කටට සැරට ඇඟට ගුණ මිරිස්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    කටට සැරට ඇඟට ගුණ මිරිස්

    විලාසිතාවන්ට ලොව ප‍්‍රකට පුරවරය වන්නේ පැරීසියයි. එහෙත් මිරිස් ලෝලීන්ටද වෙන් වූ පුරයක් මේ මිහිපිට තිබෙන බව ඔබ මීට පෙර නොදැන සිටින්නට ඇත. හැච් නම් මෙම පුරය පිහිටා ඇත්තේ ඇමරිකාවේ මෙක්සිකෝවේය. මෙම මිරිස් සැනකෙළියේ ප‍්‍රධාන අංගයක් වන්නේ අලුතින් නිපදවනු ලබන මිරිස් වර්ග ප‍්‍රදර්ශනය කිරීමයි.මිරිස් වගා කරන රාජ්‍යයන් අතර ප‍්‍රධාන තැන ගන්නේ ඇමෙරිකාවේ මෙන්සිකෝවයි. මීට අමතරව ඇමෙරිකාවේ තවත් ප‍්‍රාන්ත ගණනාවකම මිරිස් බහුල වශයෙන් වගා කෙරේ.මෙක්සිකෝ නගරයේ මිරිස් බහුල ව්‍යාංජන අලෙවි කරන අවන්හල් සංඛ්‍යාව 75% කටත් වැඩිය. ඉන්දියානු හා ආසියාතිත මාළුපිනි අධික මිරිස් රසට පිසින අතර එහි මිරිස් වගාව සරුසාර ලෙස ඉහළ යන්නට ද මෙය හේතු වී තිබෙනවා.ඇමෙරිකාවේ සුපිරි පුද්ගලයන් මෙම මිරිස් පරිභෝජනයට ලොල් වීම තවත් විශේෂ කරුණකි. ලොව ප‍්‍රකට සංගීත අධ්‍යක්‍ෂවරයකු වන සුබින් මේතා වරක් බි‍්‍රතාන්‍ය මහරැජිනගේ භෝජන සංග‍්‍රහයකට සහභාගිවූයේ මිරිස් කරල් කිහිපයක්ද රැගෙනය. නිරන්තරයෙන්ම ඔහු ළඟ කුඩා ගිනිපෙට්ටියක බහාලූ මිරිස් කරල් කිහිපයක් දැකගත හැකි වේ. එසේම ලොව ප‍්‍රකට හෝටල් වලදී ද ආහාර වේල රස කරගැනීම සඳහා සුබින් මේතා මිරිස් භාවිතා කරයි.තවද ඇමෙරිකානු ගගනගාමී විලියම් ලෙනොර් අභ්‍යාවකාශ ගමන් වලදී මිරිස් කරල් කිහිපයක් රැගෙනයයි. එසේම මෑතක සිට ඇමරිකානු ගගනගාමීන්ගේ අවශ්‍ය ද්‍රව්‍යවලට මිරිස් සෝස් බඳුනක් ද එකතු කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා.ලොව ප‍්‍රකට වෙළෙඳ සමාගමක් වන ලුවිසියානා ප‍්‍රාන්තයේ මැක්ලෙහි වෙළෙඳ සමාගම අවුන්ස දෙකේ මිරිස් සෝස් බෝතල දස කෝටියක් රටවල් 100 කට වාර්ෂිකව අපනයනය කරයි. එහි ලේබලය ප‍්‍රංශ, ඉතාලි, ඉංග‍්‍රීසි, චීන, ජපන්, ග‍්‍රීක්, ජර්මන්, ස්පාඤ්ඤ සහ ස්වීඩන් යන භාෂාවලින් මුද්‍රණය කර ඇති අතර මෙයට වැඩිම ඉල්ලුම ඇත්තේ ජපානයෙන්ය. වැඩිම මිරිස් පරිභෝජනය කරන්නන් වන්නේ තායි ජාතිකයින්ය. ඔවුන්ගේ ඒක පුද්ගල මිරිස් පරිභෝජනය 5g පමණ වේ. කොරියාව මෙහිලා දෙවැනි ස්ථානය හිමිකර ගනී. ඔවුහු වියළි මිරිස් ප‍්‍රිය කරති.චීනයේ උදෑසන ආහාර වේලට අනිවාර්යයෙන්ම මිරිස් එකතු කර ගන්නා අතර ජපන් ජාතීන් ව්‍යංජන බොහොමයකට වියළි මිරිස් කුඩු එකතු කරති.ඉන්දියාව වැනි ආසියාතික රටවල ආහාරයේ රසයට වඩා එහි දැවිල්ල අගය කරයි.
    මිරිස් සඳහා ඉංග‍්‍රිසි වචනය වන්නේ Chili යන්නයි. මෙය ඇස්ටෙක් ශිෂ්ටාචාරයෙන් බිඳී ආ වචනයක් වන අතර එම වචනය බිහිවී ඇත්තේ කි‍්‍ර. ව. 1500 ටත් ඉහත දීය. මිරිස් වර්ගවල දැවිල්ල අනුව එකල වැසියන් මිරිස් වර්ග 06 කට වෙන් කළේය. එහෙත් 1912 දී ඇමරිකානු ඖෂධ සංයෝජකයකු වන විල්බර් ස්කෝවිල් මෙයට මිනුම් ක‍්‍රමයක් හඳුන්වා දුන්නේය. “ස්කෝවිල් එක්ක” නම් මෙම මිනුම් ක‍්‍රමය යටතේ මිරිස්වල දැවිල්ල මැනගත හැකි අතර සෘණ ඒකකයෙ සිට ඒක 3,00,000 දක්වා සටහන් වේ.ලොව පුරා මිරිස් ලෝලීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවන අතර මිරිස් විරෝධී පිරිසක්ද සිටිති. එහෙත් නව සොයා ගැනීම්වලට අනුව මිරිස් අහිතකර ආහාරයක් නොවේ. එහි ඇති කැප්සයිසීන් නම් රසායනිකය මුඛයෙහි සංවේදන සෛල සමග බැඳී දිවෙහි සංවේදිතාවය වර්ධනය කරන බව සොයාගෙන ඇත.දොඩම් හෝ ලෙමන් ගෙඩියක ඇති ප‍්‍රමාණයට වඩා වැඩි විටමින් සී ප‍්‍රමාණයක් අමු මිරිස් කරලක ඇත. එසේම මිනිසකුට දිනකට අවශ්‍ය විටමින් ප‍්‍රමාණයෙන් 50% ක්ම මෙමගින් ලැබේ. මිරිස් තුළ ඇති කැප්සයිසීන් රුධිරයේ කැටිගැසීම ඇතිවීම අඩු කරන බැව් තායිලන්තයේ කෙරෙන පරීක්‍ෂණවල වලින් පෙනීගොස් ඇත. කැප්සයිසින් මුඛයේ හා දිවේ ස්නායු කොන්වල ස්පර්ශ වූ විට එමගින් මොළයට සම්ප්‍රේෂණය කෙරෙන්නේ අති භයානක අනතුරකි. එවිට මොළය එම අනතුරට මුහුණපෑමට ශරීරය සූදානම් කරයි. මේ නිසා මිරිස් කැබැල්ලෙන් උපරිම ලෙස ශරීරයට වාසි සැපයෙන බව පෙනීයයි. කවුරු කෙසේ පැවසුවත් ලොව එතෙක් මෙතෙක් මිරිස් භාවිතා කළ පුද්ගලයින් මිරිස් භාවිතා නොකරන පුද්ගලයින්ට වඩා නිරෝගිවත් බව සනාථ වී ඇත.
    (Internet)
     
    • Like
    Reactions: keshannilanga