කට සහ දිව මට්‌ටු කළ නොහැකි ඇමරිකාවේ ප්‍රථ&#351

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    කට සහ දිව මට්‌ටු කළ නොහැකි ඇමරිකාවේ ප්‍රථ&#351

    කට සහ දිව මට්‌ටු කළ නොහැකි ඇමරිකාවේ ප්‍රථම පුරවැසියා




    trump.jpg
    ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව ලෝකයාට කතා කළ යුතු මාතෘකාවන් දෙකක්‌ පසුගිය දිනයන්හි මාධ්‍යන් ඔස්‌සේ කතාබහට ලක්‌විය. එයින් එකක්‌ වූයේ මේරිලෑන්ඩ් වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙතින් ඉදිරිපත් කළ යුතුව තිබුණ ඔහුගේ වෛද්‍ය වාර්තාවයි.

    පළමුපෙළ පුරවැසියෙක්‌ වන ඇමරිකානු ජනාධිපතිවරයා මත්පැන් පානයෙන් තොරව ජීවත් වෙන නිසාම ඔහුගේ අක්‌මාව සහ වෙනත් ඉන්ද්‍රියන් මනා සෞඛ්‍ය තත්වයෙන් යුක්‌ත විය. ඩොනල්aඩ් ට්‍රම්ප් අමද්‍යප පුද්ගලයෙක්‌ ලෙසින් ඉස්‌මතු වීමට හේතු සාධක වූ කරුණක්‌ද ඇත. එනම් ඔහුගේ සහෝදරයා වයස අවුරුදු 45 ක්‌ වැනි ඉතාම අඩු ආයුෂ තත්ත්වයකදී මරණයට පත් වූයේ මද්‍යසාර නිසා ඔහුගේ අක්‌මාව හානියට පත් වීමෙන්ය. ට්‍රම්ප් පාඩමක්‌ උගත්තේ එදාය. ජීවිතයට මත්පැන් අත්‍යවශ්‍ය නොවන බැව් ඔහු තීරණය කළේය. අදටත් ට්‍රම්ප් පසුවෙන්නේ ඒ අදහසේ බැවින් සහ මත්පැන් පානයෙන් දුරස්‌ථ වීම නිසාම ඔහු බෙහෙවින් නිරෝගී පුද්ගලයෙක්‌ බවට පත්ව ඇත.
    2015 වසරේ ඔහු විසින් කරන ලද සඳහනක දැක්‌වෙන්නේ මිනිස්‌සු දුම් බොනවා මට පෙනෙනවා... මට නම් එය මිනිසුන්ට අවශ්‍ය දෙයක්‌ විදිහට පේන්නේ නැහැ..
    දුම්පානය ගැනත් ට්‍රම්ප් තුළ පවතින්නේ නිශේධන අදහසකි. ඔහුගේ කට මෙන්ම දිවද මට්‌ටු වී නැත. දිවට බොරු කරන්න බැහැ කියන්නා සේ තමාගේ ප්‍රධාන ආහාර කාණ්‌ඩ 4 ක්‌ ගැන මෑතකදී ඔහු විසින් රචිත ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. ඒ අනුව
    * මැක්‌ඩොනල්ඩ්
    * කෙන්ටකි ප්‍රයිඩ් රයිස්‌
    * පිට්‌සා
    * ඩයට්‌ කොකා කෝලා
    එම ආහාර කාණ්‌ඩයි.
    මීට අමතරව ට්‍රම්ප් රාත්‍රියට බිග් මැක්‌ස්‌, බර්ගර් දෙකක්‌, ෆිලට්‌ ඕෆිෂ්, සහ මිල්ක්‌ ෂේක්‌ ආහාරයට ගන්නා බව මෙම ග්‍රන්ථයේ සම කර්තෘ "කොරී ලෙවන්ඩොස්‌කි " සඳහන් කරයි. මෙම ආහාර මගින් ඔහු කැලරි 2,430 ක්‌ ලබා ගන්නා අතර එය දහනය වෙනුවෙන් ව්‍යායාම ගැන ට්‍රම්ප් විශ්වාස තබන්නේ නැත. ඔහු සඳහන් කරන්නේ මිනිස්‌ සිරුර සීමිත ශක්‌තියක්‌ ඇති බැටරියකට සමාන හෙයින් ව්‍යායාම කිරීම යනු එහි ශක්‌තිය වැයකිරීම පමණක්‌ බවයි. එහෙත් කුඩා බගී රථයක්‌ පැදවීම සහ ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වීම ඔහුගේ ව්‍යායාම බැව් ධවල මන්දිරයෙන් වාර්තා වේ.
    ලන්ඩනයේ වෛද්‍යවරියක වන "සාරා කයාට්‌ස්‌ "විසින් මෙම වාර්තාව සමාලෝචනය කරමින් සඳහන් කරන්නේ ඔහුගේ ආහාර රටාව නම් ඉතාම බිය ජනක බවයි. ඔහු ලුණු පමණක්‌ නොව පිෂ්ටයද අධික ලෙස පරිභෝජනය කරන්නේය. එළවළු සහ පලතුරු ආහාරයට ගත්තත් එය ප්‍රමාණවත් මාත්‍රාවක නොවන නිසා පිලිකා, හෘද රෝග සහ දියවැඩියා රෝග තත්ත්වයට ගොදුරු වීමේ අවදානම ඉහළව ඇතැයි පෙන්වා දී තිබේ.
    අඩි හයකුත් අඟල් තුනක්‌ උස ට්‍රම්ප්ගේ ශරීර බර කිලෝ 107 කි. බර අධික පංතියට අයත් 29. 5 ක ශරීර ස්‌කන්ධ දර්ශකයකින් හෙබි ට්‍රම්ප්ට මෙම ශරීර බරින් රාත්තල් 20 ක්‌ අඩු කර ගැනීමට අවශ්‍ය බැව් ඔහු සඳහන් කළේය. කොලස්‌ටරෝල් මට්‌ටම 169 ක පවතින අතර රුධිර පීඩනය 116/ 70 අතර පවතී.
    මෙම වෛද්‍ය වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට බලාපොරොත්තුවක්‌ නැතැත් ධවල මන්දිරයේ වෛද්‍ය රොනී ජැක්‌සන් විසින් පරිගණකයක ආධාරයෙන් මෙම වාර්තාව පිළිබඳව සමාලෝචනයක්‌ ඉදිරිපත් කරනු ඇත. සාරා කයාට්‌ස්‌ විසින් පෙන්වා දෙන්නේ ව්‍යායාම නොකිරීම පිළිබඳව නම් ඇය ට්‍රම්ප්ගේ ස්‌ථාවරය අනුමත නොකරන බවයි. පමණ ඉක්‌මවා ව්‍යායාමයන්හි යෙදීම සන්ධි ආශ්‍රිත ආබාධයන්ට හේතු වුණත් දිනකට මිනිත්තු 30 බැගින් සතියේ දින පහක්‌වත් ව්‍යායමයන්හි යෙදීම අවශ්‍ය බවයි.
    මේ අතර ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්‌ෂණ තවමත් සිදු වෙමින් පවතී. එහෙත්....ට්‌විටර් සමාජ ජාලය ඔස්‌සේ අදහස්‌ ඉදිරිපත් කරන ට්‍රම්ප් තමා හඳුන්වන්නේ "නොසැලෙන ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක්‌" ලෙසින්ය. එහෙත් මේ බුද්ධිමතාගේ වාග් විලාසය පිළිබඳව ලෝකය පුරා දැන් කෝපය ඇවිලෙමින් පවතී. එක්‌සත් ජනපදයේ සංක්‍රමණික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ හයිටිය, එල්සැල්වදෝරය, සහ අප්‍රිකානු රටවල් යනු "අසුචි වලක්‌ " (shithole) බවයි. මෙම පුවත් වාර්තාව වොංෂිටන් පෝස්‌ට්‌" , "ටයිම්ස්‌ " , " පොලිටිකෝ ", සහ "වෝල් ස්‌ටි්‍රට්‌" ජර්නල් මගින් ප්‍රසිද්ධියට පත් කරන ලදී. එක්‌සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කරන අන්දමට ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ජාතිකත්වය සහ ආගම මත පදනම් වුණු අපහාසයන් නිරන්තරව සිදු කරන බවයි.
    ට්‍රම්ප් මේ ගැන අදහස්‌ ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ තමා තදින් වචන භාවිතා කළත් ඉහත ආකාරයේ භාෂාවක්‌ යොදා නොගත් බවයි. එහෙත් ඩිමොක්‌ක්‍රටික්‌ පක්‌ෂයේ සෙනෙට්‌ සභික "ඩික්‌ බර්ඩින්" සඳහන් කරන්නේ එවන් ආකාරයේ භාෂාවකින් අමතනු තමාට ඇසුන බවයි.
    පුන්‍යා චාන්දනී ද සිල්වා