කටාර් අර්බුදය-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කටාර් අර්බුදය-2

    MygyJhs.jpg

    ඇමෙරිකානු යුද නෞකා දෙකක් ඒකාබද්ධ නාවුක අභ්‍යාසයක් වෙනුවෙන් දෝහා වරායට ළඟාවිය.ඇමෙරිකානු සහ කටාර් රාජ්‍යවල ආරක්ෂක අමාත්‍යවරුන් ඇ.ඩො. බිලියන 12 වටිනා එෆ්-15 ප්‍රහාරක යානා 36ක් කටාරයට ලබාගැනීමට අදාල ගිවිසුමකට අත්සන් තබන ලදි.ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ගන්නා ලද මෙම පියවරවලින් කියවෙන්නේ කටාර් අර්බුදය අවසන් බවද?

    නැත.යුද ගුවන් යානා මිලදී ගැනීමට අදාල එකඟතාවය ඇතිවන්නේ ජනපති ට්‍රම්ප් සෞදි අරාබියට පැමිණීමටත් ප්‍රථමයි.මෙම ගනුදෙනුව වර්තමාන අර්බුදය වෙනස් කිරීමට හේතුවක් නොවන්නේ එය මැදපෙරදිග අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසාය.ගල්ෆ් රටවලින් මුදල් ලබාගැනීමට ඇමෙරිකාවට අවශ්‍යව තිබේ.කටාර් යනු ඇමෙරිකාවට අවශ්‍ය තරම් ඇමෙරිකා අවි මිලදී නොගන්නා රාජ්‍යයකි.නමුත් අර්බුදය අතරතුර කාලයේදී යුදෝපකරණය විකුණා ගත හැකිවිය.නමුත් අර්බුදය ඔස්සේ පර්සියානු ගල්ෆ් රටවල් විනාශයට පත්වීමෙන් එක්සත් ජනපදයට ලැබෙන වාසියක් නැත.






    ඇමෙරිකානු යුද නෞකා කටාරයට පැමිණේ

    කටාර් නාවික හමුදාව සමග ඒකාබද්ධ නාවුක අභ්‍යාසයක යෙදීමේ අරමුණින් යුතුව ඇමෙරිකානු යුද නෞකා දෙකක් කටාර් රාජ්‍යයේ දෝහා වරායට ළඟාවූ බව පසුගිය බදාදා දින එරට පුවත් වාර්තා කර තිබිණි.ඒ කටාර් ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයක් උපුටා දක්වමින්ය.නෞකා දෙක අගනුවර දකුණුදිග පිහිටි හමාඩ් නම් වරායට පිවිස තිබේ. කටාර් රාජ්‍යය ඉහළ මට්ටමින් ත්‍රස්තවාදයට සහාය දෙන බව පවසමින් විවේචනය කල ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයාගේ රජයම ඉන්පසුව මෙවැනි තීරණයක් ගැනීම ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත හෙළි කරයි.

    nHqg29I.jpg
    USS Simpson නෞකාව​





    ප්‍රහාරක යානා ගනුදෙනුව

    කටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයකට අනුව එක්සත් ජනපදය සහ කටාර් රාජ්‍යය අතර එෆ්-15 ප්‍රහාරක යානා මිලදී ගැනීමට අදාලව ඇ.ඩො. බිලියන 12ක් වටිනා ගිවිසුමකට අත්සන් තබා තිබේ.මෙම ගනුදෙනුව නිවේදනය කරන්නේ ජනපති ට්‍රම්ප් කටාරය ත්‍රස්තවාදයට අනුබල දෙන බවට ප්‍රබල චෝදනාවක් එල්ල කර දින කිහිපයකට පසුවයි.වාර්තා වලට අනුව පසුගිය බදාදා දින දෙරටේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවේදී ගනුදෙනුව අවසන් කර තිබේ.ඒ අනුව කටාරයට ඇමෙරිකාවෙන් එෆ්-15 ප්‍රහාරක යාන 36ක් ලැබීමට නියමිතය.ඔබාම පාලනය යටතේ පසුගිය නොවැම්බර් මාසයේදී කටාරයට එෆ්-15 යානා 72ක් දක්වා ඇ.ඩො.බිලියන 21.1 ක මුදලකට මිලදී ගත හැකි අයුරින් අවසරය ලබාගෙන තිබිණි.

    oqV1Ce3.jpg
    F-15 ප්‍රහාරක යානයක්​

    සෞදි අරාබියට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප් කටාරයේ එමීර් වන ෂෙයික් තමිම් බින් හමඩ් අල් තානි හමුවිය.අවි ගනුදෙනු ඇතුල ප්‍රශ්න ගණනාවක් සම්බන්ධව තමන් සාකච්ඡා කල බව ට්‍රම්ප් පවසා තිබිණි.කටාර් අර්බුදයට හේතුව එක්සත් ජනපදය සමග තිබූ ගනුදෙනුව අසාර්ථක වීම බවටද මතයක් තිබේ.මෙම අවි ගනුදෙනුව සූදානම් වන්නේ බොහෝ කාලයකට පෙරය.ගනුදෙනුව අවසන් කිරීමේ පළමු නිල ප්‍රකාශනය 2016 වර්ෂයේ අවසන් භාගයේදී සිදුවේ.ඉන්පසු එහි ප්‍රගතිය ඇණහිටියේය.මිලෙන් අධික ඇමෙරිකානු අවි මිලදී ගැනීමට කටාරයේ ප්‍රමුඛත්වය නොලැබේ.ඊට හේතුව කටාරය තුල ඇමෙරිකානු හමුදා කඳවුරක් තිබීමයි.කඳවුර එරට ආරක්ෂාව තහවුරු කරයි.කෙසේවෙතත් අවි ගනුදෙනුව අත්සන් කිරීම ඔස්සේ අර්බුදය අවසන් වේවි යැ‍යි කිවනොහැකිය.





    උපාය මාර්ගික වශයෙන් මිත්‍රයෙකි

    වොෂින්ටනයේ මැදපෙරදිග ප්‍රතිපත්තියට කටාර් රාජ්‍යය සමග තිබෙන හමුදාමය සහයෝගීතාවය බොහෝ වැදගත් වේ.අල් උඩෙයිඩ් ගුවන් හමුදා කඳවුර යනු මැදපෙරදිග ස්ථාපනය කර තිබෙන ඇමෙරිකාව සතු විශාලතම හමුදා කඳවුරයි.ආසන්න වශයෙන් එහි ඇමෙරිකානු සෙබලුන් 11,000ක් වත් නවාතැන් ගෙන සිටියි.මැදපෙරදිග,මධ්‍යම ආසියාව ,පර්සියානු බොක්ක සහ ඉන්දීය සාගරයේ බටහිර පෙදෙසට අදාල ප්‍රධාන අණදෙන මූලස්ථානය පිහිටා ඇත්තේද මෙම කඳවුරේය.සිරියාවේ,ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ගුවන් ප්‍රහාරක පියාසැරි සිදුකරන්නේ මෙහි සිටය.

    K0Thiy3.jpg
    අල් උඩෙයිඩ් කඳවුරට පැමිණි B-52 Stratofortress යානයක්​

    ඇමෙරිකා-කටාර් ගනුදෙනුව ඔස්සේ සෞදි අරාබිය ඇතුලු අනෙකුත් ගල්ෆ් රටවලට ඇමෙරිකාව සංඥාවක් ලබාදෙයි.ඒ මෙම අර්බුදය සාමකාමීව විසඳා ගත යුතු බවත් දෝහා රජය හවුල්කරුවෙක් ලෙස තවමත් දකින බවත්ය.ඒ අතරතුර කටාර් හි විරුද්ධවාදීන් ඇමෙරිකාවෙන් ඉල්ලා තිබෙන්නේ ඔවුන්ගේ හමුදා කඳවුර කටාරයෙන් ඉවත් කරගන්න කියාය.කටාර් රාජ්‍යය කෙරෙහි අමතර පීඩනයක් එල්ල කිරිමට තිබෙන බාධාව ඇමෙරිකානු කඳවුර බව ඇමෙරිකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.එහි අරුථ කඳවුර නොතිබුණේ නම් කටාර් රාජ්‍යයට මීට වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බවද?නමුත් කඳවුර ඉවත් කරගැනීම වැනි පියවරක් එක්සත් ජනපදය කිසිසේත් අනුගමනය නොකරන බව සහතිකය.කඳවුර වෙනත් රටක පිහිටුවීමද වියදම් අධික කාර්යයකි.අල් උඩෙයිඩ් ගුවන් හමුදා කඳවුර සෞදි අරාබියේ සිට කටාරයට රැගෙන ආවේ මීට වසර 14කට පෙරය.

    මෙම ගනුදෙනුව සුවිශේෂී එකක් බවයි සමහර විශේෂඥයින්ගේ මතය.අරාබි වසන්තයේ ගොදුරක් බවට පත්වූ ඊජිප්තුවේ පාලනය කටාරයේ සහාය ලබන මුස්ලිම් සහෝදරත්වයට නතුවිය.හමුදා කුමන්ත්‍රණයක් ඔස්සේ පසුකාලීනව මුස්ලිම් සහෝදරත්වයේ සහාය ලබන රජය පෙරළා දැමිණි.එතැන් පටන් කටාරය,සෞදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තර්ජනයට ලක්විය.ඇමෙරිකාව සමග සිදුකරන අවි ගනුදෙනුවෙන් කටාර් ගුවන් හමුදාව ශක්තිමත් වේ.

    LSUww4d.jpg



    source:rt.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: EvilEye

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලන් ගියාම ගමේ කඩේ හංදියේ චන්ඩි පාර්ට් තමා ඇමරිකන් කාරයොත් දාන්නේ. සල්ලි තමා ලෝකෙ රන් කරන්නේ..

    Rep+6
    TFS
    BUMP


    You must spread some Reputation around before giving it to HarshaLulzSec again. :no::no: