කටුනායක ගුවන් තොටුපොල නංවන්න පැපැතුම්ගෙන් නැවුම් අදහස්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලෝකයේ අනෙක් ගුවන් තොටුපොළ හා සන්සන්දනය කිරීමේදී අපේ ප්‍රධාන ගුවන් තොටුපොළ වන කටුනායක ගුවන් තොටුපොළ තියෙන්නේ ඉතාමත් පහත් තත්ත්වයක.

    තරඟකාරි ගෝලීය වටාපිටාවක් තුල ඉදිරියට යෑමට නම් වෙනස් විය යුතු බොහෝ කාරණා ගණනාවක් තියෙද්දී අපේ ප්‍රධාන ගුවන් තොටුපොළ සමහර රට වල දුම්රිය ස්ථානයක් තරම් වත් දියුණු නෑ.

    ලෝකයේ ගුවන් මධ්‍යාස්ථානයක් බවට පත් වීමට තිබෙන හොඳම අවස්ථාවක් මග හැර යමිනුයි අපි ඉන්නේ. විශේෂයෙන් වේගයෙන් දියුණු වෙන ඉන්දියාවේ ගුවන් වෙළෙඳපොළ තරඟකාරීව දිනා ගැනීමේ ආර්ථික අවස්ථාව අපිට තිබුනා. නමුත් එය හඳුනා නොගැනීම සහ පමා වීම මත දැන් ඒ බස් එක මිස් උනා කියලා හිතෙනවා. මොකද අපිට හිතෙන තරම් ඉක්මනින් එයාර්පෝර්ට් එකක් හදන්න බෑ. ඒකට කාලයක්, ප්‍රාග්ධනයක් ඕනේ. හැදුවට පස්සේ ඒක දුවන්න දියුණු කළ, පුහුණු කළ ශ්‍රමයක් ඕනේ. ඒවා ඔක්කොම එකපාර ලැබෙන්නේ නෑ.

    සමහරවිට යුද්ධය නිසා අපිට ආර්ථිකය කියන මාතෘකාව ඈත් වෙලා තිබුනා වෙන්න පුළුවන්. යුද්ධය ඉවර උනත්, සාමය උදා කර ගන්න අපි අසමත් උනා වෙන්නත් පුළුවන්.

    ඒ නිසාම තාම විශාල හමුදා කඳවුරු පවත්වා ගෙන යමින් විශාල හමුදාවක් නඩත්තු කරනවා. මේ කටුනායක ගුවන් තොටුපොළ ලඟ තියෙන විශාල භූමිය ගුවන් හමුදාවට අයත් වෙන්නේ. දශක ගණනාවකට කළින් හදපු ගොඩනැගිලි එක්ක ලොකු භූමියක තවමත් ඔවුන් කඳවුරු බැඳගෙන ඉන්නවා. පදින්න ලොකු ගුවන් යානා බල ඇණියක් පවා දැන් අපිට නෑ.

    දැන් වත් මේ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කර ගන්න වෙනවා. මේ කොළ පාට කොටස තුල ඉක්මනින් අලුත් ගුවන් තොටුපොළ පර්යන්තයක් නිර්මාණය කරලා තව ගුවන් පථයක් සමග ගුවන් තොටුපොළ වැඩි දියුණු කිරීම නොපමාව ආරම්භ කළ යුතු වෙනවා. මෙය අපිම සල්ලි දාලා කරන්න ඕනේ දෙයක් නෙවෙයි. මේ සඳහා ආයෝජන කැඳවීම පහසුවෙන් කරන්න පුලුවන්. ලොකු ආර්ථික විභවයක් තියෙන කර්මාන්තයක් මේක. මෙය හවුල් ආයෝජකයක් ලෙස හෝ විශාල තනි ආයෝජනයක් ලෙස සැළසුම් කරන්න පුළුවන්.

    ගුවන් තොටුපොළක සාර්ථකත්වය රඳා පවතින්නේ ප්‍රධාන සාධක 3 ක් මත. ඒක Capacity, Connectivity, Capability ලෙස හඳුන්වන්න පුළුවන්.

    ඉහළ යන ගුවන් මගී අවශ්‍යතාවයන් වලට ගැලපෙන්න මගීන් සහ ගුවන් යානා හිර වීමකින්, ප්‍රමාද වීමකින් තොරව කාර්යක්ෂමව හැසිරවීමට ගුවන් තොටුපොළ ධාරිතාවය වර්ධනය කළ යුතු වෙනවා. ඒත් සමගම අන්තර්ජාතික සබඳතා මගීන් අනෙකුත් ගුවන් සේවා සමාගම් සමග ඇති කර ගන්නා වෙළෙඳපොළ ගිවිසුම් මගීන්, ලෝකයට නොබියව විවෘත වීම තුල අපේ ගුවන් ගමන් network එක ඉහළ දා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ connectivity එක ලෝකයේ ඕනෑම තැනකට තියෙන මධ්‍යාස්ථානයක් කර ගන්න ඕනේ. එතකොට අනෙක් රට වල සිට එන ගොඩක් යානා මෙහි නවත්වලා මගීන් හුවමාරු කර ගන්න පෙළඹෙනවා. ඒ ඔක්කොම කරන්න අපි පහසුකම් වලින් අනූන, හොඳ පාරිභෝගික සේවයක් සළසන, තාක්ෂණයෙන් උසස් Capability එකක් පෙන්වන්න ඕනේ. නිවැරැදි යටිතල පහසුකම්, ව්‍යසන වලට මුහුණ දීමට ඇති හැකියාව, අන්තර්ජාතික සම්මුතීන් හා අන්තර්ජාතික නීතියට අනුව කටයුතු කිරීමේ හැකියාව ආදී කරුණු ගොඩක් මෙයට ඇතුලත්.

    මේ ටික හදන කං දැන් තියෙන ගුවන් පථයට දකුණෙක් තියෙන දැන් පර්යන්තය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමත් ඉතා වැදගත්. ඒකත් මුල සිට ප්ලෑන් කරලා , මකලා ගන්න වෙනවා අවුරුදු 5 ක් දුවන්න. අලුත් එක ලෑස්ති උනහම, මේ පර්යන්තය ඉවත් කරලා ඊළඟ එකට අත ගහන්න පුළුවන්.

    මේ සියල්ල එක්ක අපිට ලස්සන ගුවන් පර්යන්තයක් සහ තව පථයක් මෙන්ම බොහෝ දෑ ගොඩනගා ගන්න වෙනවා. අපි වේගයෙන් මේ දේවල් කළොත් මේ රට හදන්න පුළුවන්. නැත්නම් 2048 දිත් උඩ බලන් ඉන්න පුළුවන්.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
    #රටහදනහරිපාර

    ( මෙය නිවැරැදිව මැන අඳින ලද රූපසටහනක් නොව හුදෙක් අදහස ජනගත කිරීම පිණිස සකස් කළ සරළ රූ සටහනක් බැවින්, ඔබගේ ඉඩම් පිළිබඳව අනිසි බියක් ඇති කර නොගන්නා මෙන් දැනුම් දෙමි. )

    වසර 2023 දී වැඩිපුරම ගුවන් යානා ඕඩර් කරලා තියෙන රට තමයි ඉන්දියාව. ආසන්නව ලෝකෙම ඕඩර් කළා වගේ බාගයක්ම.

    ඉන්දියානු ගුවන් කලාපය ලෝකයේ කාර්ය බහුලම ගුවන් තලය වීමට නියමිතයි. මේ තත්ත්වය නිවැරැදිව හඳුනා ගත්තා නම් ශ්‍රී ලංකන් එක මේ වෙන කොට ලාබ ලබනවා විතරක් නෙවෙයි කටුනායක ගුවන් තොටුපොළ ගොඩක් දියුණු වෙලා. මේ ඕඩර් ටික ඇතුලේ ශ්‍රී ලංකන් එකත් ඉන්න තිබ්බා.

    ඒත් අපිට තියෙන්නේ බංකොලොත් වෙච්චි ගුවන් සේවයක්. කෝච්චි ස්ටේෂන් එකක්වගේ ගුවන් තොටුපොළක්.

    අපි තාම ගොඩක් පරක්කු නෑ. තාම නැත්තේ ඒකට උනන්දුවක් හෝ දැනුමක්.

    පැතුම් කර්නර් #පැතූනොමික්ස් #රටහදනහරිපාර

    වැඩි විස්තර පහළින්
    #srilankanairlinepk
    ------ Post added on Feb 2, 2024 at 12:27 PM
     
    • Like
    Reactions: ishancjs