කටුනායක හිර වෙයි
කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කටයුතු කාර්යක්ෂම සහ කඩිනමින් සිදු කිරීම සඳහා අලුතින් ස්ථාපිත කර ඇති පරිගණක සහ ගුවන් ගමන් බලපත්‍ර ස්කෑන් කිරීමේ යන්ත්‍ර නිසා, පෙරට වඩා කාලය තුන් ගුණයකින් පමණ වැඩි වී ගුවන් තොටුපළ තුළ ගුවන් මගීන්ගේ දිගු පෝලිම් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
මෙම පරිගණක යන්ත්‍ර 50 ක් පමණ සහ මෙම ස්කෑනර් යන්ත්‍ර 50 ක් පමණ මේ වසරේ දෙසැම්බර් මස 01 දා සිට සවි කර ඇති අතර, එදා සිටම මෙසේ දිගු පෝලිම් ඇති වී දක්නට ලැබීම සුලභ දසුනක් වී තිබේ.
සෑම වසරකම නොවැම්බර් මාසයේ සිට අනෙක් වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් පැමිණීමේ කාළය වී ඇති බැවින් මෙම තත්ත්වය තවත් උග්‍ර වී තිබේ.
මේ තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දැඩි ලෙස වෙහෙසට පත් වී ඇති අතර, ඔවුන් සිය දෛනික රාජකාරී සඳහා පැමිණීමට ද අදි මදි කරන තත්ත්වයක් ද උදා වී ඇති බවද වාර්තා වේ.
මෙම පරිගණක සහ ස්කෑනර් යන්ත්‍ර සඳහා රුපියල් කෝටි ගනනක් වැය කර ඇති බවද , එහෙත් එම යන්ත්‍ර සියල්ලම මෙම ආයතනයේ අවශ්‍යතාවයන්ට කිසිසේත් නොගැලපෙන ඒවා බවද , මෙම යන්ත්‍ර මිලදී ගැනීමේ දී මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කළා ද යන සැකය මතු වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
Ada derana