කච්චතිවු දුපත ඉන්දියාවට පවරා ගන්නැයි තමිල්නාඩුව මෝදිට කියයි.. 😲😲😲

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    දශක ගණනකට පෙර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පවරා දෙන ලද කච්චතිව් දූපත යලි ඉන්දියාවට යළි පවරා ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමතිවරයා ඉල්ලා සිටී.

    තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා මෙම ඉල්ලීම කරන ලද්දේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි චෙන්නායි හි පැවති උත්සවයකට සහභාගි වෙමින් සිටියදී ය.

    කච්චතිව් දූපත පවරා ගැනීම හරහා තමිල්නාඩුවේ මුහුදුබඩ ප්‍රදේශවල සිටින ජීවීන් ධීවර ජනතාවගේ ප්‍රධාන ම ගැටලුවකට විසඳුමක් ලබාගත හැකි බවද හෙතෙම පැවසීය.

    කෙසේ වෙතත් තමිල්නාඩු මහ ඇමති වරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු වචනයක් ප්‍රකාශ නො කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සභාව ඇමතීය.

    ඔහු එහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇති බවත් එහිදී ඉන්දියාව විශාල වශයෙන් උදව් උපකාර කරන බවත්ය.

    -LCN-
     
    • Like
    Reactions: sakuntha1996