කඨීන චීවර පූජාව අටමහා කුසල්වලින් එකක්‌

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    කඨීන චීවර පූජාව අටමහා කුසල්වලින් එකක්‌

    කඨීන චීවර පූජාව අටමහා කුසල්වලින් එකක්‌

    පූජ්‍ය බෝගමුවේ ධීරානන්ද හිමි
    සහකාර ලේඛකාධිකාරී
    ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිටිපන
    උතුර හෝමාගම.


    වාර්ෂිකව පැවැත්වෙන කඨීන දානමය පූජාව බෞද්ධයින්ගේ උසස්‌ම පිංකමකි. මෙම පිංකම ස`දහා ප්‍රධාන වශයෙන්ම ඇතුළත් වන්නේ භික්‌ෂූන් වහන්සේලා උදෙසා කරන චීවර පූජාවයි. කඨීන චීවර පූජාව යනු වස්‌ අවසානයේ දී භික්‌ෂූන් වහන්සේලා උදෙසා කරනු ලබන චීවර පූජාවයි. මෙම පිංකම ඉතා උත්කර්ෂවත් ලෙස සියලු විහාරස්‌ථානවල සිදුකරනු ලබයි. කඨීන චීවර පූජාව අටමහා කුසල්වලට අන්තර්ගත වන ප්‍රථම පිංකම ලෙස සඳහන් වේ.

    උපසපන් භික්‌ෂූන් වහන්සේලා වස්‌සාන Rතුවේ වස්‌ එළඹ එහි මුල් තුන්මස වස්‌ වසා වැඩසිටින කාලය ලෙස හ`දුන්වයි. එහි ඊළ`ග එළඹෙන මාසය චීවර මාසය නමින් හ`දුන්වන්නේ එම මාසයේ කඨීන චීවර පූජා සිදුකරන නිසාය. කඨීන චීවර මාසය කුමක්‌ ද යන්න විනයෙ හි පරිවාර පාලියෙහි ද ස`දහන් කර ඇත. Ñකඨීනස්‌ස අත්ථාරමාසො ජානිතබ්බෝති, වස්‌සානස්‌ස පච්හමො, මාසෝ ජාති තබ්බෝ වස්‌සාන Rතුවේ අවසාන මාසය කඨීනන්ථාර කාලය ලෙස දැනගත යුතුබව එහි ස`දහන් කර ඇත.

    තුන්පට සිවුරට අමතරව තවත් සිවුරක්‌ දැරීම ස`දහා භික්‌ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ විසින් අවසර දී ඇත. ඒ ස`දහා අවස්‌ථාව සලසා දී ඇත්තේ භික්‌ෂූන් වහන්සේලාට මුහුණපාන්නට සිදුවු එක්‌ අකරතැබ්බයක්‌ නිසාය. සාකේත නුවර වස්‌ කාලය තුළ වස්‌ එළඹුණු තිස්‌නමක්‌ පමණ වූ භද්දවග්ගිය භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ මහා පවාරණයෙන් පවාරණය කොට වස්‌ නිමවා බුදුරජාණන් වහන්සේ දැක වන්දනා මාන කිරීම ස`දහා සැවැත්නුවර ඡේතවනාරාමයට වැඩම කිරීම ස`දහා මාර්ගයට පිවිසියෝය. උන්වහන්සේලා වැඩම කරන අතරම`ගදී මහා වර්ෂාවකට හසුවූයෙන් සිවුරු තෙත බරිතව සමහරු ක්‌ලාන්ත ගතියෙන් ද බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෝය. උන්වහන්සේලාට සිදු වූ කරදරය පිළිබ`දව දැනගත් බුදුරජාණන් වහන්සේ නැවත එවැනි අපහසුතාවන්ට පත් නොවන ආකාරයේ විසඳුමක්‌ සියලු භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් ලබාදෙන ලදී. එනම්, මහණෙනි, වස්‌ මස නිම කළ භික්‍ෂූන්ට කඨීනයක්‌ ඇතිරීම සඳහා අනුදනිමි යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කඨීන චීවරයක්‌ පරිභෝග කිරීම ස`දහා අනුමැතිය ලබා දෙන ලදී.

    Ñඅනුජානාමි භික්‌ඛවේ වස්‌සං වුත්ථූනං, භිCඛුනං කඨීනං අත්ථරිතුං" යනුවෙන් එය විනයෙහි ස`දහන් කර ඇත.

    කඨීන චීවරයක්‌ ලැබීම ස`දහා භික්‌ෂූන් වහන්සේ නමකට අවශ්‍ය සුදුසුකම් තිබිය යුතුය.

    * වස්‌සාන Rතුවේ මුල් මාසය වන ඇසළ පෝයදා පොහොය කොට අව පෑළවිය දා වස්‌ එළඹීම තුන්මස මුළුල්ලේ ආරක්‌ෂාකොට තිබීම.

    * වප් පුරපසොළොස්‌වක පුන්පෝය දා මහා පවාරණයෙන් පවාරණය කළ භික්‍ෂුවක්‌ වීම.

    * සාමණේර භික්‍ෂූන්ට කඨීන චීවර පූජාවක්‌ සිදුකළ නොහැකිය.

    * කඨීනය අතුරණු ලැබූ විහාරස්‌ථානය හැර වෙනත් විහාරස්‌ථානයක භික්‌ෂුවකට කඨීන චීවරය අයත් නොවේ.

    මෙම විනය කර්මය ගරු විනය කර්මය බැවින් භිකෂූන් වහන්සේලා ආනිසංශ පහක්‌ ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එය මහාවග්ගපාලියෙහි කඨීනCඛන්ධයේ මෙසේ ස`දහන් වේ.

    1. අනාමන්තචාරය

    2. අසමාදානචාරය

    3. ගණභෝජනය

    4. යාවදත්ථ චීවරය

    5. යෝචතත්ථ චීවරුප්පාදය

    දායක කාරකාදීන්ට ලැබෙන අනුසස්‌

    කඨීන චීවර පූජාව සිදුකරන දායකකාරකාදීන්ට මෙලොව පරලොව දෙකම ස`දහා කුසල් සිදුකරගත හැකිය. කඨීන පූජා පිංකමක තිබෙන කුසල ක්‍රියාවේ ශක්‌තිමත් බව පහත සඳහන් ගාථාවෙන් මනාව වැටහේ.

    පඨවිරිව න ජාතු කම්පතේ
    නචලති මේරු රිවාති වායුනා
    වජිරමිව න භිඡ්ජතෙඝනං
    තමිතමතො කඨීනන්ති වුච්චති"

    යන ගාථා පාඨයට අනුව මහපොළව මෙන් කිසිකලෙකත් කම්පා නොවන මහාමේරුපර්වතය මෙන් සුළ`ගින් නොසෙල් වෙන වජිර පර්වතයමෙන් නොබිඳෙන ස්‌ථාවර ගරු පුණ්‍ය ක්‍රියාවක්‌ ලෙස කඨීන පූජාව ස`දහන් කර ඇත. දායක දායිකාවන්ට ලැබෙන ආනිසංස පිළිබ`දව ස`දහන් වන නාගිතාපදානය දෙස බලන විට කඨීන පූජාවෙන් ලැබෙන ආනිසංස ඉතා ප්‍රබල බව මැනවින් පසක්‌ වේ. බුදුරජාණන් වහන්සේ ඡේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ දී නාගිත නම් කුමාරයෙක්‌ සිය ඥාති මිත්‍රයන් සම`ග බුදුරදුන් වෙත අවුත් දහම් අසා ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි උපසම්පදා බවට පත්විය. බුදුරජාණන් වහන්සේ සිය සර්වඥතා ඥානය ම`ගින් මෙම නාගිත ඇතුළු පිරිස පෙර භවයක කඨීන දානමය කුසල කර්මයක්‌ කළ අය බව දැනගත් සේක. මෙම පිරිස නොබෝ කලකින්ම විදසුන් වඩා අරහත් භාවයට පත් විය. මොවුන් කළ මෙම පුණ්‍ය කර්මය අන් අයට ද දැනගැනීමට සැලැස්‌වීම සුදුසු බව අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි බිමට පත් මහරහතන් වහන්සේලා සියක්‌ නමක්‌ අනවතප්ත විල් තෙරට රැස්‌කරවන ලෙස ආනන්ද හිමියන්ට උපදෙස්‌ ලබා දුන්හ. ඒ අනුව ආනන්ද හිමියන් විසින් මහරහතන් වහන්සේලා සියක්‌ නමක්‌ අනවතප්ත විල් තෙරට රැස්‌කරවන ලදී. බුදුරජාණන් වහන්සේ මෙම පිරිස අමතා ඔවුන් අතුරින් පෙර භවයක විශේෂ පිංකමක්‌ කළ භික්‍ෂුවක්‌ සිටී නම් එය ප්‍රකාශයට පත් කරන ලෙස දැන්වූහ. එම පිරිස අතුරින් නාගිත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඳ උන්වහන්සේ විසින් පෙර භවයක සිදු කළ විශේෂ පුණ්‍ය කර්මයක්‌ පිළිබඳව පහත දැක්‌වෙන ආකාරයට විස්‌තර කළ සේක.

    zz ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මෙයට කල්ප අනුඑකකට පෙර විපස්‌සි බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පත්ති කාලයේ දී බන්දුමතී නුවර උපන්නෙමි. එම කාලයේ දී මම දුගී මගී යාචකයින්ට දන් දීම් ආදිය සිදුකරන ලදී. දිනක්‌ මම බන්දුමතී නුවර රජු ඇතුළුමහා පිරිසට දහම් දෙසන විපස්‌සි බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදිව උන්වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට වස්‌ වාසය කිරීම සඳහා ආරාධනා කළෙමි. උන්වහන්සේලාට වස්‌ වාසය කළ කාලය තුළ උවටැන් කර වස්‌ අවසානයේ දී කඨීන චීවර දානයක්‌ පිරිනැමුවෙමි. එම කුසල කර්මය නිසා මා සතර අපායට කිසිදා නොගිය අතර සදෙව් ලොව හා මිනිස්‌ ලොව පමණක්‌ උපත ලැබුවෙමි.ZZ නාගිත මහරහතන් වහන්සේ විසින් ලබන ලද අනේකවිධ දිව්‍ය හා මනුෂ්‍ය සම්පත් පිළිබඳව පහත සඳහන් අයුරින් තවදුරටත් රැස්‌ව සිටි පිරිසට ප්‍රකාශ කරන ලදී.

    කඨීන දානං දත්වාන
    සංඝේ ගුණ වරුත්ත මේ
    ඉතෝ තිංසේ මහා කප්පේ
    නාභිජානාමි දුග්ගතිං

    උතුම් ගුණ ඇති මහා සංඝයා වහන්සේ විෂයෙහි කඨීන චීවර දානයක්‌ පූජා කොට මහා කල්ප තිහක්‌ දුගතියක්‌ නොදුටුවෙමි.

    උන්වහන්සේ කල්ප දහඅටක්‌ දෙව්ලොව උපත ලබන ලදී. තිස්‌එක්‌ වාරයක්‌ සක්‌ දෙවි වශයෙන් උපත ලබා දිව්‍ය රාජ්‍ය භාරව කටයුතු කරන ලදී. දෙවියන් වශයෙන් උපත ලබන අවස්‌ථාවලත් මනුෂ්‍යයින් වශයෙන් උපත ලබන අවස්‌ථාවලත්, අනෙක්‌ දෙවියන්ට හා මනුෂ්‍යයින්ට වඩා සැප සම්පත්වලින් ආඪ්‍යව උපත ලබා ඇත. මිනිස්‌ භවයක උපදින අවස්‌ථාවලදී කිසිදු පහත් කුලයක උපත නොලබා ඇති අතර ක්‍ෂත්‍රීය සහ බ්‍රාහ්මණ කුලවල පමණක්‌ උපත ලබා ඇත. දෙවියන් අතර උපදින විට අනෙක්‌ දෙවිවරුන්ගේ ප්‍රසාදයට ද මිනිසුන් අතර උපදින විට අන් මිනිසුන්ගේ ප්‍රසාදයට ද පත් වූ බව සඳහන් වේ. පසුව මේ භවයේ දී ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වී විදසුන් වඩා රහත් භාවයට පත්වීමට එම කඨීන පූජා පිංකම හේතු වූ බව තවදුරටත් සඳහන් කරන ලදී. මේ ආකාරයට නාගිත හිමියන් කඨීන චීවර පූජාවෙන් තමන් ලද සැප සම්පත් පිළිබඳව වර්ණනාවක්‌ කරන ලදී. මෙම නාගිත හිමියන්ගේ ප්‍රකාශය තුළින් වර්තමාන දායක දායිකාවන්ට ද කඨීන චීවර පූජාවකින් ලැබෙන ආනිසංස මැනවින් වටහා ගත හැකිය. එම නාගිත මහරහතන් වහන්සේගේ චරිතය ආදර්ශයට ගැනීමට ද දායක දායිකාවන්ට හැකියාව ඇත.

    කඨීන චීවර පූජාව සිදුකරන ආකාරය

    කඨීන චීවර පූජාව සිදුකරන දින අලුයම එම වස්‌ත්‍රය පෙරහැරින් විහාරස්‌ථානයට වැඩම කරවීම චාරිත්‍රානුකූලව සිදුකරනු ලබයි. එම කඨින චීවරය සඳහා වූ වස්‌ත්‍රය මිල දී ගැනීමට විහාරස්‌ථානයේ සියලු දායක දායිකාවන් සම්බන්ධ කර ගැනීම සඳහා සියලු දෙනාගෙන්ම මුදල් සම්මාදන් කර ගැනීම සිරිතක්‌ වශයෙන් සිදුකරයි. එම`ගින් එම කඨීන චීවර පූජාව එක්‌ පුද්ගලයෙකුට වුවද පූජා කළ හැකි වුවත් බෞද්ධ සම්ප්‍රදාය වන්නේ සියලු දෙනාම එකතු වී පිංකම් කිරීමයි. සියලු දෙනාගේම මුදල් එකතු කර කඨීන චීවරය මිලදී ගැනීම වනාහි උක්‌ත සිරිත ආරක්‍ෂා කිරීමක්‌ ලෙස හැඳින්විය හැකිය.


    සම්බන්ධීකරණය - අචලා ජයසූරිය
    වප් පෝදා අතිරේකය
    http://www.divaina.com/2015/10/27/feature02.html
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    කඨින චීවර පූජාව:-
    අටමහා කුසල් අතර පළමු වැන්න වන්නේ කඨින චීවර පූජාව වේ. මෙම පිංකම සිදුකළ හැක්කේ වසරකට එක්වරක් පමණි. අනෙකුත් පිංකම් වසරේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිදුකළහැකිවේ. නමුත් කඨින චීවර පූජාවක් එසේ සිදුකළ නොහැකිය. ඒ සඳහා කරුණු රාශියක් සම්පූර්ණ වීම අවශ්‍ය වේ. විශේෂයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලොව වැඩසිටින තාක්කල් පමණක් කළහැකි පිංකමකි.
    උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පොහෝදින පොහොය කිරීම නම් වූ විනය කර්මය සිදු කොට ඇසළ අව පෑළවිය දින වස් විසීමට සුදුසු ස්ථානයක පෙරවස් සමාදන් විය යුතු වේ. මේ වස්තුන් ව මාසය මුළුල්ලේම ඒ සමාදන් වූ වස් ශික්ෂා පදය කඩනොකොට වස්සච්ඡෙදනයකට නොපැමිණ එය ආරක්ෂා කරගත යුතුවේ.
    අනතුරුව වප් පුරපසළොස්වක් පොහෝ දින මහා පවාරණයෙන් වස් පවාරණය කළයුතුවේ. ඉන්පසු වප් අව පෑළවිය දින සිට ඉල් පුරපසළොස්වක් පොහෝදින වන මාසයක කාලයක් තුළ මෙම කඨින චීවර පූජාව සිදුකළයුතු වේ. එය චීවර මාසය නමින් හැඳින්වේ. මේ කාලය බෞද්ධයාගේ පුණ්‍ය කාලය වශයෙන් සඳහන් කිරීම නිවැරදි වේ.
    අවම වශයෙන් කඨින චීවරයක් පූජාකර ගැනීමට උපසම්පදා භික්ෂූන් වහන්සේලා පස් නමක්වත් මෙයට සම්බන්ධ කරගතයුතු වේ. කඨින වස්ත්‍රය පූජා කරණ දිනයේ අරුණ නැගෙන්නට පළමුව කඨින වස්ත්‍රය විහාරස්ථානයට ගෙනවිත් මහා සංඝයාට බාරදිය යුතු වේ. එසේ කළයුත්තේ එදිනම එම වස්ත්‍රය කඩ කපා මසා පඬු පොවාගෙන එදවස තුළම කඨින චීවරයක් වශයෙන් පූජාකළයුතු බැවිනි. විනය කර්මයක් මගින් එම චීවරය සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පැවරීම මහා සංඝරත්නය අතින් සිදුකෙරේ.
    විනය කර්මයකින් පවරණ එකම චීවරය වන්නේ කඨින චීවරය වේ. මේ ආකාරයේ කරුණු රාශියක් සම්පූර්ණ වීමෙන්ම මෙම කඨින චීවර පූජාව සිදුකරගතයුතුවේ.
     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    කඨින චීවර පූජාව:-
    අටමහා කුසල් අතර පළමු වැන්න වන්නේ කඨින චීවර පූජාව වේ. මෙම පිංකම සිදුකළ හැක්කේ වසරකට එක්වරක් පමණි. අනෙකුත් පිංකම් වසරේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිදුකළහැකිවේ. නමුත් කඨින චීවර පූජාවක් එසේ සිදුකළ නොහැකිය. ඒ සඳහා කරුණු රාශියක් සම්පූර්ණ වීම අවශ්‍ය වේ. විශේෂයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලොව වැඩසිටින තාක්කල් පමණක් කළහැකි පිංකමකි.
    උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පොහෝදින පොහොය කිරීම නම් වූ විනය කර්මය සිදු කොට ඇසළ අව පෑළවිය දින වස් විසීමට සුදුසු ස්ථානයක පෙරවස් සමාදන් විය යුතු වේ. මේ වස්තුන් ව මාසය මුළුල්ලේම ඒ සමාදන් වූ වස් ශික්ෂා පදය කඩනොකොට වස්සච්ඡෙදනයකට නොපැමිණ එය ආරක්ෂා කරගත යුතුවේ.
    අනතුරුව වප් පුරපසළොස්වක් පොහෝ දින මහා පවාරණයෙන් වස් පවාරණය කළයුතුවේ. ඉන්පසු වප් අව පෑළවිය දින සිට ඉල් පුරපසළොස්වක් පොහෝදින වන මාසයක කාලයක් තුළ මෙම කඨින චීවර පූජාව සිදුකළයුතු වේ. එය චීවර මාසය නමින් හැඳින්වේ. මේ කාලය බෞද්ධයාගේ පුණ්‍ය කාලය වශයෙන් සඳහන් කිරීම නිවැරදි වේ.
    අවම වශයෙන් කඨින චීවරයක් පූජාකර ගැනීමට උපසම්පදා භික්ෂූන් වහන්සේලා පස් නමක්වත් මෙයට සම්බන්ධ කරගතයුතු වේ. කඨින වස්ත්‍රය පූජා කරණ දිනයේ අරුණ නැගෙන්නට පළමුව කඨින වස්ත්‍රය විහාරස්ථානයට ගෙනවිත් මහා සංඝයාට බාරදිය යුතු වේ. එසේ කළයුත්තේ එදිනම එම වස්ත්‍රය කඩ කපා මසා පඬු පොවාගෙන එදවස තුළම කඨින චීවරයක් වශයෙන් පූජාකළයුතු බැවිනි. විනය කර්මයක් මගින් එම චීවරය සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පැවරීම මහා සංඝරත්නය අතින් සිදුකෙරේ.
    විනය කර්මයකින් පවරණ එකම චීවරය වන්නේ කඨින චීවරය වේ. මේ ආකාරයේ කරුණු රාශියක් සම්පූර්ණ වීමෙන්ම මෙම කඨින චීවර පූජාව සිදුකරගතයුතුවේ.

    :):):)