කටුසු ආතල්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
කවුද මහත්තයෙක්ට කටුස්සෙක් හම්බෙලා. ඌ එක්ක ගන්න ආතල් එක තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. විනාඩි 4 යි..



වීඩියෝ එක දකිද්දී මතක් උනේ, ලංකාවේ කෙනෙක් ලියපු බ්ලොග් එකක්. ඒකත් ඔන්න මෙතන අලවනවා.

මගේ හූන් යාලුවා...


පනින්න පෙර සිතා බලන්න කියලා කියමනකුත් තියෙනවනේ... ඉතින් මේක කියන්න කලින් මම සැරයක් දෙසැරයක් නෙමේ තුන් හතර පාරක්ම හිතුවා... මොකද මේක කියවලා සමහරු මාව පිස්සෙක් විදිහට ගනන් ගන්න පුලුවන් නිසා...

අපේ ගෙදර සාම්ජිකයෝ හතර දෙනෙක් ඉන්නවා... අම්මා තාත්තා නංගි සහ මම... දැන් මාසෙකට විතර උඩදී අපේ ගෙදරට අලුත් සාමාජිකයෙක් එක්වුනා... එයාගේ අම්මයි තාත්තයි මැරිලා... [මම හිතන්නෙ එහෙම තමා... මොකද මම තාම ඒ දෙන්නව ඇහැකට දැක්කෙ නෑ...]

මෙයා පැටියා කාලෙ ඉදන් හැමදාම ඉන්නේ මගෙ මේසෙ උඩ... සාලෙදි ස්ටූල් එක උඩ... ඔය තැන් දෙක තමා මෙයාගෙ වාසස්ථාන උනේ... මෙයා කවමදාකවත් බිත්ති වල බඩගානවා දැක්කෙම නෑ... මෙයාගෙ නෑදෑ වෙන කිහිප දෙනෙක් අපේ ගෙදර හිටියත් මෙයා ගාවට එනවා මම පහුගිය මාසෙ පුරාවටම දැක්කෙත් නෑ... මොනා කරන්නද ඉතින් පව් අහිංසකයා...

සමහර දවස් වලට එයා මගේ කකුල ගාවට ඇවිල්ලා පොඩ්ඩක් ගෑවිලා ආයෙ ඈතට දූවගෙන යනවා... හරියට මාත් එක්ක සෙල්ලන් කරනවා වගේ...

අපේ නංගිගෙයි සත්තුන්ගෙයි ඒ හැටි වෙනසක් නැති උනත් එයා සත්තුන්ට ප්‍රාණ බයක් තියෙන්නේ... මගෙ මේ යාලුවා කොයි වෙලෙත් අපේ ගෙදර අයත් එක්ක ඉන්න නිසාත් නංගි ගාවට මෙයා නිතරම එන නිසාත් නංගි පුදුම බයකින් හිටියේ... මේ හේතු නිසාම අපේ නංගි මෙයාව ඝාතනය් කරන්න සැලසුම් කිහිපයක්ම ක්‍රියාත්මක කරා... ඒත් දෙයියන්ගෙ පිහිටෙන් ඒ එකක්වත් සාර්ථක උනේ නෑ... මේ සිද්ධිය දකිද්දි මට මතක් උනේ රස්පුටින්ව... මොකද එයාවත් මරන්න ලේසි උනේ නෑනේ... ඒ නිසා මම මගේ මේ යාලුවට රස්පුටින් කියලා නම දැම්මා...

මම මෙයාට කන්න බත් ඇට දැම්මා... තාම පොඩි එකා හන්දා මැස්සො කන්න දන්නෙ නැද්ද කියලා කව්ද දන්නෙ... ඒත් මූ යස වැඩකාරයා... දැන් මට පේන්නමද කොහෙද මෙයා මගෙ ඉස්සරහම මැස්සො අල්ලන් කනවා...

ඔයාලා කිව්වට විශ්වාස කරයිද දන්නෑ... මම මේ පෝස්ට් එක ලියද්දිත් මෙයා මගෙ ඉස්සරහා හිටියේ... සැපේදි ඉන්න දුකේදි උන්නද මලාද කියලවත් බලන්නෙ නැති යාලුවන්ට වඩා මගේ මේ හූන් යාලුවා දාහෙන් සම්පතක්... මොකද එයාව දකිද්දිත් හිතට සතුටක් දැනෙන නිසා...

මගෙ හූන් යාලුවට ජයවේවා... !!!


 
Last edited: