කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

Mozilla

Well-known member
  • සන්සුන් වෙන්න දරුවා සන්සුන් වෙන්න.. මා වැඩ නිම කරවා පැමිණුන කල්හි තොපගේ බැණුම් සහගත ලෙස මගේ උපකාර ප්‍රතික්ෂේප කර තිබෙනවා දුටු කල්හි මම නැවත නුඹට ඒ උපකාරය කෙසේ නම් කරම් ද? මා මෙහි පැමිණියේ ද මා සතු වගකීම් සම්භාරය හමාර කොට යැ.. :angry::angry:

    මගුලක් කතා කරන්න එපා ඔයි...:growl: මේ කෙල්ලෙක් ඇවිල්ල මගෙන් ඇහුව කොහොමද හදන්නේ කියලා..මන් චාටෙර් වෙලා ඉන්නේ.මන් කිව බලලා කියන්නම් කියල. මොන හරි කරලා දෙනවකො...:sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගුලක් කතා කරන්න එපා ඔයි...:growl: මේ කෙල්ලෙක් ඇවිල්ල මගෙන් ඇහුව කොහොමද හදන්නේ කියලා..මන් චාටෙර් වෙලා ඉන්නේ.මන් කිව බලලා කියන්නම් කියල. මොන හරි කරලා දෙනවකො...:sorry:

    අන්න එහෙම වරෙන් තට්ට කුකුලා :angry::angry: ස්කයිප් වරෙන් ..:frown::frown:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    Bump.gif
     

    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    meke pan cake eka hadanakota piti kalakawam karanne pol kiren nemaida..haffa mama mechchra kal haduwe ehemane,,eka waradida??
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    පෑන් කේක් හදමු

    බොහෝ එළකිරියන් ගේ ඉල්ලීමක් බැවිනුත්, සාපේක්ෂව වියදම් අඩු සහ සරල වැඩක් බැවිනුත් අද පෑන් කේක් හදන ආකාරය කියල දෙනවා. මම පැණි රසට එතරම් ප්‍රියතාවයක් නොදක්වන බැවින් පැණිරස දේ නිතර නොසෑදීම ගැන මා හා උරණ නොවෙත්වා.......!!!

    අවශ්‍ය දේවල්.

    pc1j.jpg


    1. ගාගත් පොල් බෑවක් පමණ (පොල් සොයාගන්න බැරි බෝඩිං ගත ව ඉන්න එළකිරියන් කඩෙන් දිසිදි පොල් (Desiccated Coconut) අරගෙන වතුර ටිකක් දාලා ගන්න.
    2. තිරිගු පිටි 500g
    3. සීනි කොප්ප බාගයක්
    4. තියේ නම් පැණි කෝප්ප බාගයක්
    5. බේකිං පවුඩර් තේ හැදි කාලක්
    6. වැනිලා රසකාරක මේස හැදි 2-3ක්
    7. කුරුදු
    8. ස්ටාර් අනීස්
    9. කරාබු නැටි
    10. කරදමුංගු
    11. වසාවාසි හෝ සාදික්කා
    12. කහ කුඩු ස්වල්පයක්
    13. රස අනුව ලුණු
    14. මහදුරු ටිකක්.


    සාදන ක්‍රමය.
    පැණි පොල්-

    pc2lj.jpg


    A. සීනි බදුනක තබා ලිප තබන්න. සීනි උණු වී කැරමල් වල දුඹුරු පැහැ වන තෙක් රත් කරන්න.

    B.දුඹුරු පැහැය පැමිණෙනවාත් සමගම ජලය ස්වල්පයක් සහ පැණි එක්කරන්න. මෙයටම කුඩු කරගත් ස්ටාර් අනීස්, කරාබු නැටි , කරදමුංගු , වසාවාසි හෝ සාදික්කා , මහදුරු සහ රස අනුව ලුණු සහ වැනිලා රසකාරකය එක් කර ගන්න. කුරුදු නම්‍ ලොකු කැබලි දමන්න. කුරුදු පසුව ඉවත්කර ගත යුතුය.

    C.මිශ්‍රණය හොදින් බුබුළු දමන තරමට රත් වූ පසු එයට පොල් එක් කරන්න.

    D. පැණි හොදින් හිදෙන තුරු ලිප තබා අඩිය නොඅල්ලන ලෙස හැදි ගාන්න. පැණි පොල් වල හොද පදම එහි ඇතිවන මෙවැනි රන්වන් තද දුඹුරු පැහැයෙන් කිව හැක.


    කේක් එක හැදීම සහ පෑන් කේක් එතීම

    pc3xr.jpg


    E.පිටි, ලුනු, කහ, වැනිලා එක්කර ජලය මිශ්‍ර කර තරමක උකු දියාරුවක් තනා ගන්න. මෙයට බිත්තරයක් එක්කලොත් පිසින තැටියෙන් ගැළවී ඒම ඉතාම පහසුයි. බිත්තර නොදමා හදනවා නම් තෙල් ටිකක් වැඩිපුර තැටියේ ඇතිල්ලිය යුතුය.

    F.එම මිශ්‍රණය පිටි කැටි රහිත මෙවැනි මෘදු එකක් විය යුතුය.

    G.තෙල් ගැල් වූ තැටියක් ලිප තබා එයට මෙම මිශ්‍රණය යොදා පැතලි තෝසෙ බදු කේක් සාදා ගන්න. එවා යේ දෙපැත්ත ම පිසගන්න.

    H.මෙසේ සාදා ගත් කේක් එක මැදට පැණි පොල් යොදා ඔතා ගන්න.


    pc4p.jpg

    දැන් ඉතිං හරි අල්ලන එකයි තියෙන්නේ............!!!!!
    අනිත් අයගේ සුභ සිද්ධිය සදහා බම්ප් එකක් වත් දමා යන්න.......!!!


    මගෙන් බම්ප් එකක්....මගේ බෝලයාට වැද ගත් වෙය් එයා තමය් ඕවා කන්නේ බන් :baffled::baffled: මම ඉතින් කන්න දන්නවා... කුස්සියේ වැඩ :baffled::baffled::baffled: මිස්ට්‍ර් ...පෙරේරා ට වැද ගත් වෙය් වගේ .....
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    math hari asai ban pan cake kanna
    thiyenawanam 100k unath adala arinna puluwan

    hadanna ona dawasaka matha
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    වැඩකට නැති ත්‍රෙඩ් වගයක් මේන් පේජ් එකේ තියෙනවා දැක්ක නිසා, උදේම මේකට බම්ප් එකක් දුන්නා.... :) :D