මේ අල්ලන්නේ කෞතුකාගාරයේ සැබෑ හොරුන්මද ?
දැන් පෙන්නනවා හොරු සමග හෙළුවෙන් . . .
ඔන්න එකමත් එක කාලෙක ලෝකෙ සියලුම පොලිසි අතර තරඟයක් තිබ්බා අපරාධ පරීක්ෂණයට දක්ෂම කවුද කියලා හොයන්න.
කොහොමින් හරි මේ තරඟෙට රටවල් සිය ගනනකින් ඉදිරිපත් උනත් රටවල් තුනක පොලිසි තමයි අන්තිම වටයට තේරුනේ. ඒ තමයි ඇමරිකානු පොලිසිය, එංගලන්ත පොලිසිය සහ අති ජනප්රිය ශ්රී ලංකා පොලිසිය.
දැන් මේ තරඟේ අන්තිම වටය . . . ඒක කරන්නේ මෙහෙමයි . . .
කැළෑවල් 3කට හවෝ තුන්දෙනෙක් දානවා . . . ඉක්මනින්ම ඒ හාවව හොයාගෙන එන පොලිසිය තමයි තරඟය දිනන්නේ . . .
දැන් පළවෙනි අවස්ථාව ලැබුනා එංගලන්ත පොලිසියට . . .
කට්ටිය කැලේට ගිහින් සෑහෙන වෙලාවක් ගත කරලා ගස් ගල් වලිනුත් කටඋත්තර අරගෙන එහෙම හිස් අතින්ම එලියට ආවා . . . ඇවිත් තඩි රිපෝට් එකක් භාරදුන්නා . . . ඒ රිපෝට් එකේ සාරාංශය ගත්තොත් මෙහෙමය . . .
“හාවා සොයාගැනීමට නොහැකි ලෙස අතුරුදහන් වී ඇත”
දැන් ඔන්න දෙවනි අවස්ථාව ලැබුනා කියමුකො ඇමරිකානු පොලිසියට . . .
එයාලා දෙපාරක් තියා එක පාරක්වත් හිතුවේ නෑ . . . කෙලින්ම බෝම්බ දාලා මුළු කැලේම ෆ්ලැට් කරා . . එහෙම කරලා එයාලත් තඩි රිපෝට් එකක් භාරදුන්නා . . . ඒ රිපෝට් එකේ සාරාංශය ගත්තොත් මෙහෙමයි . . .
“දැන් හාවාගෙන් කිසිදු තර්ජනයක් නොමැත”
ඔන්න එහෙනම් අන්තිම අවස්ථාව අපේ අහිංසක ශ්රී ලංකා පොලිසියට ලැබුනා . . .
දැන් අපේ පොලිස් අයියලා ටික බැස්සා කැලේට . . . ගිහින් හැරෙන තැපෑලෙන් පොරවල් ටික ආපහු එනවා . . . හැබැයි එන්නෙත් නිකන් නෙමේ . . .
මේ අය තඩි වලහෙක් අල්ලගෙන ඌට ගහගහ ඇදගෙන එනවා . . . හොඳටම ගුටිකාපු වලහ අඬඅඬ මෙහෙම කියනවා . . .
"අනේ සර්.... ගහන්න එපා සර්.... මම පිළිගන්නවා..... මම තමයි හාවා.... මම තමයි හාවා...."