දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ මැදිකාලීන ආර්ථික වර්ධන වේග ඉලක්කය වෙනස් නොකරන බවත් මැදි කාලීනව සියයට 7 ක ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද (02) ප්‍රකාශ කළාය.
සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගං වතුර සහ නායයෑම් වලින් සිදුවූ දැඩි හානිය හේතුවෙන් තත්වය වෙනස් වී තිබෙන බවත් වත්මන් තත්වය අනුව ගන්නා ක්‍රියාමාර්ග වෙනස් කිරීමට සිදුවනු ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය. නමුත් සියයට 7 ක රජයේ මැදි කාලීන ආර්ථික වර්ධන ඉලක්කය නොවෙනස්ව පවතිනු ඇති බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වී ඇත්තේ එක ප්‍රජාවක් බවත් මෙරට ඇතිවූ සෑම අර්බුදයකදීම එම පුද්ගල කොට්ඨාශය පීඩා විඳ ඇති බවත් ඇය පැවැසුවාය. එකම ප්‍රජාවක් මෙලෙස සෑම අර්බුදයකදීම පීඩා විඳීම අහඹු සිදුවීමක් නොවන බවත් දිට්වා සුළි කුණාටුව මෙම ප්‍රජාව පීඩාවට පත් කිරීම සඳහා තෝරා ගෙන නොමැති බවත් ඇය කීවාය.
ඉතිහාසයේ ක්‍රියාත්මක කළ සැලසුම් සහ ගත් තීරණ ප්‍රජාවන්ට මෙම ඉරණම අත්කර දී තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. කොළඹට ඇති වූ ගංවතුර තත්වයෙන් 90,000 ක පිරිසක් අවතැන් වී ඇති බවත් කොලොන්නාව ද්‍රෝණිමය ප්‍රදේශයක් බැවින් පදිංචි වීමට සුදුසු නැති බවත් ඇය ප්‍රකාශ කළාය.
නැවත පුබුදමු ශ්‍රී ලංකා යටතේ නැවතත් මෙරට තිබූ තැනට රැගෙන යාමට නොව ඊට වඩා හොඳ තත්වයකට රැගෙන යාමට රජය බලාපොරොත්තු වන බවත් ඉදිරියේදී සාක්ෂි මත පදනම්ව සැලසුම් සහ තීරණ ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය. දේශපාලනික හා පුද්ගලික න්‍යාය පත්‍ර මත තීරණ ලබාගත නොහැකි බව අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළාය.
නිවැරදිව තීරණ ගත යුතු බවත් රට රැගෙන යන තැන පිළිබඳව දැක්මක් තිබිය යුතු බවත් ඇය සඳහන් කළාය. එම දැක්මට අනුව කටයුතු කළ යුතු බවද ඇය පැවැසුවාය.
කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී අද පැවැති ආර්ථික සමුළුවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මෙම අදහස් පළ කළාය. ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම ආර්ථික සමුළුව සංවිධානය කර තිබිණි.