කට වැරදීම
Posted: 6:52 am, December 12, 2013
කැලුම් නවරත්න මහතාට කට වැරදීමක් සිදු වී ඇත. මංගල සමරවීර ගැන ත්‍රිමාන වෙබ් අඩිවියේ පළ වූ කෙටි සටහනක් තම මුහුණු පොතට එක් කරමින් ඔහු ඊට අර්ථකනයක් ද මෙලෙස එකතු කර තිබුනේය.
දීප්ති කුමාර ගුණරත්න විප්ලවවාදියා ගෙන් ධනපති මංගලට මිතුරු යෝජනාවක්!
අප දන්නා පරිදි කැලුම් නවරත්න කලින් සිටියේ ජනතා විමුක්ති පෙරමුණේය. දැන් ඉන්නේ පෙරටුගාමි ස්මාජවාදී පක්ෂයේය. කලින් සිටි පක්ෂයෙන් ඔහු ශාරීරිකව කැඩී වෙන් වී ඇති බවට සැකයක් නැත. නමුත් ඔහුගේ විඥාණය තවම අයිති වන්නේ පැරණි වමටය. 2002 වර්ෂයේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ ජාතිවාදී මතයේ කේන්ද්‍රය වූ ජ.වි.පෙට අනුව මංගල යනු ප්‍රගතිශීලි මැදපාන්තිකයෙකි. ( ධනපතියා යනු නිෂ්පාදන බලවේග හිමි පුද්ගලයාය.-මාක්ස්) 2005 වසරේදී ජ.වි.පෙ මංගලට කී නම අපට වඩා හොදින් කැලුම්ලා දන්නවා ඇත. නමුත් මංගල මහින්ද චින්තනයෙන් වෙන් වී යූ.ඇන්.පී යට බැදුණු පසු ඔහු දේශද්‍රෝහියෙකු සහ ධනපතියෙක් බවට පත් විය. මෙම පසුබිම නිසා අපිට මංගල නම් ප්‍රපංචය කතිකාවක් කියල හමුවන්න පුලුළුවන්.
ජනරළ වැනි පුවත් පත් වලත් කැලුම්ලා අනුදත් දේශපාලන සාකච්ඡා වලත් පසුගිය කාලයේ සාකච්ඡා කළ ප්‍රධාන තේමාව වූයේ පශ්චාත්-මාක්ස්වාදයයි. ඊට අනුව භාෂාව සහ කතිකාව යනු ප්‍රභේද දෙකකි. භාෂාව යනු වෙනස්කම් අනන්තයක් අතර ලිස්සා යන යම් අර්ථයකි. නමුත් කතිකාව යනු අර්ථය නොව භාෂාවේ සීමාව ලකුණු කරන සංඥාවයි. කතිකාව බිහි වන්නේ භාෂාවට සීමාවක් තිබෙන නිසාය. මෙම සන්දර්භය තුළ මංගල නම් හැගවුම්කාරකයට ස්ථිතික පැවැත්මක් නැත. එය ගතිකය. එය විවෘතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි මංගලට එකවරම යූ.එන්.පී ය තුළ නායකයකු වීමට හැකැයාවක් ලැබෙන්නේ අනන්‍යතාවය (Identity) යනු ද කතිකාවක් නිසාය. උදාහරණයක් වශයෙන් කැලුම්ට විප්ලවවාදියෙක් වන කුමාර් ගුණරත්නම් නන්දන ගුණතිලකට අනුව පාවාදෙන්නෙකි. ඉතිහාසයේ යම් දිනකට පසු කේන්ද්‍රය විකේන්ද්‍රීය වීම ඇරඹි ඇත. එය වඩ වඩා පිටතට යන දෙයක් ලෙස ප්‍රකාශ වීම ඇරඹී ඇත. එබැවින් වාස්තවික විග්‍රහයන් වලදී අපට හමුවන ස්ථිතික අනන්‍යතාවය වෙනුවට දැන් අපට හමු වන්නේ විවෘත අනන්‍යතාවයන්ය. එබැවින් මංගලට ධනපතියා ලෙස ඇමතීම අප තුළ ඇති අතීත වේදනාවක ප්‍රශ්ණයක් පමණි.
අපි උදාහරණයක් ගමු
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය විසින් ගොඩනැගූ සමගි සංධානය නම් සංවිධාන ව්‍යුහයට පසු මංගල විසින් ඔහු එතෙක් පාවිච්චි කල BMW මෝටර් රථය ඉවත් කර Toyota වෑන් රථයක් ආදේශ කරන ලදි. එමගින් මංගල වටාවු වාමාංශිකයන්,ප්‍රගතිශීලි බලවේග ඔහුට වඩාත් ආකර්ශනය විය. සමහර වාමාංශිකයන් සහ ප්‍රගතිශීලි පුද්ගලයන් තම දවසේ වැඩි කාලයක් ගත කරන්නේ එම වෑන් රථය තුළය. ඔවුන්ට අනුව මංගල ධනපතියෙකු නොවේ.(මනෝ විශ්ලේෂණය ගැන දන්නා සහ විතන්ඩවාදය ගැන දන්නා අයෙකුට අනුව මංගල පීඩිතයෙක් මිස විපරිතයෙකු නොවේ.)අද දවසේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය ද උත්සහ කරන්නේ ඉහත ආකාරයේ තවත් සන්ධානයක් ගොඩනැගීමටය. එහිදී ද ඔවුන් සමග එකතු වී ඇත්තේ ද වෙනත් දෘෂ්ටි කෝණයකින් මංගලට මෙන්ම ධනපතියන් යැයි කිව හැකි නිදහස් මතධාරී පුද්ගලටන්ය. (පක්ෂ සාමාජිකයෙකු සහ නිදහස් පුද්ගලයා අතර දැඩි වෙනසක් ඇත.)
දැන අපට දැඩි අභියෝගයක් ඇත.
පශ්චාත්-මාක්ස්වාදය කතා කරන්නේ වෙන වෙනම පක්ෂ,පුද්ගලයන්,ස්ථාවරයන් ගැන නොවේ.එහි න්‍යාය ගොඩනැගී ඇත්තේ ඓතිහාසික හවුලක් වෙනුවෙන් ඉහත ප්‍රෙභ්දයන් ඒකාබද්ධ කරන න්‍යායයි.(Theory of Articulation) කැලුම් උත්සහ කරන්නේ මෙම ඒකාබද්ධකරණ න්‍යායට විරුද්ධ වී යමෙකුගේ සාරය සෙවීමටයි.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය