කට ප‍්‍රවේසම් කරමු!

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කට ප‍්‍රවේසම් කරමු!

    කට ප‍්‍රවේසම් කරමු!

    රමළාන් සමය තුළ අපි විවිධ යාඥාවන්හි නියැලෙමින් ලබාගත් පන්නරය අති මහත්ය. ඒ අතුරින් අපේ කට ප‍්‍රවේසම් කරගැනීමටත් මනා අභ්‍යාසයක් ලැබෙයි. එයට පහත සඳහන් ප‍්‍රකාශයන් කදිම නිදසුනකි:

    ”කවුරුන් අසත්‍ය කථා කිරීමෙන්, අසත්‍ය ලෙස හැසිරීමෙන් වැළකි නොසිටීද ඔහු පිපාසයෙන් හා නිරාහාරව සිටීමෙන් අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවක් නොමැත” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ‍්‍රය: බුහාරි*.

    ”ඔබ උපවාසයෙන් පසුවන විට කෙනෙකු ඔබට බැණ වදී නම්, නැතහොත් ඔබත් සමග සණ්ඩු සරුවල් වෙයි නම්, මා උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පවසන්න.” යනුවෙන් නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළහ. (මූලාශ‍්‍රය: බුහාරි, මුස්ලිම්*.

    අපට රමළාන් සමය තුළ ලැබුනු මෙම අභ්‍යාසය අඛණ්ඩව පවත්වාගත යුතුය.

    ශුද්ධවූ අල්කුර්ආනය විශ්වාසවන්තයින්ගේ ගුණාංගයන් පිළිබඳ පවසන විට මෙසේ පවසයි:

    ”ඔවුන් අනවශ්‍ය දේ ශ‍්‍රවණය කළ විට එය පිළිකුල් කරන අතර අපගේ කි‍්‍රයාවන් අපට ඔබ කරන දේ ඔබට, ඔබට සාමය අපි අඥාන වන්තයින් ප‍්‍රිය නොකරමු යනුවෙන් ඔවුන් පවසති.” (ශු අල්කුර්ආනය 28: 55*.

    ”පරම දයාළු (අල්ලාහ්ගේ* දාසයන් මහ පොළොව මත ගමන් කරන විට යටහත් පහත්ව ගමන් කරති, ඔවුන් අඥානයින් හමුවූ විට ඔබට සාමය (සලාම්* යනුවෙන් පවසා (ඔවුන්ගෙන් ඈත්වී යති*” (ශු අල්කුර්ආන් 25: 63*.

    ”තවද ඔවුන් අසත්‍ය වෙනුවෙන් සාක්‍ෂි නොදෙන අතර, අනවශ්‍ය දේ දකින විට ගෞරවාන්විතව එය මග හරිති” (ශු අල්කුර්ආනය 25: 72*.

    සැබෑවූ අල්ලාහ්ගේ දාසයා අඥානව නොහැසිරෙන අතර, එවැනි චරිත හමුවූ විට පවා එම ගනයට නොවැටී ඥානාන්විතව ඔවුන් මගහරින බව ඉහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආන් පාඨයන් තුළින් තහවුරු වෙයි.

    විශ්වාසවන්තයින් සැම විටම තමන් කරන, කියන සියල්ල සටහන්වෙමින් පවතින බව අමතක නොකළ යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනය එම කාරණය මෙසේ සඳහන් කරයි: ”සැබවින්ම ඔබ වෙනුවෙන් ආරක්‍ෂකයින් පත් කොට ඇත. (ඔවුන්* ගෞරවාන්විත සටහන් කරුවන් වේ. ඔබ කරන දේ ඔවුන් දන්නේය.” (ශු අල්කුර්ආනය 82: 10-12*.

    ”ඔවුන් කථා කරන වචනයක්වූව ද එය සටහන්වෙමින් පවති.” (ශු අල්කුර්ආනය 50: 18*.

    ”කුමක් පිළිබඳ ඔබට නිසි (ඥානයක්* නොපවතීද එය පසුපස ලූහු බඳින්නට එපා. සැබවින්ම (විනිශ්ච දිනයෙහි* දෙසවන්, දෙනෙත්, සිත මේ සියල්ලෙහි කි‍්‍රයා කාරකම් පිළිබඳ ප‍්‍රශ්න කරනු ලබයි” (ශු අල්කුර්ආනය 17: 36*.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ”තවද (සටහන්* පොත (ඔවුන් ඉදිරියේ* තබනු ලබයි. එහි සටහන් දේ පිළිබඳව වැරදිකරුවන් දෙගිඩියාවකින් සිටීම ඔබ දකින්නේය. තවද ඔවුන් අපට අත්වූ පාඩුව! මෙම සටහන් පොතට සිදුවූයේ කුමක්ද? කිසිම සුළු දෙයක් හෝ ලොකු දෙයක් මග හැරී නැත යනුවෙන් පවසති. ඔවුන් කළ සියල්ල ඔවුන් ඉදිරියේ තැබීම ඔවුන් දකින්නේය. ඔබලාගේ හිමියන් කිසිවෙකුට අසාධාරයක් නොකරනු ඇත.” (ශු අල්කුර්ආනය 18: 49*.

    ”සෑම කෙනෙකුගේම කී‍්‍රයාවන් හි සටහන ඔවුන්ගේ ගෙළ (වටේ* එල්ලා ඇත්තෙමු. විනිශ්ච දිනයෙහි ඔහු වෙනුවෙන් සටහන් පොතක් පිටත් කරමු - විවෘතව ඔහු එය ලබාගන්නේය.

    ඔබේ සටහන් පොත ඔබම කියවා ඔබේ ආත්මයට එරෙහිව ඔබම විනිශ්චය කරගනු! (යනුවෙන් අපි පවසමු*.” (ශු අල්කුර්ආනය 17: 13, 14*.

    කට ප‍්‍රවේසම් කිරීමට ලැබෙන ප‍්‍රසාදය ස්වර්ගයයි:

    ”කවුරුන් තම කට හා ලිංගාශි‍්‍රත පෙදේස රැුකගන්නා බව පොරොන්දු වෙයිද ඔහුට මා ස්වර්ගය ලබාදීමේ වගකීම බාරගනිමි” යනුවෙන් නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: සහ්ල් ඉබ්නු සඃද් (රලි*, මූලාශ‍්‍රය: බුහාරි*.

    කට ප‍්‍රවේසම් නොකිරීමේ අනිටු විපාකය නිරයයි:

    ”වරක් පුද්ගලයකු නබි (සල්* තුමන් වෙත පැමිණ ජනයා බහුල වශයෙන් ස්වර්ගයට ප‍්‍රවිශ්ට කරවන්නේ කුමක්දැයි විමසා සිටියේය. එයට එතුමන් ”බිය බැතිකම හා යහපත් ගුණාංග” යනුවෙන් පිළිතුරු දුන්හ. ජනයා බහුල වශයෙන් නිරයට ප‍්‍රවිශ්ට කරවන්නේ කුමක්දැයි යළි ඔහු විමසා සිටියේය. එයට එතුමන් ”කට හා ලිංගාශි‍්‍රත පෙදේස” යනුවෙන් පිළිතුරු දුන්හ (විස්තර කරන්නේ: අබූහුරෙයිරා (රලි*, මූලාශ‍්‍රය: තිර්මිදි, මෙම පුවත හසන් යනු ෙෂෙක් අල්බානි (රහ්* ගේ නිගමනයයි*.

    සර්ව සම්පන්න අල්ලාහ්ගේ දායාදයන් අතුරින් අපේ සිරුරේ අංගයන් ද ශ්‍රේෂ්ඨ තැනක් උසුලයි. මෙම අංගයන් අපට රිසිසේ උපයෝගි කිරීමට නොහැක. එයට නිසි මගපෙන්වීමක් ඉස්ලාම් ලබාදෙයි. ඉහත ප‍්‍රකාශයන් තුළින් ගම්‍යමාන වන්නේ එයයි. අපේ කට යහපත් දේට හරවමින් උසස් ස්වර්ගයට ද හිමිකම් කිව හැක. අයහපත් දේට හරවමින් අති භයානකවූ නිරයටද තල්ලූ වෙන්න පුළුවන්. කෙනෙකුගේ කාමුක අවශ්‍යතාවන් ඉටු කරගැනීමට ඉස්ලාම් නිත්‍යානුකූල විවාහයක් තුළින් අවසර ලබාදෙයි. නමුත් වැරදි මාර්ගයකින් එම අවශ්‍යතාවන් ඉටු කරගැනීමට කෙනෙකු වෑයම් කරන විට ඔහුට සිදුවන්නේ කුමක්ද? යනු ඉහත ප‍්‍රකාශ තුළින් තහවුරු කරගත හැක.

    තම කට ප‍්‍රවේසම් කරන්නා සැබෑ මුස්ලිම් වේ:

    ”කවුරුන් තම දෑතින් හා කටින් සෙසු මුස්ලිම්වරුන්ට හිරි හැරයක් නොවෙයි ද ඔහු යි සැබෑ මුස්ලිම් වන්නේ” යනුවෙන් නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රලි*, මූලාශ‍්‍රය: බුහාරි, මුස්ලිම්*.

    ඉස්ලාමීය මූලික ප‍්‍රතිපත්තීන්, ඉස්ලාමීය යාඥා ක‍්‍රම කෙරෙහි කෙනෙකු කෙතරම් ලොකු මූලිකත්වයක් ලබාදෙයිද එයට නොදෙවැනි ස්ථානයක් සහෝදර මුස්ලිමෙකු වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් කෙරෙහි ද ලබා දිය යුතුයි.

    අන් සහෝදරයාට අපි පිහිටවීමට අපොහොසත් වූවත් අවම වශයෙන් ඔවුන්ට හිංසාවන්, පීඩාවන් කිරීමෙන් අපව ආරක්‍ෂා කරගත යුතුයි. සැබෑ මුස්ලිමෙකුට නබි (සල්* තුමන් දුන් අර්ථ කථනය කුමක්ද? යනු ඉහත ප‍්‍රකාශයෙන් මොනවට තහවුරු වෙයි. එය අපේ යටි සිතේ රඳවාගෙන ක‍්‍රියා කිරීමට අපි වග බලාගත යුතුයි.

    කෙනෙකු අධිකව සැලකිලිමත් විය යුත්තේ දිව සම්බන්ධවයි:

    ”වරක් සුෆ්යාන් ඉබ්නු අබ්දුල්ලාහ් අස්සකෆී (රලි* නබි (සල්* තුමන්ගෙන්, ශාස්තෘවරයානනි! මාගේ විෂයෙහි ඔබ අධිකව බියවන්නේ කුමක්ද? යනුවෙන් විමසා සිටියේය. එයට එතුමන් තම දිව අල්ලා මෙය සම්බන්ධවයි (අධිකව බියවිය යුත්තේ*” යනුවෙන් පිළිතුරු දුන්හ. (මූලාශ‍්‍රය: තිර්මිදි*.

    කෙනෙකු සැම විටම අවදියෙන් සිටියෙන් යුතු කාරණාව සම්බන්ධව අලස භාවයෙන් සිටිය යුත්තේ කෙසේද?

    කට ප‍්‍රවේසම් කිරීම විශ්වාසවන්තයෙකු සතු ගුණාංගයකි:

    ”කවුරුන් අල්ලාහ් කෙරෙහි හා අවසන් දිනය කෙරෙහි විශ්වාසය තබයිද ඔහු යහපත කථා කළ යුතුයි නැතහොත් නිහඬව සිටිය යුතුයි. කවුරුන් අල්ලාහ් කෙරෙහි හා අවසන් දිනය කෙරෙහි විශ්වාසය තබයිද ඔහු තම අසල් වැසියාට සෙතක් විය යුතුයි. කවුරුන් අල්ලාහ් කෙරෙහි හා අවසන් දිනය කෙරෙහි විශ්වාසය තබයිද ඔහු ආගන්තුක සත්කාර කළ යුතුයි.” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්*.

    සකස් කිරීම: අබූ අස්ම
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුවින් සිදුවන දුරාචාරය

    සැබවින්ම අල්ලාහ් ආදම්ගේ පුත‍්‍රයාට දුරාචාරයෙන් කොටසක් ලිය ඇත. සැකයකින් තොරව මිනිසා එය ලබාගන්නේය. දෑස් මගින් සිදුවන දුරාචාරය (වැරදි* බැල්ම වේ. මුවින් සිදුවන දුරාචාරය (වැරදි* දේ කථා කිරීමයි. සිත යමක් ඉටු කරගැනීමට කැමති වෙයි, එයට ලැදි වෙයි. ලිංගාශ‍්‍රිත පෙදේස ඒ සියල්ල සැබෑකරයි. බොරු ද කරයි.” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්. අබූදාවුද්*.

    සිය බිරිඳ හැර වෙනත් කාන්තාවක් සමග ලිංගික අවශ්‍යතාවන් ඉටු කිරීම පමණක් දුරාචාරය නොවේ. ඇය වැරදි ආකාරයට බැලීම තුළින් දෙනෙත් දුරාචාරයෙහි යෙදෙයි. වැරදි දේ කථා කිරීමෙන්, ශ‍්‍රවණය කිරීමෙන් කට හා දෙසවන් දුරාචාරයෙහි යෙදෙයි. අවසානයේ සිත ඒ කරා ආකර්ෂණය වී එම මහත් පාපය කරමින් ඔහු අල්ලාහ්ගේ කෝපයට ලක්වෙයි.

    කථාව ආකර්ෂණයකි!

    ”කථාවෙහි ආකර්ෂණයක් ඇත” යනුවෙන් නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළහ. විස්තර කරන්නේ: ඉබ්නු උමර් (රලි*, මූලාශ‍්‍රය: බුහාරි*.

    කෙනෙකු තම කථිකත්වය තුළින් ජනතාව ආකර්ෂණය කරගත හැක. කෙනෙකු එම හැකියාව ජනයා නොමග යැවීමට සාධකයක් බවට පත්කරගැනීමෙන් වැළකිය යුතු අතර, එම හැකියාව ජනයා නිවැරදි මගට යොමු කිරීමට භාවිතා කළ යුතුය. ඒ තුළින් අල්ලාහ් ඉදිරියේ ඔහුට ලැබෙන වරප‍්‍රසාද අති මහත්ය.

    සත්‍ය හා අසත්‍ය කථා කිරීම

    ”සත්‍ය තදින් අල්ලා ගන්නා ලෙස මා ඔබට උපදෙස් කරමි! සැබවින්ම සත්‍ය යහපත කරා මග පෙන්වයි. යහපත ස්වර්ගය කරා මග පෙන්වයි. කෙනෙකු සත්‍ය කථා කරමින්, සත්‍ය (පිටත් කිරීමට* වෙර දරමින් සිටින්නේ නම් අල්ලාහ් ඉදිරියේ ඔහු සත්‍ය වන්තයෙකු වශයෙන් සටහන් කරනු ලබයි. (එසේම* බොරුව මා ඔබලාට අවවාද කරමි. සැබවින්ම බොරුව පාපය කරා යොමු කරයි. පාපයන් මිනිසා නිරයට තල්ලූකරයි. කෙනෙකු බොරු කථා කරමින් බොරුව (පිටත් කිරීමට වෙරදරන්නේ නම්* අල්ලාහ් ඉදිරියේ ඔහු බොරුකාරයෙකු වශයෙන් සටහන් කරනු ලබයි.” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි*, මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්*.

    කෙනෙකු ඇත්ත කථා කිරීම, අවංකව හැසිරීම මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ උසස් ස්වර්ගයයි. බොරුව යනු අල්ලාහ්ගේ පිළිකුලට ලක්වන ගුණාංගයක් වන අතර එහි බයානක ප‍්‍රතිඵලය නිරයයි. කෙනෙකු අඛණ්ඩව බොරු කථා කරමින් ජනයා මුලා කිරීමට සිතුවද ඔහු අල්ලාහ් ඉදිරියේ බොරු කාරයෙකු වන අතර ඔහුට අවසානයේ කිසිදු සෙතක් අත්නොවන්නේය. ඇත්ත කථා කිරීම එසේ නොව එය අල්ලාහ්ගේ තෘප්තිය ගෙන දෙන ක‍්‍රියාවකි.

    බොරු කථා කිරීම විශ්වාසවන්තයෙකුට

    කොහෙත්ම උචිත නොවේ!

    ”ප්‍රෝඩාව හා බොරුව හැර සෙසු සියළු ස්වභාවික ගුණාංගයන්ගෙන් යුතුව විශ්වාසවන්තෙයකු මවනු ලැබුවේය.” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූ උමාමා (රලි*, මූලාශ‍්‍රයන්: අහ්මද්, බයිහකි*.

    විශ්වාසවන්තයෙකුට කොහෙත්ම නොගැලපෙන ගුණාංගයන් වන්නේ ප්‍රෝඩාව හා මුලාවයි. මෙය කොහෙත්ම අනුමත කළ නොහැක. මෙවැනි ගුණාංගයන් කෙනෙකු තුළ සාමාන්‍යයෙන් පවතින්නේ නම් ඔහු තම විශ්වාසය යළිවරක් පරීක්‍ෂා කරගත යුතුය.

     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අසත්‍යවන්තයාගේ ලක්‍ෂණය!

    ”තමන් ශ‍්‍රවණය කළ සියල්ල එසේම පවසන්නා ඔහු බොරුකාරයෙකු යන්නට ප‍්‍රමාණවත් වේ” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූහුරෙයිරා (රලි*, මූලාශ‍්‍රය: මුස්ලිම්*.

    කෙනෙකුට ලැබෙන සෑම ආරංචියක්ම, පුවතක්ම කිසිදු සොයා බැලීමකින් තොරව එසේම වමාරන පුද්ගලයා අසත්‍යවන්තයකි. මෙවැනි චරිත නිසා සමාජයේ පැන නැගෙන අර්බුද එමටය. වත්මන් යුගයේ සමහර මාධ්‍යයන් පවා මෙසේ හැසිරීම වේදනාසහගතය. කිසිදු වගකීමකින් තොරව තවත් කෙනෙකුගේ ගෞරවයට හානියක් වන ආකාරයේ පුවත් හෙළිකිරීම, අන් අයට ප‍්‍රචාරය කිරීම බලවත් වරදකි.

    නබි (සල්* තුමන්ගේ විෂයෙහි

    බොරු කියන්නාට අත්වන ඉරණම!

    ”කවුරුන් තම විෂයෙහි බොරු තෙපලන්නේද, ඔහු මතු ජීවිතයේ තම නවාතැන නිරය බවට පත්කරගත යුතුයි” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. ”විස්තර කරන්නේ: ජුබෙයිර් (රලි*, මූලාශ‍්‍රය: බුහාරි*.

    නබි (සල්* තුමන්ගේ ආදර්ශයන්, මාර්ගෝපදේශයන් තුළින් අන් අය දැනුවත් කළ යුතුයි. නමුත් එසේ කරන විට එහි කිසිදු අවු වැඩි කිරීමක් කරන්නට කිසිවෙකුට අයිතියක් නැත. එසේ කරන විටයි ඉහත ප‍්‍රකාශයේ සඳහන් බයානක ප‍්‍රතිඵලයට මුහුණ දීමට සිදුවන්නේ. ආගමික ප‍්‍රචාරයෙහි නියැලෙන බොහෝ සහෝදරවරුන් මෙම විෂය සම්බන්ධව ලොකු උනන්දුවක් නොදැක්වීම සෝචනීය තත්ත්වයකි. තමන්ගේ කටට ආ පළියට සෑම දෙයක්ම නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළ බව කිසිදු චකිතයකින් තොරව පවසති. තවත් සමහරුන් ජනතාව යහපත කරා දිරිගැන්වීම සඳහා නබි (සල්* තුමන්ගේ නාමයෙන් බොරු කිවහැකි යන වැරදි ස්ථාවරයක සිටිති. මේ සියළු උදවිය ඉහත ප‍්‍රකාශය යළි වරක් කියවා බැලීම මනාය.

    සමගිය ඇති කිරීම සඳහා බොරු කීම

    පිළිබඳ පවතින නීතිය!


    ”ජනතාව අතර සමගිය ඇති කිරීම සඳහා බොරු කියන්නා බොරුකාරයෙකු නොවේ. මන්ද ඔහු එහි යහපතයි පවසා ඇත්තේ, ඔහුගේ කැමැත්ත යහපතයි” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: උම්මු කුල්සුම් (රලි*, මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්*.

    දෙපිරිසක් අතර, දෙදෙනෙකු අතර, පවුලක් අතර ආරවුලක් ඇතිවන විට ඔවුන් අතර සමගිය ඇති කිරීම සඳහා කෙරෙන වෑයම ඉස්ලාම් අගයකොට සළකයි. එවැනි අවස්ථාවක බොරුවක් කියා හෝ ඔවුන් අතර සමගිය ඇති කිරීමට කෙනෙකු වෙරදරයි නම් ඔහු බොරුකාරයකු නොවේ. මන්ද ඔහු ප‍්‍රිය කරන්නේ යහපතයි. නමුත් වත්මන් සමාජය තුළ සැරිසරන සමහර කුහක චරිත මෙයට හාත්පසින්ම විරුද්ධව කි‍්‍රයාකරති. අන් අය අතර ආරවුල් ඇති කිරීම සඳහා දෙපිරිසක් අතර ගැටුම් ඇති කිරීම සඳහා පවුල් කඩාකප්පල් කිරීම සඳහා ඕන බොරුවක් තෙපලති. කේලම් කියති. අල්ලාහ් පිළිකුල් කරන මෙවැනි ගනයට අපි නොවැටිය යුතුයි.


    මුළාව සඳහා දිවුරන්නාට අනතුරු ඇඟවීමක්!


    ”තමන් කරන්නේ මුළාවක් යනු දැනගෙන ද යම් මුස්ලිමෙකුගේ ධනය සූරා කෑම සඳහා බොරුවට දිවුරයි නම් ඔහු මතු දිනයෙහි අල්ලාහ් ප‍්‍රකෝප වූ තත්ත්වයක හමුවන්නේය.” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි*, මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්*.



    තමන්ට අයිති නොවන වෙනත් කෙනෙකුට අයිති දෙයක්, තමන්ට සමාජයේ පවතින පිළිගැනීම, නැතහොත් තමන්ගේ පවුල් බලය, තමන්ට පවතින තර්ක කිරීමේ හැකියාව මේ යමක් තුළින් අයුතු ලෙස ලබාගන්නා විට, මතු දිනයෙහි අල්ලාහ්ගේ කෝපයට ඔහු පත්වීම කිසිවෙකුට වැළැක්විය නොහැක.


    කෙනෙකු ඉදිරියේ පැසසීම තහනම්ය!

    ”ඔබ ඉදිරියේ ඔබව ප‍්‍රසංසා කරන්නා දුටු විට ඔහුගේ මුහුණට වැලි අහුරකින් දමා ගසන්න” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: මික්දාද් බින් අස්වද් (රලි*, මූලාශ‍්‍රය: මුස්ලිම්*.

    කෙනෙකුව මුහුණට මුහුණලා ප‍්‍රසංසා කිරීම යනු, ඔහුගේ පිවිතුරු චේතනාවට බොහෝ දුරට එල්ලවන ලොකු තර්ජනයක් වන අතර ඔහු තුළ මුනිච්චාව ඇති කිරීමටත් එය ඉවහල් වේ. අපි කරන සෑම කි‍්‍රයාවක්ම අල්ලාහ් වෙනුවෙන් යන පිවිතුරු චේතනාවෙන් කරනවිට පමණයි එයට ප‍්‍රසාදයන් ලබාගත හැක්කේ. එසේ නොවන විට එයට කිසිදු වටිනාකමක් අලල්ලාහ් ඉදිරියේ නොමැත. මෙවැනි චරිත සම්බන්ධව අපි ඉතා අවධානමින් සිටිය යුත්තේ එබැවිනුයි. අප ඉදිරියේ අපව ප‍්‍රසංසා කරන බොහෝ පිරිස් පසුපසින් අපව විවේචනය කිරීම සාමාන්‍ය දසුනකි.

    අප ඉදිරියේ අපි ප‍්‍රසංසාවට ලක්වීම තුළින් එම ප‍්‍රසංසාව නිසා අපගේ වැරදි කි‍්‍රයාවන් පවා නිවැරදි වශයෙන් අපට පෙනෙන්න පටන්ගනී. එබැවින් අපගේ වැරදි කි‍්‍රයාවන් වැඩි වී එය නිරයට තල්ලූවීමට ද හේතුවක් වනු ඇත. අපි එයින් අල්ලාහ්ගෙන් ආරක්‍ෂාව පැතිය යුතුයි.



    දේශපාලන වේදිකාවල මේවා දැන් සුළබ දසුන්ය. මාරුවෙන් මාරුවට ප‍්‍රසංසා කරගනිති. වරදක් සිදුවූ විට එය වක‍්‍රව හෝ අඟවන්නට මැළිකමක් දක්වති. මේ තුළින් ඔප්පුවන්නේ වත්මන් සමාජය ගමන් කරමින් සිටින්නේ කොයිබටද? යන්නයි.

    යහපත් ප‍්‍රසංසාව!


    ”කෙනෙකු යහපත් කි‍්‍රයාවන් කරති. ඒ වෙනුවෙන් ජනතාව ඔහු ප‍්‍රසංසා කරති. (මේ පිළිබඳව* ඔබේ ස්ථාවරය කුමක්ද? යනුවෙන් ශාස්තෘවරයාගෙන් ප‍්‍රශ්නකළහ. (වෙනත් වාර්තාවක: ජනතාව එම කි‍්‍රයාවන් නිසා ඔහු ප‍්‍රිය කරති.* එයට ශාස්තෘවරයානන්, මෙය විශ්වාසවන්තයකුට ලැබෙන ඉක්මන් සුභාශිංෂණයයි” යනුවෙන් පිළිතුරු දුන්හ. (විස්තර කරන්නේ: අබූදර් (රලි*, මූලාශ‍්‍රය: මුස්ලිම්*.

    ප‍්‍රසංසාව යනු කොටස් දෙකකි, එකක් තමන්ට යම් වාසියක් අත්කර ගැනීමේ එකම අරමුණින් ප‍්‍රසංසා කිරීම, මෙවැනි ප‍්‍රසංසාවන් නිසා වැරදි කි‍්‍රයාවන් පවා තව තවත් වැඩිවීමට ඉඩ ඇත. ඒ තුළින් ඔහු නොදැනුවත්වම අගාධයට තල්ලූවෙයි. දෙවනුව, සැබවින්ම අපගේ කි‍්‍රයාවන් යහපත් වී ජනතාව ඒ තුළින් ආකර්ෂණය වී අවංකව ප‍්‍රසංසා කරන විට එය ස්වර්ගයට ප‍්‍රවිශ්ට වීමට හේතුවන්නේය.

    කුහකව කථා කිරීම!


    ”ලැඡු්ජාව හා යහපත් මග නොලැබුනා යන පසුතැවිල්ල විශ්වාසයේ ශාඛාවන් දෙකකි. නිර්ලැඡු්ජි තත්ත්වය හා අතිශෝක්තියෙන් කථා කිරීම කුහකත්වයේ ශාඛාවන් දෙකකි.” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූ උමාමා (රලි*, මූලාශ‍්‍රය: තිර්මිදි*.


    අතිශෝක්තියෙන් කථා කිරීම නබි (සල්* තුමන් කුහකත්වය වශයෙන් අර්ථ කථනය කළහ. කුහකත්වය යනු දෙබිඩි පිළිවෙතකි. එකම විෂය දෙදෙනෙකු අතර දෙආකාරයට කථා කිරීම කුහකත්වයේ ලක්‍ෂණයකි. වාග් මාළාවන්ට නොරැුවටී අපි අවදියෙන් කි‍්‍රයා කළ යුතුයි.



    සකස් කිරීම: අබූ අස්මා