ලංකාවේ තෙල් නැහැ, තෙල් හැදෙන්න නම් පැන්ජියා මහාද්වීපය තිබුණු කාලේ වනාන්තර තියෙන්න ඕන. ලංකාව ඒ කාලේ තිබුනේ දැන් ඇන්ටාක්ටික් තියෙනවා වගේ අයිස් කාන්තාරයක් විදියට. ඉන්දියාව ලංකාවට වඩා ටිකක් උතුරින් තිබුණු නිසා යම් ප්‍රමාණයක වනාන්තර තිබිල තියෙනවා. ලංකාවේ තෙල් තියෙනවා කියල දඟලන්නේ දේශපාලකයෝ, උන්ට ඕන මේක හොඳ ඡන්ද ගුණ්ඩුවක් නිසා විකුණලා ඡන්ද ගන්න. තෙල් ගෑස් තියෙනවා නම් ඇයි ඒවා ගොඩ දාන්නේ නැත්තේ? ගම්මන්පිල ගෝතයා කියනවා ඩොලර් බිලියන 240ක ගෑස් තෙල් නිධියක් තියෙනවා කියල, එච්චර වටිනා තෙල් නිධියක් තියෙනවා නම් ලෝකේ ලොකුම කොම්පැණි පොර කාගෙන එන්නේ? එත් කෝ උන්?
කච්චතිව් දූපත තමිල්නාඩුවට ඕන වෙලා තියෙන්නේ ඔවුන්ගේ ධීවර කර්මාන්තයට ප්‍රයෝජනවත් නිසා. මෙතන ප්‍රධාන දිය වැලක් ගමන් කරන නිසා මත්ස්‍ය අස්වැන්න ඉහලයි. ඉතින් දකුණු ඉන්දියානු ධීවරයන් පොහොසත් මාළු මුදලාලිලා ප්‍රාන්ත ආණ්ඩුවට බලපෑම් කරනවා. කොටි සියගානක විශාල වටිනාකමක් තියෙන මත්ස්‍ය අස්වැන්නක් ලැබෙනවා.