කටුස්සව දැක්කද ? V V V V V V V V V V V V V
Prasad♠ Well-known member Nov 2, 2009 1,515 419 83 කුරුණෑගල Jun 28, 2011 #1 කටුස්සව දැක්කද ? V V V V V V V V V V V V V Reactions: inranasingha, windows7, sandhanuwan1 and 1 other person
coolparkinglot Well-known member Sep 17, 2008 4,054 737 113 38 කන්ද උඩරට Jun 28, 2011 #3 ammata siri ...:
uditha224 Well-known member Jan 6, 2009 1,413 746 113 ඇමසන් වනාන්තරයේ Jun 28, 2011 #5 adoooooooo elane
Iron Monger Well-known member Apr 4, 2011 12,778 2,387 113 ලුණුවිල. Jun 28, 2011 #7 pana yanakan hoyalai dakke ban...
urajdrlk Well-known member Jul 6, 2006 102,073 3,514 113 Inside Your Laptop ;) Jun 28, 2011 #9 Kooo......
maxxaa Member Sep 9, 2010 8,331 588 0 Address නෑ Jun 28, 2011 #16 vidura99 said: ko???????? Click to expand... kalisama asse balapan.
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද Jun 28, 2011 #18 hena veavak giya hoya ganna, patta pic eka 6+++
inranasingha Well-known member Jan 27, 2008 5,819 1,788 113 රජයේ රෝහල Jun 28, 2011 #19 අපේ පුන්චි රට තවත් ලස්සන කරන,කවුරුත් වැඩිය හිතන්නේ නැති කටුස්සන් ගැනයි මේ තොරතුරු; ශ්‍රී ලන්කාවේ කටුසු විශේෂ 18ක් ඉන්නවා.එයින් 15ක්ම අපේ රටට ආවේණිකයි. ඒ කියන්නේ අපේ රටේ විතරයි ඉන්නේ.කටුස්සන්ව මෙන්න මේ විදියට වර්ග කරන්න පුළුවන්. රාජධානිය(kingdom)=animalia වර්ගය(ciass)=reptilia කුලය(family)=agamidae ගෝත්‍රය(order)=squamata උප ගෝත්‍රය(sub order)=sauria ලන්කාවේ ගණ 6ක් ඉන්නවා. 1). Calotes 2). Ceratophora 3). Lyriocephalus 4). Cophotis 5). Sitana 6). Otocryptis දැන් බලමු මේ අයගේ විස්තර ටිකක්; 1) Calotes calotes(Green garden Lizard)පලා කටුස්සා. මෙයා තමයි විශාලම එක්කෙනා.දීප්තිමත් කොළ පාටයි.පිටේ නිල්-සුදු/තද කොළ/සුදු/ක්‍රීම් පාට ඉරි 4-5ක් තියෙනවා.වලිගයෙත් ඉරි තියෙනවා.ඔළුවේ පාට රතු->අඳුරු නිල් වගේ වෙනස් කරන්න පුළුවන්.පිටේ කිරුලක් වගේ තියෙනවා.බෙල්ල යට කහ පාට පුන්චි මල්ලක් වගේ තියෙනවා. තෙත් කලාපයේ තමයි ඉන්නේ.අපේ ගෙවත්තෙත් ඉන්නේ...... 2) Calotes versicolor(oriental garden Lizard)ගරා කටුස්සා. අළු-දුඹුරු/කහ/ලා රෝස පාටයි.පිටෙ අළු-දුඹුරු පාට සලකුණු තියෙනවා. ගැහැණු සතාගේ පිටේ සිට වලිගය දක්වා දීප්තිමත් කහ ඉරි 2ක් තියෙනවා.ලන්කාවේ හැම තැනකම වගේ ඉන්නවා.අපේ ගෙවත්තේ මේගොල්ලොත් ඉන්නවා. 3) Calotes ceylonensis(ceylon painted-lip Lizard)තොල විසිතුරු කටුස්සා. අළු-දුඹුරු/තද දුඹුරු පාටයි.පිටේ ලා පාට හරස් ඉරි තියෙනවා.උඩු තොලේ ලා පාට ඉරක් තියෙනවා.වියළි හා අර්ධ ශුෂ්ක කලාපවල 400m දක්වා ඉන්නවා. 4)Calotes liolepis(Ceylon common whistling Lizard) උරුවන් කටුස්සා. ඇඟ කොළ පාටයි.සුදු සලකුණු තියෙනවා.ඇහැට යටින් සුදු සළකුණු තියෙනවා. උරහිස(shoulder pit)සුදු/ක්‍රීම් පාටයි.බෙල්ල යට සුදු/රතු මිශ්රයි.තෙත් කලාපයේ 100mට අඩු තැන්වල ඉන්නේ. 5)Calotes desilvai(Ceylon whistling Lizard )ශ්‍රී ලන්කා උරුවන් කටුස්සා. ඉස්සෙල්ලා එක්කෙනා වගේමයි.ඒත් මෙයාගේ උරහිස(shoulder pit)කළු පාටයි.පැහැදිළි පැසක්(gular sac) තියෙනවා.පිටේ කළු හරස් පටි තියෙනවා.සින්හරාජයේ morning sideකියන පැත්තේ විතරයි ඉන්නේ. 6) Calotes liocephalus(Ceylon crest-less Lizard)නොසිළු කටුස්සා. කොළ-නිල්/කොළ,අඳුරු කොළ,ඔලිව් කොළ පාටයි.පිටේ අඳුරු/තද හරස් ඉරි තියෙනවා.උගුර කහ-කොළ.උඩු තොලේ සිට බෙල්ල දක්වා තද සුදු පටියක් තියෙනවා. නකල්ස් වල ව්තරයි ඉන්නේ. 7) Calotes nigrilabris(Ceylon black cheek Lizard)කළු-කොපුල් කටුස්සා. කොළ පාටයි.සුදු හරස් ඉරි පිටේ තියෙනවා.උඩු තොල,කම්මුල් කළු පාටයි. හෝර්ටන් තැන්න,නුවර එළිය,හක්ගල ඉන්නවා. 8) Ceratophora aspera(Rough horned Lizard)පුන්ච් රළු අන් කටුස්සා. අඳුරු දුඹුරු->ගඩොල් රතු ඇඟේ ලා/තද පාට සළකුණු තියෙනවා.හිසේ අඟක් වගේ කොටසක් තියෙනවා.පහතරට තෙත් කලාපයේ තමයි ඉන්නේ. 9)Ceratophora stoddartii (Rhino horned Lizard)රයිනෝ අන් කටුස්සා. දුඹුරු-කොළ/කහ-දුඹුරු/ඔලිව් කොළ පාටයි.පිටේයි,කකුල්වලයි දුඹුරු පාට හරස් ඉරි තියෙනවා.සුදු පාට පැහැදිළි අඟක් තියනවා.උඩු තොලෙයි,උගුරෙයි සුදු පාට තියෙනවා.වළාකුළු වනාන්තරවල තමයි ඉන්නේ. 10) Ceratophora tennentii(Leaf horned Lizard)පත්‍ර අන් කටුස්සා. රතු-දුඹුරු/ඔලිව් කොළ පාටයි.අඳුරු දුඹුරු සලකුණු පිටේ තියෙනවා.නාසයේ කෙළවර සිට හනුව(jaw) දක්වා සුදු තීරුවක් තියෙනවා.ව්ශාල,මාන්ශලමය, පුන්චි කොරළ වලින් යුත් අඟක් තියෙනවා.කකුල්වලයි,වලිගයේයි අඳුරු පටි තියෙනවා.නකල්ස් වල එනසාල් වගාව අශ්‍රිතව දක්නට ලැබෙනවා. 11) Ceratophora erdeleni(Erdelen's horned Lizard)අර්ඩ්ල(ර්)නිගේ අන් කටුස්සා. දීප්තිමත් දුඹුරු/කහ-දුඹුරු පාට ඇඟේ තද දුඹුරු පටි තියෙනවා.කුඩා අඟක් තමයි තියෙන්නේ.සින්හරාජයේ morning side කියන ප්‍රදේශයේ තමයි ඉන්නේ. 12) Ceratophora karu(Karu's horned Lizard)කරූගේ අන් කටුස්සා. කළු-දුඹුරු->ඔලිව් දුඹුරු පාටයි.සන්කීර්ණ,අඟක් ලෙසට සකස් වූ කොරළ තියෙනවා.සින්හරාජයේ morning side කියන ප්‍රදේශයේ ඉන්නවා. 13) Cophotis ceylanica(Mountain pigmy Lizard)කඳුකර කුරු කටුස්සා. ඔලිව් කොළ පාට ඇඟේ දීප්තිමත්/තද සලකුණු තියෙනවා.ඒ වගේම රතු- දුඹුරු/ක්‍රීම් පාට ඉරි උඩු තොලේ සිට උරහිස් දක්වා තියෙනවා.ඇඟේ තරමක් විශාල කොරළ උඩු අතට පිහිටලා තියෙනවා.පිටුපස පාදවල 3වන ඇඟිල්ලට වඩා 4වන ඇඟිල්ල දිගයි.පිරිමි සතුන්ගේ උගුරේ දුඹුරු පාට පටි හැම අතටම විහිදිලා තියෙනවා.මධ්‍යම කඳුකරයේ 1300mට ඉහළින් තමයි ඉන්නේ. 14) Cophotis dumbara(Knuckles pigmy Lizard)දුම්බර කුරු කටුස්සා. මෙයා 13 වගේමයි.ඒත් මෙයාගේ වලිගය ග්‍රාහකයි.පිටේ කොරළ යට අතට තියෙන්නේ.උඩු ගෙළ පැස කුඩායි.කහ-කොළ පාටයි.දීප්තිමත්/තද සලකුණු තියෙනවා.පිරිමි සතාගේ උගුරේ දුඹුරු හරස් ඉරි ක්‍රමවත්ව තියෙනවා. නකල්ස්,රිවර්ස්ටන් වල ඉන්නවා. 15) Lyriocephalus scutatus(Hump nosed Lizard)ගැට හොඹු කටුස්සා. කුරුඳු ගස් වල දුඹුරු පාටට හුරුයි.යට පැත්ත සුදු පාටයි.උඩු ගෙළ පැස කහ පාටයි,විශාලයි.පිටේයි,ඇසට ඉහළිනුයි කිරුළක් ලෙසට කොරළ තියෙනවා,කොළ පාටයි. නාසයේ අග ගැටයක් වගේ තියෙනවා.තෙත් වනාන්තරවල 1650mට පහළිනුයි ඉන්නේ. 16) Otocryptis wiegmanni(Brown-patched kangaroo-Lizard)පිනුම් කටුස්සා. අඳුරු දුඹුරු/රතු-දුඹුරු පාටයි.ඔළුව කළු-දුඹුරුයි.පිටේ තද සලකුණු තියෙනවා.පිරිමි සතාගේ පැහැදිළි උඩු ගෙළ පැසක් තියෙනවා,ලා දුඹුරු. ඒකේ රතු-දුඹුරු පටියක් තියෙනවා.ඉදිරි පාද වලට වඩා පසුපස පාද දිගින් වැඩියි.එයාට නම ලැබිලා තියෙන්නෙත් ඒ නිසා.තෙත් කලාපයේ 1340m තෙක්(දකුණු පළාතේ විශේෂයෙන්)ඉන්නවා. 17) Otocryptis nigristigma(Black-patched kangaroo Lizard)කළු ලප පිනුම් කටුස්සා. කෝපි-දුඹුරු->කළු දුඹුරු පාටයි.ඔළුව කළු-දුඹුරුයි.මෙයා 16න් වෙනස් වෙන්නේ,මෙයාගේ උඩු ගෙළ පැසේ තියෙන පටිය කළු පාට වීමෙන්. වියළි කලාපයේ 450m තෙක් ඉන්නවා. 18) Sitana ponticeriana(Fan-throat sand Lizard)තිත් වැළි කටුස්සා. දීප්තිමත්/ අඳුරු දුඹුරු පාටයි.පිටේ තද දුඹුරු තිත් යුගළ් 6ක් තියෙනවා. මෙයාලගේ උඩු ගෙළ පැසේ පිටුපසින්ම රතු/රෝස,මැදින් කළු,ඉදිරිපසින් නිල් පාට තියෙනවා.ඉදිරි පාද වල ඇඟිලි 5කුත්,පසුපස 4කුත් තියෙනවා. ඉන්නේ වියළි කලාපයේ. උදව් කළේ පෙම්බරිය උපේක්ෂා... Reactions: Prasad♠
අපේ පුන්චි රට තවත් ලස්සන කරන,කවුරුත් වැඩිය හිතන්නේ නැති කටුස්සන් ගැනයි මේ තොරතුරු; ශ්‍රී ලන්කාවේ කටුසු විශේෂ 18ක් ඉන්නවා.එයින් 15ක්ම අපේ රටට ආවේණිකයි. ඒ කියන්නේ අපේ රටේ විතරයි ඉන්නේ.කටුස්සන්ව මෙන්න මේ විදියට වර්ග කරන්න පුළුවන්. රාජධානිය(kingdom)=animalia වර්ගය(ciass)=reptilia කුලය(family)=agamidae ගෝත්‍රය(order)=squamata උප ගෝත්‍රය(sub order)=sauria ලන්කාවේ ගණ 6ක් ඉන්නවා. 1). Calotes 2). Ceratophora 3). Lyriocephalus 4). Cophotis 5). Sitana 6). Otocryptis දැන් බලමු මේ අයගේ විස්තර ටිකක්; 1) Calotes calotes(Green garden Lizard)පලා කටුස්සා. මෙයා තමයි විශාලම එක්කෙනා.දීප්තිමත් කොළ පාටයි.පිටේ නිල්-සුදු/තද කොළ/සුදු/ක්‍රීම් පාට ඉරි 4-5ක් තියෙනවා.වලිගයෙත් ඉරි තියෙනවා.ඔළුවේ පාට රතු->අඳුරු නිල් වගේ වෙනස් කරන්න පුළුවන්.පිටේ කිරුලක් වගේ තියෙනවා.බෙල්ල යට කහ පාට පුන්චි මල්ලක් වගේ තියෙනවා. තෙත් කලාපයේ තමයි ඉන්නේ.අපේ ගෙවත්තෙත් ඉන්නේ...... 2) Calotes versicolor(oriental garden Lizard)ගරා කටුස්සා. අළු-දුඹුරු/කහ/ලා රෝස පාටයි.පිටෙ අළු-දුඹුරු පාට සලකුණු තියෙනවා. ගැහැණු සතාගේ පිටේ සිට වලිගය දක්වා දීප්තිමත් කහ ඉරි 2ක් තියෙනවා.ලන්කාවේ හැම තැනකම වගේ ඉන්නවා.අපේ ගෙවත්තේ මේගොල්ලොත් ඉන්නවා. 3) Calotes ceylonensis(ceylon painted-lip Lizard)තොල විසිතුරු කටුස්සා. අළු-දුඹුරු/තද දුඹුරු පාටයි.පිටේ ලා පාට හරස් ඉරි තියෙනවා.උඩු තොලේ ලා පාට ඉරක් තියෙනවා.වියළි හා අර්ධ ශුෂ්ක කලාපවල 400m දක්වා ඉන්නවා. 4)Calotes liolepis(Ceylon common whistling Lizard) උරුවන් කටුස්සා. ඇඟ කොළ පාටයි.සුදු සලකුණු තියෙනවා.ඇහැට යටින් සුදු සළකුණු තියෙනවා. උරහිස(shoulder pit)සුදු/ක්‍රීම් පාටයි.බෙල්ල යට සුදු/රතු මිශ්රයි.තෙත් කලාපයේ 100mට අඩු තැන්වල ඉන්නේ. 5)Calotes desilvai(Ceylon whistling Lizard )ශ්‍රී ලන්කා උරුවන් කටුස්සා. ඉස්සෙල්ලා එක්කෙනා වගේමයි.ඒත් මෙයාගේ උරහිස(shoulder pit)කළු පාටයි.පැහැදිළි පැසක්(gular sac) තියෙනවා.පිටේ කළු හරස් පටි තියෙනවා.සින්හරාජයේ morning sideකියන පැත්තේ විතරයි ඉන්නේ. 6) Calotes liocephalus(Ceylon crest-less Lizard)නොසිළු කටුස්සා. කොළ-නිල්/කොළ,අඳුරු කොළ,ඔලිව් කොළ පාටයි.පිටේ අඳුරු/තද හරස් ඉරි තියෙනවා.උගුර කහ-කොළ.උඩු තොලේ සිට බෙල්ල දක්වා තද සුදු පටියක් තියෙනවා. නකල්ස් වල ව්තරයි ඉන්නේ. 7) Calotes nigrilabris(Ceylon black cheek Lizard)කළු-කොපුල් කටුස්සා. කොළ පාටයි.සුදු හරස් ඉරි පිටේ තියෙනවා.උඩු තොල,කම්මුල් කළු පාටයි. හෝර්ටන් තැන්න,නුවර එළිය,හක්ගල ඉන්නවා. 8) Ceratophora aspera(Rough horned Lizard)පුන්ච් රළු අන් කටුස්සා. අඳුරු දුඹුරු->ගඩොල් රතු ඇඟේ ලා/තද පාට සළකුණු තියෙනවා.හිසේ අඟක් වගේ කොටසක් තියෙනවා.පහතරට තෙත් කලාපයේ තමයි ඉන්නේ. 9)Ceratophora stoddartii (Rhino horned Lizard)රයිනෝ අන් කටුස්සා. දුඹුරු-කොළ/කහ-දුඹුරු/ඔලිව් කොළ පාටයි.පිටේයි,කකුල්වලයි දුඹුරු පාට හරස් ඉරි තියෙනවා.සුදු පාට පැහැදිළි අඟක් තියනවා.උඩු තොලෙයි,උගුරෙයි සුදු පාට තියෙනවා.වළාකුළු වනාන්තරවල තමයි ඉන්නේ. 10) Ceratophora tennentii(Leaf horned Lizard)පත්‍ර අන් කටුස්සා. රතු-දුඹුරු/ඔලිව් කොළ පාටයි.අඳුරු දුඹුරු සලකුණු පිටේ තියෙනවා.නාසයේ කෙළවර සිට හනුව(jaw) දක්වා සුදු තීරුවක් තියෙනවා.ව්ශාල,මාන්ශලමය, පුන්චි කොරළ වලින් යුත් අඟක් තියෙනවා.කකුල්වලයි,වලිගයේයි අඳුරු පටි තියෙනවා.නකල්ස් වල එනසාල් වගාව අශ්‍රිතව දක්නට ලැබෙනවා. 11) Ceratophora erdeleni(Erdelen's horned Lizard)අර්ඩ්ල(ර්)නිගේ අන් කටුස්සා. දීප්තිමත් දුඹුරු/කහ-දුඹුරු පාට ඇඟේ තද දුඹුරු පටි තියෙනවා.කුඩා අඟක් තමයි තියෙන්නේ.සින්හරාජයේ morning side කියන ප්‍රදේශයේ තමයි ඉන්නේ. 12) Ceratophora karu(Karu's horned Lizard)කරූගේ අන් කටුස්සා. කළු-දුඹුරු->ඔලිව් දුඹුරු පාටයි.සන්කීර්ණ,අඟක් ලෙසට සකස් වූ කොරළ තියෙනවා.සින්හරාජයේ morning side කියන ප්‍රදේශයේ ඉන්නවා. 13) Cophotis ceylanica(Mountain pigmy Lizard)කඳුකර කුරු කටුස්සා. ඔලිව් කොළ පාට ඇඟේ දීප්තිමත්/තද සලකුණු තියෙනවා.ඒ වගේම රතු- දුඹුරු/ක්‍රීම් පාට ඉරි උඩු තොලේ සිට උරහිස් දක්වා තියෙනවා.ඇඟේ තරමක් විශාල කොරළ උඩු අතට පිහිටලා තියෙනවා.පිටුපස පාදවල 3වන ඇඟිල්ලට වඩා 4වන ඇඟිල්ල දිගයි.පිරිමි සතුන්ගේ උගුරේ දුඹුරු පාට පටි හැම අතටම විහිදිලා තියෙනවා.මධ්‍යම කඳුකරයේ 1300mට ඉහළින් තමයි ඉන්නේ. 14) Cophotis dumbara(Knuckles pigmy Lizard)දුම්බර කුරු කටුස්සා. මෙයා 13 වගේමයි.ඒත් මෙයාගේ වලිගය ග්‍රාහකයි.පිටේ කොරළ යට අතට තියෙන්නේ.උඩු ගෙළ පැස කුඩායි.කහ-කොළ පාටයි.දීප්තිමත්/තද සලකුණු තියෙනවා.පිරිමි සතාගේ උගුරේ දුඹුරු හරස් ඉරි ක්‍රමවත්ව තියෙනවා. නකල්ස්,රිවර්ස්ටන් වල ඉන්නවා. 15) Lyriocephalus scutatus(Hump nosed Lizard)ගැට හොඹු කටුස්සා. කුරුඳු ගස් වල දුඹුරු පාටට හුරුයි.යට පැත්ත සුදු පාටයි.උඩු ගෙළ පැස කහ පාටයි,විශාලයි.පිටේයි,ඇසට ඉහළිනුයි කිරුළක් ලෙසට කොරළ තියෙනවා,කොළ පාටයි. නාසයේ අග ගැටයක් වගේ තියෙනවා.තෙත් වනාන්තරවල 1650mට පහළිනුයි ඉන්නේ. 16) Otocryptis wiegmanni(Brown-patched kangaroo-Lizard)පිනුම් කටුස්සා. අඳුරු දුඹුරු/රතු-දුඹුරු පාටයි.ඔළුව කළු-දුඹුරුයි.පිටේ තද සලකුණු තියෙනවා.පිරිමි සතාගේ පැහැදිළි උඩු ගෙළ පැසක් තියෙනවා,ලා දුඹුරු. ඒකේ රතු-දුඹුරු පටියක් තියෙනවා.ඉදිරි පාද වලට වඩා පසුපස පාද දිගින් වැඩියි.එයාට නම ලැබිලා තියෙන්නෙත් ඒ නිසා.තෙත් කලාපයේ 1340m තෙක්(දකුණු පළාතේ විශේෂයෙන්)ඉන්නවා. 17) Otocryptis nigristigma(Black-patched kangaroo Lizard)කළු ලප පිනුම් කටුස්සා. කෝපි-දුඹුරු->කළු දුඹුරු පාටයි.ඔළුව කළු-දුඹුරුයි.මෙයා 16න් වෙනස් වෙන්නේ,මෙයාගේ උඩු ගෙළ පැසේ තියෙන පටිය කළු පාට වීමෙන්. වියළි කලාපයේ 450m තෙක් ඉන්නවා. 18) Sitana ponticeriana(Fan-throat sand Lizard)තිත් වැළි කටුස්සා. දීප්තිමත්/ අඳුරු දුඹුරු පාටයි.පිටේ තද දුඹුරු තිත් යුගළ් 6ක් තියෙනවා. මෙයාලගේ උඩු ගෙළ පැසේ පිටුපසින්ම රතු/රෝස,මැදින් කළු,ඉදිරිපසින් නිල් පාට තියෙනවා.ඉදිරි පාද වල ඇඟිලි 5කුත්,පසුපස 4කුත් තියෙනවා. ඉන්නේ වියළි කලාපයේ. උදව් කළේ පෙම්බරිය උපේක්ෂා...
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Jun 28, 2011 #20 Meketh kola katussek innawa uwa nan dakka