කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති දිගින් කිලෝමීටර් 1.6 කින් යුක්ත, පළලින් අඩි 1000 ක් විතර තියෙන අක්කර 285 ක කුඩා භූමියක්. එහි මිනිසුන් වාසය කරන්නේ නෑ. තිබෙන්නේ එක් කතෝලික පල්ලියක් පමණයි. දෙරටේම මිනිස්සුන්ට එහි යන්න පුළුවන්. වීසා ඕනේ නෑ.
මේක ඉන්දියාවට වගේම ශ්‍රී ලංකාවට එකම ලඟින් තියෙන්නේ. ඒ නිසා මේ දූපත පිළිබඳව ආරවුලක් තිබුනත්, 1974 දී ඉන්දියානු අගමැතිනිය වන ඉන්දිරා ගාන්ධි එවකට ශ්‍රී ලංකාවේ අගමැතිනිය වෙන සිරිමා බණ්ඩාරනායක සමග සාකච්ඡා කොට මේ දිවයිනේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා තිබෙනවා. එම නිසා එය නීතිමය වශයෙන් ශ්‍රී ලංකාවට උරුමයි.
මේ දවස් වල ඉන්දියාවේ ඡන්දය පැවැත්වීමට සූදානම් වෙන නිසා විවිධ කැම්පේන් ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් දිල්ලි මහ ඇමති කෙජිරිවාල් දූෂණ චෝදනා මත සිර භාරයට අරගෙන. අනෙක් පැත්තෙන් ප්‍රධාන විපක්ෂය වෙන කොන්ග්‍රසයේ සියළුම බැංකු ගිණුම් අත් හිටුවලා. ඒ කියන්නේ freeze කරලා. ඒත් යම් ලක්ෂ 14 ක මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවක් මත. ඔව් මේ ශතවර්ෂයෙත් එහෙම දේවල් වෙනවා. ලෝකේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රටෙත් එහෙමයි.
මේ අතරේ තමයි මෝඩි මේ කච්චතිව් දූපතේ කතාව ආයේ ඇදලා අරගෙන තමිල්නාඩුවේ යකා නටන්න හදන්නේ. තමිල්නාඩුවේ BJP යට සහය ඉතාම අඩුයි. ඉතිං මේ සහය ගන්න කොන්ග්‍රසයට වැරදි කියලා, DMK පක්ෂයට වැරදි කියලා මේ දූපත වගකීමක් නැතුව ශ්‍රී ලංකාවට ලබා දුන්නා කියලා ඔහු චෝදනා කරනවා. මොකද මේ දූපත සමග අපිට ලැබුන සාගර කලාපයේ මාළු බෑමට ඉන්දීය ධීවරයන්ට තහනම්. ඒ නිසා නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ඉන්දීය ධීවරයන් අල්ල ගන්නවා හොරෙන් මාළු බාන කොට. මෝඩි ආමන්ත්‍රණය කරන්නේ ආන්න ඒ පිරිසට. මේක නිකම්ම දීලා දාපු එකේ වැරද්ද කොන්ග්‍රසයට පටවලා ඔවුන් වගකීම් විරහිත පිරිසක් බව කියන්න හදනවා.
කෙසේ වෙතත් මේ දූපත යළි ලබා ගන්න ඉන්දියාවට වුවමනාවක් ඇතැයි ඉන් හැඟවෙන්නේ නෑ. මොකද ඉන්දීය නීතිපති පැහැදිලිව කියා තිබුනා මේ දූපත යළි අවශ්‍ය නම් එය ලබා ගත හැක්කේ එය ආක්‍රමණය කර යුද්ධ මාර්ගයෙන් ලබා ගැනීමෙන් පමණයි කියලා. ඒත් ඉන්දියාව මේ පොඩි ප්‍රශ්නයට එච්චර දුරක් යන්න හේතුවක් නෑ. මොකද දැනටත් ඔවුන්ට ප්‍රමාණවත් කලාපීය ගැටලු තිබෙනවා. පාකිස්තානය, බංග්ලාදේශය සහ චීනය සමග දේශසීමා ගැටළු තියෙනවා. මාලදිවයින සමග රාජ්‍යතාන්ත්‍රික බිඳ වැටීම් තියෙනවා. මේ අස්සේ තවත් එක ප්‍රශ්නයක් හදා ගෙන අන්තර්ජාතික නීතියට අභියෝග කිරීමේ වුවමනාවක් ඔහුට නෑ.
ඒ නිසා මේ කච්චතිව් දූපත සම්බන්ධ කතාව හුදෙක් ඡන්දයට කියපු කතාවක් මිසක යම් භූ දේශපාලන අරමුණකින් කියපු දෙයක් ලෙස පෙනෙන්නට නෑ.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර