කටුනායක ගුවන් තොටුපොළ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    කටුනායක ගුවන් තොටුපොළ

    මේක දැක්කහම මට හිතුන කටුනායක ගුවන් තොටුපොලින් එලියට එනකොට තියෙන තත්වය. ගුවන්තොටුපොළක් කියන්නේ යමෙක් රටට එනකොට ඇතිවන් පලවෙනි හැගීම. මිනිස්සු සියගානක් අරහෙට දුවනවා මෙහෙට දුවනවා. කිසි පිළිවෙලක් නැහැ. වාහන අරහෙට මෙහෙට දමනවා. යුද්දයක් වගේ.
    බස් වලට, taxi වලට, පවුද්ගලික වාහනවලට වෙන වෙනම ප්‍රදේශ වෙන්කරලා තිබ්බනම් මේ අවුල නැහැ.


    colombo-airport-departure.jpg


    කටුනායක ගුවන් තොටේ සේවාව අන්තිමයි.. මැදියම් රැයේ කටුනායකට කඩා පැන්න ඇමති අර්ජුන කියයි..

    කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් මගීන්ට ලබා දෙන සේවාව ගැන තමන්ට කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම අමාත්‍යාංශය යටතේ පවතින සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් ඉදිරියේදී ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් දියත් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.

    ඒ, ඔහු 28 මධ්‍ය රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී දෙස් විදෙස් මගීන්ට විදීමට සිදුවන අපහසුතා සහ දුෂ්කරතා සොයා බැලීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය. එම හදිසි නිරීක්ෂණ චාරිකාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද එක් විය.

    පැය දෙකකට අධික කාලයක් පැවැති එම නිරීක්ෂණ චාරිකාවේදී ආරක්ෂක පරීක්ෂාව, ගුවන් ප්‍රවේශපත්‍ර පරීක්ෂාව, ආගමන සහ විගමන පරිශ්‍රය ඇතුළුව ගුවන් තොටුපොළේ සෑම අංශයක්ම අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක් විය. එහිදී ගුමන් මගීන් අපසුතාවට පත් කරන දුර්වලතා සහ අඩුපාඩු රැසක් හඳුනා ගත් අතර අමාත්‍යවරුන් දෙපොළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ කඩිනම් වැඩපිළිවෙලක් යටතේ ගුවන් මගීන්ට වඩාත් උසස් සේවාවක් ලබා දීමට කටයුතු කරන ලෙසයි.

    “අමාත්‍යවරයා ලෙස විතරක් නෙමෙයි සාමාන්‍ය ගුවන් මගියකු ලෙසටත් මම මේ ප්‍රශ්නය බොහෝ කාලයක සිට හඳුනාගෙන තිබෙනවා. ඒ නිසාම විෂය භාර අමාත්‍යවරයා ලෙස මේ ප්‍රශ්නවලට ස්ථීර සාර්ථක විසදුම් ලබා දීමට මම අපේක්ෂා කරනවා. දැනටමත් අපි ගුවන් තොටුපොළ පරිශ්‍රය නවීකරණය කිරීමටත් පහසුකම් වැඩි කිරීමටත් කටයුතු කරමින් සිටිනවා. අපේ අරමුණ වන්නේ ගුවන් මගියාට සතුටින් මේ රටින් පිටව යාමටත් සතුටින් මෙරටට පැමිණිමටත් අවශ්‍ය පරිසරය සැකසීමයි. එතැනදී අපේ ආයතනවලට වගේම ගුවන් සමාගම්වටලත් වැඩි වගකීමක් පැවරෙනවා. අද සමහර ගුවන් සමාගම්වල මානව සම්පත්වල විශාල අඩුවක් නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. සමහර කවුන්ටර වහලා. මගීන්ට මඟ පෙන්වන්න ඔවුන්ගේ නියෝජිතයින් නැහැ. මගීන් අතරමං වෙලා එහේ මෙහේ යනවා. ගුවන් සමාගම් වුණාම මුදල් උපයන එක පමණක් නෙමෙයි මගීන් ගැනත් සිතන්න ඕන. ඉතිං මේ ප්‍රශ්නය ඉදිරියේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා විසදුමක් ලබා ගැනීමට මාත් වජිර අබේවර්ධන ඇමැතිතුමාත් අපේක්ෂා කරනවා…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

    ඊට එක්වෙමින් අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍යතුමාද පැවසුවේ ගුවන් සමාගම්වල සේවක හිඟයට වහාම පිළියම් යෙදීම අදාල ආයතනවල වගකිම වන බවයි.

    “ගුවන් තොටුපොළේ පහසුකම් වැඩි කිරීම පිළිබඳව පසුගිය කාලයේදී විශාල වශයෙන් ප්‍රශ්න සහ ගැටළු මතු වුණා. විශේෂයෙන්ම මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මේ අනුව පෙනී යන කාරණය නම් රටට තවත් ගුවන් තොටුපොළක් අවශ්‍යයි…”යිද වජිර අබේවර්ධන අමාත්‍යතුමා පැවසීය.

    – තමීර මංජු
    Lankacnews
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    We do not need another airport. Our airport runways tarmac are empty most of time . How many airplanes and how many passengers pass our airport for a day and compare that with any other airport . It is very clear that our airport in Katunayake is underutilized.

    But it is also clear that processes to get clearance take lot of time and this is the thing that needs attention.

    We do not need an airport but need more careful management of the resources we have.

    Ministers VIPs and Foreign Service personnel do not experience the hazel and that is the reason for not improving this vital service.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    okkotama kalin taxi mafia eka nawaththanna ona. uber wage unta enna denne na. airpot taxi un hinda thamayi godakma karadara. un boruwata nawaththan innawa othana.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Oka hadanna ban hitiye yahapalanaya gaana wadi kiyala nawaththuwa.meke comments balapan.:(

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    We do not need another airport. Our airport runways tarmac are empty most of time . How many airplanes and how many passengers pass our airport for a day and compare that with any other airport . It is very clear that our airport in Katunayake is underutilized.

    But it is also clear that processes to get clearance take lot of time and this is the thing that needs attention.

    We do not need an airport but need more careful management of the resources we have.

    Ministers VIPs and Foreign Service personnel do not experience the hazel and that is the reason for not improving this vital service.

    As far as I know our airport is running well over its intended capacity. Can’t remember the actual figures but it was something like 6 million vs 9 million. Phase 2 of the expansion project was supposed to add a further 9 million adding upto a total capacity of 15 million.
     
    Last edited: