කටුනායක පිහිටි ‘නෙක්ස්ට්’ ඇඟලුම් සේවිකාවකට කොරෝනා

priyade

Well-known member
  • Dec 2, 2017
    10,629
    6,182
    113
    කටුනායක පිහිටි ‘නෙක්ස්ට්’ ( Next Manufacturing ) ඇඟලුම් කම්හලේ සේවිකාවට ද කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

    සීදූව, රාජපක්ෂපුර පදිංචි 38 හැවිරිදි දෙදරු මවක් වන අදාළ කාන්තාවට වෛරසය වැළඳී ඇති ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇය


    සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අනෙකුත් සේවකයින් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

    ඇයගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට ද පියවරගෙන ඇති අතර ඔවුන් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.

    මේවනවිට ඇඟලුම් සේවිකාවන්ට කොරෝනා ඇතිය යන සැකය මත බ්‍රැන්ඩික්ස්ට අමතර ඇඟලුම් ආයතන 3 ක් වසා දමා ඇතැයිද උදෑසන වාර්තා විය.
     
    • Like
    Reactions: NRTG