ඩායම් එකතු වී කොළඹ නගර සභාවේ අයවැය පරාජය කර රතිඤ්ඤා පත්තු කළ අයුරු ඔබට මතක ඇති. ඔවුන් එදා සිතුවේ අයවැය පරාජය කිරීම හරහා කොළඹ නගරය අඩපණ කර, කුණු කඳු ගොඩගස්වා මේ නව පාලනය ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත් කළ හැකි බවයි.

    නමුත් අද දිනයේ කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වරට වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමඟ ඔවුන්ගේ ඒ පටු දේශපාලන අරමුණු සියල්ල බොඳ වී ගියා.
    මෙම ජයග්‍රහණය හරහා මනාව ඔප්පු වන කරුණක් තිබේ. එනම් පළමු වරට මෙම අයවැය පරාජය කළේ ප්‍රතිපත්තිමය ගැටලුවක් නිසා නොව හුදෙක් දේශපාලන කුහකකම නිසා බවයි.

    කෙසේ වෙතත්, දින කිහිපයක් ගතවද්දී අයවැය හරස් කරගෙන සිටියහොත් ජනතා විරෝධය එල්ල වන්නේ තමන්ටම බව ඔවුන්ට වැටහුණි. අවසානයේදී සත්‍යය යටපත් කළ නොහැකි බව වටහාගෙන, ජනතා බලයට බියෙන් හා තමන්ගේ අකමැත්තෙන් වුවද අද දිනයේ අයවැයට ඉඩ ලබා දීමට ඒ ඩීල් දේශපාලන කඳවුරට සිදු වුණා.

    මෙහි ඇති අනෙක් වැදගත්ම කාරණය වන්නේ මාලිමාවේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයයි. සාමාන්‍යයෙන් පළමු වර අයවැයක් පරාජය වූ විට පරණ ආණ්ඩු සිදු කරන්නේ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ලබා දී, ඩීල් දමා ඡන්ද ටික හදාගැනීමයි.

    නමුත් මෙවර අපි එවැනි කිසිදු බාල ක්‍රියාවක් සිදු කළේ නැහැ. ජනතාවට වාසිදායක අයවැය ඉදිරිපත් කර, ඊට කැමති නම් ඡන්දය දෙන ලෙසත් නැතිනම් ජනතාව ඉදිරියේ හෙළි වන ලෙසත් අපි ඔවුන්ට අභියෝග කළා.

    අවසානයේදී ඒ කොන්ද කෙලින් ඇති දේශපාලනය ඉදිරියේ විපක්ෂයට දණ ගසන්නට සිදු වුණා.

    දැන් සියලු බාධාවන් අවසන් වී ඇති නිසා කොළඹ ජනතාව වෙනුවෙන් වැඩ කරන කාලය උදා වී තිබෙනවා. පිරිසිදු කොළඹක්, දූෂණයෙන් තොර නගර සභාවක් සහ බදු මුදලට සාධාරණයක් ඉටු කරන යුගයක් වෙනුවෙන් අපි කැපවෙනවා. කකුලෙන් ඇදීම් හමුවේ නොවැටී, සෑම බාධාවක්ම ජයග්‍රහණයක් කරගනිමින් අපි ඉදිරියටම යන බව මේ සිදුවීමෙන් නැවතත් තහවුරු කළා.
    #NPP #ColomboCMC #BudgetPassed #Victory #SystemChange #AnuraKumara

    @2osama එන්න
    ------ Post added on Dec 31, 2025 at 1:09 PM
     
    • Dislike
    Reactions: 2osama