කටුණායක ඇත්ත සිද්ධිය මෙන්න
පසුගියදා කටුණායක සිදුවූ සිද්ධියෙන් කම්කරු පන්තියේ අසරණ තරුණයෙකුට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. ඒ තමන් තමන්ගේ දාඩිය මහන්සියෙන් උපයාගන්නා තම සොච්චම් පඩිය රැක ගැනීමට තමන් මෙන් තවත් පීඩිත කම්කරුවන් පිරිසක් වෙනුවෙන් නැඟී සිටීමට යාමේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙයින් සිදු වූයේ කම්කරුවන්ට සිදුවන්නට යන අසාධාරණය පසෙකට ගොස් ඔහුගේ මරණයට නියම වග කිවයුත්තා සෙවීමට විවිධ පාර්ශව උත්සාහ දැරීමට පටන් ගැනීමයි. ඇත්තෙන්ම එය අපටද ප්‍රෙහෙලිකාවකි. පොලීසියේ නිලධාරීන් සතුව ගිනි අවි පවතින්නේ නීතිය රැකීමට මිස නීතිය අතට ගෙන තමන්ගේ බලය පෙන්වීමට නොවේ. එසේ කළ අවස්ථාවන් ඉතාමත් දුර්ලභය. පොලීසියේ සිටින්නෙත් මිනිසුන්ය. ඔවුන්ගේ පවුල් රැඳී ඇත්තේත් ඔවුන් ලබා ගන්නා වේතනය මතය. ඔවුන්ට අහින්සක මිනිසුන් පිලිබඳව පුද්ගලික තරහක් නොමැත. තමන්ගේ රාජකාරිය නිසි පරිදි නොපිළිපැද්දොත් ඔවුන්ට තමාගේ රැකියාවන් අහිමිවී යා හැක. එසේ නම් ඔවුන් අසරණවී සිටි කම්කරුවන්ට වෙඩි තැබුවේ ඇයි? පොලිස්පති තමාගේ සේවයෙන් ඉල්ල අස්වූයේ ඇයි? එසේ ඉල්ලා අස්වීමෙන් නැවතත් මියගිය අය ගෙන්විය නොහැක. සිදුවන්නට යන්නේ පොලිස්පතියා හොඳ මිනිහාවී තවත් අසරණ පොලිස් භටයන් කිහිපදෙනෙකුගේ රැකියා අහිමිවී මෙම සිද්දිය වැලලීයාමයි. දැනට නිල නොලත් ආරංචි වලට අනුව ආරක්ෂක ඇමතිගේ උපදෙස් පරිදි මෙසේ බලය පාවිච්චි කරන ලෙස පොලිස්පතිට නියෝග ලැබී ඇත. කම්කරුවන් බිය වැද්දීමට ගත් පිළිකුල් සහගත ප්රයත්නය අවසානයේදී අහිංසකයෙකුත් බිල්ලට ගනිමින් අවසන් විය. රජයකට මෙසේ අමු අමුවේ නීතිය උල්ලංඝණය කළ හැකිද? මිනිසුන් තිරිසනුන්සේ මරා දැමිය හැකිද? අද පවතින නීතිය යටතේ මිනිසෙකුගේ දතක් කැඩීමත් බරපතල තුවාල ලැබීමකි. මේ රටේ පාලකයන්ට අවශ්‍ය පරිදි නීතිය හැසිරවිය නොහැක. එමෙන්ම දැන් විපක්ශයද මෙමගින් දේශපාලන වාසි ලබා ගැනීමේ නිරතව සිටී. ජේවීපී හා යූඑන්පී නායකයින් දැන් රෝහල් වලමය. වෙනදා නොතිබූ ආදරයක් දැන් කම්කරුවන් කෙරෙහි ඇතිවී තිබේ. සජිත් පාර්ශවය හා රනිල් පාර්ශවය වෙන වෙනම රෝහල් කරා යති. ජේවීපීය ගැන සඳහන් කිරීමෙන් වැඩක් නැත. අද ඔවුන්ට සිදුව ඇත්තේ පිදුරු ගහේ හෝ එල්ලීමටයි. රටේ මේ ස්වභාවය වෙනස් කළ දිනට අපේ රට සංවර්ධනය වනු ඇත. එකිනෙකා එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවා වෙනුවට තම තමන් සත්‍යවාදීව කටයුතු කළා නම් අපේ රට තවත් ඉහලට යනු ඇත. එසේම මෙහිදී ස්වාව්ධීන රූපවාහිනියේ විමසුම ගැනත් සඳහන් කළ යුතුමය. එදා මහින්ද අබේසුන්දරයා විමසුමේ පෙන්වූයේ කම්කරුවන් පොලීසියට පහර දෙන අයුරු පමණකි. දැඩිසත්කාර ඒකකයේ සිටි රෝගියා පිළිබඳව සඳහනක් වත් නැත. රටට එක පැත්තක් පමනක් පෙන්වන මෙවන් පක්ශග්‍රාහීන් අද ලබා ඇති බලයෙන් මත්වී ඇති බවක් පෙනේ. ජැක්සන් ඇන්තනී, මහින්ද අබේසුන්දර වැනි වන්දිබට්ටකම් කරන සට්ටම් රාළලා සිටිනතෙක් මේ රටට දියුණුවක් නැත. අපට කරන්නට ඉතිරිව ඇත්තේ නිකන් බලාසිටීම පමණි. මේ රටේ සිටිනා සියලුම ජරා දේශපාලකයින් හා ඔවුන් පසුපස යන නිකමුන් සිටිනා තෙක් අපේ රටට හෙටක් නැත.