කට්ටපාල කන්න දස්සය කියල කවුරුත් දන්නවා. එත් මු තේ කඩේට ඇවිත් අල්ලපු ඔට්ටුව නම් යකකුට මිසක් මිනිහෙකුට කරන්න බැරි දෙයක්.. මොකක්ද ඔට්ටුව ? “මං මේ මෙසේ උඩ තියෙන ඉඳි ආප්ප 45 යි කුකුල් මස් ඔක්කොමයි ඒ මදිවට ඉඳි ආප්ප දාල තියෙන පිඟානයි වතුර දාල තියෙන වීදුරුවයි ඔක්කොම කනවා කීයද ඔට්ටු ? ඒ කාලේ ඉඳි ආප්ප දැන් කාලේ වගේ නෙවෙයි . දැන් කාලේ ඉඳි ආප්ප නම් සීයක් උනත් කතහැකිනේ.. ඉතින් ඉඳි ආප්ප හතලිස් පහ කන එකම ලොකු වැඩක් ඕන මිනිහෙකුට.. මේ යකා ඒවත් කාල පිඟානත් කාල වීදුරුවත් කන්න ඔට්ටු අල්ලනවා.. කඩේ හිටි ඇන්ඩයියට හිනා. මිනිහ කියනවා.. “හොඳයි කීයද ඔට්ටු ?” “අනේ මන් ළඟ නම් එච්චර සල්ලි නැහැ .. මේන් මේ රුපියල් පහ ඔට්ටුයි..” කට්ටපාල කියනවා. “හොඳයි.. මන් රුපියල් පනහක් ඔට්ටුයි උඹට ඔය ඔක්කොම කන්න බැහැ.. ” ඇන්ඩි අබියෝගේ බාර අරන්.. ඔන්න දැන් මුදලාලිත් හවුල් වෙලා.. ”හොඳයි කමුකෝ එහෙනම් බලන්න ..” මිනිහ කියනවා හිනාවෙවී.. “ඉඳිආප්ප නම් කාවි පිඟාන කොහේ කන්නද ?” කට්ටපාල කන්න පටන් ගත්ත.. කාගෙන කාගෙන යනවා දැන්.. මු කන විදිහට පිඟාන නම් කාල දාවි කියල හැමෝටම දැන් හිතෙනවා.. ඔන්න ඉඳිආප්ප ඉවරයි කුකුල් මසුත් ඉවරයි.. කට්ටපාල වතුර වීදුරුවත් බීල නැගිට්ට යන්න.. ඒයි ඒයි.. උඹ කොහෙද යන්න හදන්නේ ? ඇන්ඩයිය ප්රමුක පිරිස කෑගහනව.. “එයි කාපන් පිඟානයි වීදුරුවයි ඔට්ටුවේ හැටියට..” එහෙම යන්න දෙන්න බැහැ” ඇන්ඩි වීරයා වෙලා දැන්.. “මුලින් නම් මං කන්න ඇහැකියි කියල හිතුව තමයි.”. කට්ටපාල කියනවා.. “ඉඳි ආප්ප කාල ඉවර උනාම තමයි තේරුනේ බඩේ ඉඩ නැහැ කියල අනිත්වට.”. “කමක් නැහැ මන් පරාදයී මෙන්න ඔට්ටු තිබ්බ රුපියල පහ..” කට්ටපාල බොහොම අහිංසක විදිහට කිවූව.. රුපියල පහ ඇන්ඩයිය අතේ තියල බිම බලාගෙන ඌ යන්න ගියා. මුදලාලි කට ඇරගෙන බලන් ඉන්නවා.. “කවුද යකෝ දැන් කාපු ඒවාට සල්ලි ගෙවන්නේ ? රුපියල් දෙසීයක විතර කෑම “ ? මුදලාලි අහනවා.. මොනවා කරන්නද මුදලාලි. ? මෙන්න මේ රුපියල් පහවත් තියාගන්න. මුදලාලිමනේ කිවුවේ ”හොඳයි කමුකෝ එහෙනම් බලන්න ..” කියල.. ඇන්ඩයිය එහෙම කියල රුපියල් පහ මෙසේ උඩින් තියල යන්න ගියා. කොහොමද ටිකිරි මොලේ ? ----ඊයකින් ලැබුනි-
REPOST NAM SRY
REPOST NAM SRY


elane
