කජු වයින්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ශ්‍රී ලංකාවේදී කජු පුහුලමෙන් වයින් නිෂ්පාදනය කිරීමට යයි


    කජු මද සඳහා ඉල්ලුමක් පැවතියත්, කජු පුහුලමෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීම හේතුවෙන් ඒ සඳහා නව වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බව ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාරංගා කාංචනී රත්නායක මහත්මිය

    කජු මද සඳහා මෙරට විශාල ඉල්ලුමක් පවතින බවත්, මෙරට වාර්ෂික කජු මද අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් විසි පන්දහසක් පමණ වුවත්, නිෂ්පාදනය කෙරෙන්නේ මෙටි්‍රක් ටොන් දොළොස් දහසක් පමණක් බවත් ඇය සඳහන් කළා.

    PSX_20210206_164719-768x548.jpg


    කජු පුහුලන් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව පෙන්වා දෙන කජු සංස්ථාවේ සභාපතිවරිය, ඊට අදාළ පර්යේෂණ කටයුතු අවසන් කර තිබෙන බවත්, කජු වයින් මේ වසරේදීම හඳුන්වාදීමට කටයුතු කරන බවත් කියා සිටියා.

    කජු පුහුලන් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීම සඳහා කජු සංස්ථාවට බලපත්‍රයක් තිබෙන බවත් ඇය සඳහන් කළා.

    මීට අමතරව, කජු පුහුලන් අපනයනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් කජු සංස්ථාවේ අවදානය යොමු වී තිබෙනවා.

    කජු සංස්ථාවේ පර්යේෂණ අංශය සහ වයඹ විශ්වවිද්‍යාලය සමග එක්ව කජු මදයේ පොත්ත යොදාගෙන මදුරු දඟර නිෂ්පාදනය කිරීමට අදාළ පර්යේෂණ කටයුතුද අවසන් කර ඇති බවයි සභාපතිනි නීතිඥ සාරංගා කාංචනා රත්නායක මහත්මිය කියා සිටියේ.

    https://mawurata.lk/archives/6549