කටු ගසා ලෙඩ අඩු කිරීම !!

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    කටු ගසා ලෙඩ අඩු කිරීම !!



    katu_helth_290px_17-02-12.gif

    වසර 3,000කට අධික දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කටුගැසීමේ වෛද්‍යක‍්‍රමය චීනයෙන් බිහිවූවකි. චීනයේ මුල්ආරම්භය සනිටුහන්වීමත් සමඟ මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය සේද මාවත ඔස්සේ පැතිරුණු බවටත් පසුව අරාබිකරයට පැතුරුණු බවටත් විශ්වාසයක් පවතී. කෙසේ වුවද චීනකටු වෛද්‍යක‍්‍රමය මේවනවිට සමස්ත රට පුරාම පැතිර ඇත.

    නූතන
    වෛද්‍ය ක‍්‍රම අතර චීන කටු වෛද්‍ය ක‍්‍රමය ස්විශේෂී වන්නේ එය කිසිදු පෙතිවර්ගයක් හෝ දියරවර්ගයක් භාවිතා කිරීමෙන් තොරව රෝග සුවකරන ප‍්‍රතිකාර ක‍්‍රමයක් නිසාය.

    කොපර්, සිල්ව සහ ගෝල්ඩ් කටුවර්ග භාවිතා කරමින් රෝග සුවකිරීම මෙහිදී මූලිකවම සිදු කෙරේ. චීන කටු වෛද්‍යක‍්‍රමයට අනුව ඒ ඒ රෝගවල අදාළ නිල ස්ථාන බලා ප‍්‍රතිකාර කිරීම සිදුවේ. ඉහත කී කටුවර්ග භාවිතයෙන් රෝග සුවකරන අතර විශේෂයෙන් හිසකෙස් ගැලවීයාම සඳහා ප්ලම්බොසම් උපකරණයද පොතුකබර රෝගය සඳහා මෝක්සා උපකණයද රූපලාවන්‍ය කටයුතු සඳහා කොස්මටික් ඇපරේටර් යන්ත‍්‍රය සහ විවිධ මැණික් වර්ග යොදා ගනිමින්ද නිල තෙරපීම සිදු කරයි. මීට අමතරව නිල තෙරපීම සඳහා විද්‍යුත් උත්තේදජක යන්ත‍්‍රයද භාවිතා කරයි.
    %20%E0%B6%9C%E0%B7%83%E0%B7%8F%20%E0%B6%BD%E0%B7%99%E0%B6%A9%20%E0%B6%85%E0%B6%A9%E0%B7%94%20%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%2002.gif




    චීනකටු වෛද්‍ය ක‍්‍රමයේ පවතින න්‍යායන්ට අනුව ‘‘ඉං’’ සහ ‘‘යැං’’ අසමතුලිත වීම මත රෝග හටගන්නාබව පැවසේ.

    කටු
    මගින් ශරීරයේ නිල තෙරපීම ඔස්සේ එම ඉං සහ යැං සමතුලිත කිරීම සිදුවන බව චීනකටු වෛද්‍ය ක‍්‍රමයේ පිළිගැනීමයි.

    Dr.jpg

    Srilankamirror
     
    Last edited:
    • Like
    Reactions: askNalinda