කඩඉම් ඝාතනය- මරා-සිරා ජුන්ටාව

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
කඩඉම් ඝාතනය- මරා-සිරා ජුන්ටාව

යුද්දය නිමාවීමෙන් පසු ප්‍රථම කඩඉම් ඝාතනය..! මරා-සිරා ජුන්ටාව ඍජුවම වගකිව යුතු වවුනතිවු පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය පිලිබඳ විමසුමක්

47395149_2242474476000044_2289466371928489984_n.jpg


නොවැම්බර් 30 වෙනි සිකුරාදාට එළවෙන පාන්දර මඩකලපුවේ වවුනතිවුහි සිදුකරන ලද පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ම්ලේච්ඡ ඝාතනයන්ට අනීතික මරා - සිරා ජුන්ටාව විසින් පුරා මාසයකටත් අධික කාලයක් රට තුල ඇති කරන ලද අරාජික අස්ථාවරත්වය හේතු වී තිබෙන බව මේ ලියුම්කරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය සමග කළ මූලික නිරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

නිරීක්ෂණ අංක 1
මඩකලපුවේ වවුනතිවු පොලිස් බල ප්‍රදේශයේ කලපු සීමාවේ පිහිටි පොලිස් මුර පොලක රාත්‍රී මුර සේවයේ යෙදී සිටි ගාල්ල උඩුගම පදිංචි වල්පිට ගමගේ ඉන්දික ප්‍රසන්න නිරෝෂන් (25) සහ කල්මුණේ පදිංචිකරුවකු වන ගනේෂ් දිනේෂ් (35) නම් පොලිස් නිලධාරීන් දෙදෙනා කපා කොටා වෙඩි තබා ඝාතනය කර තිබූ අතර සිරුරු 30 වෙනිදා උදේ 6 ට වැඩ මුරය බාර ගන්නට ගිය පොලිස් නිලධාරීන්ට හමුවී තිබිණ.

මේ මුර පොල වවුනතිවු පොලිස් ස්ථානයේ සිට කිලෝ මීටර 1 හමාරක පමණ දුරකින් පිහිටා තිබූ එකකි. සාමාන්‍යයෙන් මෙවන් රාත්‍රී මුර පොලක අවම වශයෙන් නිලධාරීන් සිව් දෙනෙකු සේවයේ යෙදවිය යුතු නමුත් එහි සේවයේ යෙදී සිට ඇත්තේ දෙදෙනෙකි. එක් අයෙකු රාත්‍රී එකට සේවය නිමා වී ගිය බව කීවද රාත්‍රී 1 ට අවසන් වන සේවාමුරයක් පොලිසියේ නැත.

එක් පොලිස් නිලධාරියෙකු මුරපොලින් පිටත ඝාතනය කර තිබූ අතර අනෙකා මුරපොල තුල නිදා සිටියදී ඝාතනය කර තිබිණ. පිටත ඝාතනය කරන ලද නිලධාරියාගේ දෑත් බැඳ කපා කොටා වෙඩි තබා ඝාතනය කර තිබූ අතර මුරපොල තුල නිදා හුන් නිලධාරියාගේ දෑත් බැඳ නොතිබූ නමුත් වෙඩි තබා කපා කොටා ඝාතනය කර තිබිණ.

වෙඩි තබා තිබුනේ ටී 56 ගිනි අවියකින් වන අතර උණ්ඩ 5 ක් අසල තිබී හමුවී ඇත. නිලධාරීන් දෙදෙනා සතුව තිබූ පිස්තෝල 2 ඝාතකයන් විසින් පැහැරගෙන ගොස් තිබේ. සාමාන්‍යයෙන් මුර පොලක රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට ටී 56 ගිනි අවි නිකුත් කෙරෙන නමුත් මෙහිදී එවැන්නක් සිදුව නැත. රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනා වෙත ජංගම රේඩියෝ පණිවුඩ යන්ත්‍රයක් හෝ තිබී නැත.

මුර පොලේ අවසන් වරට වාර්තා තබා ඇත්තේ රාත්‍රී 9.30 ට ඒ ස්ථානයෙන් ගිය මෝටර් බයිසිකලයක තොරතුරකි. එහි අංකය සහ දෙදෙනෙකු ගමන් කළ බව සටහන්ව තිබේ. ඝාතනය සිදු කර ඇත්තේ පාන්දර 1 ත් 3 ත් අතර බවට සැක කෙරේ.

රාත්‍රී 9.30 ට පමණ පැමිණි මෝටර් සයිකලයේ ආ දෙදෙනා ඝාතනයට පෙර ඔත්තු බැලීම සඳහා යෙදැවූ දෙදෙනෙකු ලෙස සැක කෙරේ. ඝාතනය සඳහා 6-10 ත් අතර පිරිසක් පැමිණ ඇතැයි අවට නිරීක්ෂණ වලදී සැක කළ හැකිය. ඝාතනයට පෙර පොර ඇල්ලූ බවට සාක්ෂි අවට දක්නට ඇත. ප්‍රථමයෙන් එළියේ සිටි නිලධාරියා මුව වසා අල්ලා දෑත් බැඳ කපා කොටා ඝාතනය කර දෙවැනුව ඇතුලේ නිදා සිටි නිලධාරියා ඝාතනය කර අවසානයේ දෙදෙනාටම වෙඩි තබන්නට ඇතැයි මූලික නිරීක්ෂණ වලදී සැක පහළ කර තිබේ.

ඝාතන වල පසුබිම 01 -එල්ටීටීඊ
ඝාතනයට ලක් වූ ගනේෂ් නමැති දෙමළ ජාතික පොලිස් නිලධාරියා වසර 10 ක පමණ කාලයක් පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ (TID) සේවය කරන ලද නිලධාරියෙකි. සම්මානනීය ක්‍රීඩකයෙකි. නිරෝෂන් නමැති සිංහල පොලිස් නිලධාරියා දකුණින් ස්ථාන මාරු ලැබ ගිය නිලධාරියෙකි.

පසුගිය දිනවල එල්ටීටීඊයේ මහවිරු උත්සව මඩකලපු ප්‍රදේශයේද පැවැත්වීමට සූදානම් වී ඇති නමුත් පොලිසිය මැදිහත් වී ඒවා නතර කර තිබේ. එකී මහවිරු උත්සව සඳහා කිලිනොච්චියේ සිට හිටපු එල්ටීටීඊ සාමාජිකයන් දෙදෙනෙකු මඩකලපුවට පැමිණ සිටියේ යයි පොලිස් ඔත්තු සේවා මීට පෙර වාර්තා කර ඇත.

මහවිරු උත්සව නතර කිරීම නිසාම පොලිස් නිලධාරීන් ඝාතනය කළා යයි සිතිය නොහැක්කේ මීට පෙරද මේ ආකාරයටම මහවිරු උත්සව වළක්වා තිබීම නිසා ය.

මඩකලපුව වවුනතිවු ප්‍රදේශය එල්ටීටීඊ යුද වකවානුවේ දී මුළුමනින්ම පාහේ කරුණා අම්මානගේ නායකත්වයෙන් ද පසුව පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් ද ක්‍රියා කළ කාඩර්ලාගෙන් සමන්විත ප්‍රදේශයකි. කරුණාගේ පිරිස 7000 ක් පමණ සිටි අතර කරුණා ප්‍රභාකරන්ගෙන් වෙන් වී රජයේ හමුදා සමග එක්වීමෙන් පසුව ඉන් පුනරුත්ථාපනය වී ඇත්තේ 300-400 ක් පමණ සුළු පිරිසක් බව පෙනී යයි. අනෙක් පිරිස සමාජ ගත වූ නමුත් රජයේ විධිමත් පුනරුත්ථාපන ක්‍රියාවලියකට ඇතුලත් වී නැත. සත්‍ය වශයෙන්ම රාජපක්ෂලාගේ යුද කෙරුවාවත් අවිධිමත් පුනරුත්ථාපනයත් තුල කරුණා අම්මාන් හෝ පිල්ලෙයාන් හෝ පුනරුත්ථාපන ක්‍රියාවලියකට යටත් කෙරුණේ නැති අතර ඇමැතිධූර වැනි කප්පම් ගෙවීම් පමණක් සිදුකරමින් රාජපක්ෂ රෙජීමයේ මිනීමරු කොන්ත්‍රාත්කරුවන් ලෙස වැඩ ගත්තා පමණි. පසුව පැමිණි යහපාලකයන්ද සංහිඳියාව මතුරමින් සිටියා මිස අපරාධ කරුවන්ට දඬුවම් දෙන අතරේ විධිමත් සංහිඳියා ක්‍රියාවලියක් ක්‍රියාත්මක කෙළේ ද නැත. (පිල්ලෙයාන්ට පමණක් නීතිය ක්‍රියාත්මක විය) එවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්නට දකුණේ ජාතිවාදී බලවේග ඉඩ දුන්නේ ද නැත.

මෙවැනි පසුබිමක මරා-සිරා කුමන්ත්‍රණයත් සමග රට පුරා සිදුවූ අරාජිකත්වය තුල ඕනෑම මට්ටමේ, පැරණි හෝ අලුත් හෝ සන්නද්ධ කණ්ඩායමකට අලුත් අරමුණු මත ක්‍රියා කරන්නට පෙළැඹීමක් ඇති වීමට ඉඩ කඩ වැඩිය.

දකුණේ සිංහල ජාතිවාදී ආණ්ඩු සිංහල ජනතාවගේ අයිතිවාසිකම් සහ රටේ ව්‍යවස්ථාව අමු අමුවේ කඩා ඒකාධිපතිත්වයකට යන්නේ නම් උතුරේ දෙමළාට දෙනවා යයි කියන ඕනෑම අයිතිවාසිකමක් පොරොන්දුවක් කඩා දැමීමට දකුණේ පාලකයන්ට සුළු දෙයක් බව උතුරේ යුද්ධ කළ කණ්ඩායම් අතර මතයක් පසුගිය මාසය පුරා පැතිර ගිය බව නොරහසකි. ඒ අනුව දෙමළ තරුණයා තුල දකුණ කෙරෙහි දේශපාලන අවිශ්වාසය සහ අපේක්ෂා භංගත්වය උත්සන්න විය.

පොලිස් නිලධාරීන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමට අමතරව ම්ලේච්ඡ ලෙස කපා කොටා දැමීමෙන් ඝාතකයන් තුල තිබූ අසාමාන්‍ය වෛරයක් පිළිබිඹු වේ. දෙමළ පොලිස් නිලධාරියා ත්‍රස්ත විමර්ශනයේ කලක් තිස්සේ රාජකාරි කළ අයෙකු වීමත් නිසා වෛරය පුද්ගලික මෙන්ම පොදු දේශපාලන වෛරයක් වීමට ද හැකියාවක් තිබේ.

කෙසේ වෙතත් මෙකී ඝාතන වලට දින 4 කට පමණ පෙර කරුණා අම්මාන් තැබූ ට්විටර් සටහනක් පිළිබඳවද මත ප්‍රකාශ වී ඇත. එහි මෙසේ සඳහන්ව තිබින “මම හිතන්නේ සමහර යූඇන්පී සාමාජිකයන් මාව බයකරන්න හදනවා කියා. බොහෝ දෙනෙක් මට පණිවුඩ එවනවා, කතා කරනවා. හොඳට මතක තියාගන්න මම මඩකලපුවේ කරුණා අම්මාන්. 2004 පෙර සිටි කරුණා අම්මාන් කොයි වගේ කෙනෙක්ද කියා අනෙක් අයගෙන් අසා දැන ගැනීම මැනවි..!”

කරුණාගේ ඉහත ප්‍රකාශයත් මෙකී පොලිස් ඝාතන 2 ක් අතර සම්බන්ධයක් ඇතැයි බොහෝ දෙනා සිතති. නහරයා කාලේ ආයුධ අතට ගත් අයෙක් ඉන් ඉවත්ව වසර 14 කට පමණ පසු වියපත් වී යලි ආයුධ අතට ගන්නවා යයි සිතීම අපහසුය. මන්ද යත් කරුණා ආයුධ අත් හලේ ඔහුගේ පුද්ගලික යුද පරාජයක් නිසා නොවේ. තනියම ද නොව 7000 ක් පමණ සමග වීමත් ඔහුගේ අායුධ අත් හැරීම දේශපාලනික කරුණක් වීමත් නිසා ය. අනෙක කලින් ටිව්ටර් පණිවුඩ තබා සටන් ආරම්භ කිරීමට තරම් කරුණා තකතීරුවෙකුද විය නොහැකිය.

ඝාතන වල පසුබිම 02 - සීඩීඑස් රවීන්ද්‍ර විජේගුණරත්න
මෙකී ඝාතන දෙක සිදුකළ වවුනතිවු කලපුව මායිම වනාහී නාවික හමුදාවේ ද බලපෑම තිබෙන කලාපයකි. හිටපු නාවික හමුදාපති වත්මන් මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පෙර ඔහු විසින් ප්‍රසිද්ධියේම තර්ජනය කර තිබුනේ තමන් අත් අඩංගුවට ගතහොත් හමුදාව පොලිසියට එරෙහිව පලිගනු ඇති බවයි.

මරා - සිරා ජුන්ටාවේ නොමඳ ආශිර්වාදය රවීන්ද්‍ර විජේගුණරත්නට හිමි වූ නමුත් යහපාලනය විසින් වසර 3 ක් තිස්සේ ස්ථාපනය කරන්නට වලි කෑ නීතියේ ආධිපත්‍යය යම් තරමකට හෝ කෙළින් වී තිබීම හේතුවෙන් රවින්ද්‍ර විජේගුණරත්නට රිමාන්ඩ් වීමට සිදුවිය.

ආකාර කිහිපයකින්ම නීතියට පිටුපා කැලේ නීතිය අනුව ක්‍රියා කළ රවීන්ද්‍ර විජේගුණරත්න රිමාන්ඩ් වූ සුළු කාලය තුල පවා මහින්ද රාජපක්ෂ ඔහු බලන්නට සිරගෙදරට ගියේය. ඔහු විපක්ෂයේ සිටියදී හොරුන් මිනීමරුවන් සිරගත වූ සැනින් ඔවුන් බලන්නට සිරගෙදරට ගියද දැන් ඔහු යන්නේ රටේ අගමැතිවරයා යයි තමා විසින්ම කියා ගන්නා පසුබිමක බව ඔහුටම අමතක වී තිබිණ. එමගින් රවීන්ද්‍ර විජේගුණරත්නගේ මිනීමරු කල්ලි වලට යම් සාහසික තල්ලුවක් නොලැබුනේ යයි ද කිව නොහැකිය.

පොලිසියේ දුර්වලම ස්ථානයක් මෙන්ම නාවික හමුදාවේ රවීන්ද්‍ර විජේගුණරත්නගේ මිනීමරු කල්ලියකටද පහසුවෙන්ම ලඟා වී දිරාමාරු විය හැකි ස්ථානයක් ලෙස වවුනතිවු පොලිස් නිලධාරී දෙදෙනා රාජකාරි කළ පොලිස් මුරපොල ඉලක්ක වූවා යැයි තිබෙන සැකයද අත්හළ නොහැකිය.

ඝාතන වල පසුබිම 03 -රාජපක්ෂලා සහ සලේ
එල්ටීටීඊය විසින් සිදුකළා යැයි ඇඟවෙන සේ ඝාතන සැලසුම් කිරීමේ පකීර්ලා නම් රාජපක්ෂලාය. එහිදී ඔවුන්ට කිසිදු හිතක් පපුවක් නැත. සුළු උදාහරණයක් මතක් කර දෙන්නේ නම් මාධ්‍යවේදී ජේ. එස්. තිස්සනායගම් අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සේවය කළ සඟරාව මුද්‍රණය කළ මුද්‍රණාලයේ හිමිකරු වූ ජසීහරන් සහ ඔහුගේ බිරිඳව ද අත් අඩංගුවට ගෙන කොළඹ තිබූ මුද්‍රණාලයට සීල් තැබුවේ ය. එක් රැයක සීල් තබන ලද මුද්‍රණාලයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලදාරියෙකු මුද්‍රණාලය ඉදිරිපිටදී බෙල්ල කපා මරා දැමුවේ ය. එකල කොළඹ වැනි ආරක්ෂාව අංක එකට තිබූ යුගයක රාජපක්ෂලාගේ අනුදැනුම සහිත මිනීමරු කල්ලියකට හැර අන් අයෙකුට පොලිස් නිලධාරියෙකුගේ බෙලි කපන ඝාතනයක් සිදුකළ නොහැකිය. තිස්සනායගම් සහ ජසීහරන් කොටින් කියා පෙන්වීමට එකී ඝාතනය සිදුකළ බව නොරහසකි. අද දිනයේ ද බලයට ඇති කෑදරකම වෙනුවෙන් කොටි නැගිටීමක් රටේ මවා පෑමට රාජපක්ෂලාට අවශ්‍ය නම් වවුනතිවු පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය සැලසුම් කිරීම ඔවුනට කජ්ජක් නොවේ.

ඊට හොඳම සාක්ෂියක්ද ලංකා ඊ නිව්ස් මේ කුමන්ත්‍රණය සිදුවූ දිනට දින 2 කට පසු ඔක් 28 දා වාර්තා කර තිබිණ. එනම් රාජපක්ෂලාගේ ඉහත කී වර්ගයේ ඝාතන සැලසුම් වලට අති දක්ෂ පිකාසෝ කෙනෙකු වූ වනචර දශකයේ යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ‘බ්‍රිගේඩියර් සුරේෂ් සලේ’ යලිත් ලංකාවට කැඳවා තිබීමයි. ඔහු ගෝඨාභයට දැඩිව හිතවත් අයෙකි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සලේ මැලේසියාවේ ඩිෆෙන්ස් ඇටෑචි ලෙස පත් කර රටින් පිට තබන ලද්දේ ඔහු විසින් විවිධ කුමන්ත්‍රණ සිදුකිරීම හේතුවෙනි. එල්ටීටීඊය යලි නැගිටින බවට ව්‍යාජ සිදුවීම් මැවීමට ඔහු මූලික වීම ඉන් ප්‍රධාන ය. ‘ආවා’ කල්ලියේ නිර්මාතෘ වන්නේ ද සුරේෂ් සලේ ය.

සලේගේ පැමිණීම සිදුවූයේ ජනාධිපති ගේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සිදුකළ දිනයේ දීම ය. සුරේෂ් සලේ පැමිණි දිනයේ සිටම කාලය ගත කරන්නේ විජේරාමේ පිහිටි මහින්ද රාජපක්ෂගේ නිවසේ බවත් ඔහු සමග හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ද එහි සිටින බවත් ලංකා ඊ නිව්ස් වාර්තා කර තිබිණ. ඒ අනුව මෙකී ඝාතනය පිළිබඳ සැකයේ ඇඟිල්ල ඔවුන් වෙත එල්ල වීමද නොවැළැක්විය හැකිය.

නිගමන
වසර 30 ක් පැවැති යුද්දය 2009 දී පරාජය කිරීමෙන් පසු ඒ ආකාරයේ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමත් අවි පැහැර ගැනීමත් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙයයි. නිසැක ලෙසම මෙය කඩ ඉම් ඝාතනයකි. මරා-සිරා ජුන්ටාව විසින් මාසයකට අධික කාලයක් තිස්සේ රට ගෙන යමින් තිබෙන අරාජික අස්ථාවරත්වය මීට ඍජුවම වග කිව යුතුය. පොලිසියත්, ආරක්ෂක අමාත්‍යාංශයත් බදාගෙන සිටින මෝඩ ජනාධිපති සිරිසේන සහ හොර අගමැතිට ඇඳ සිටින මහින්ද රාජපක්ෂ මේ මරණ දෙකට පුද්ගලිකවම වගකිව යුතුය. යුද කළ රටක සංහිඳියාවක් සඳහා ක්‍රියා කරද්දී එය කොටි නැගිටීමක් ලෙස අර්ථ ගැන්වූ සියළු ජාතිවාදීන් සහ හොර ඝණගෙඩියන් දැන් කියන්නේ කුමක්ද?

ඝාතනයන්ගේ බරසාර කම පොලිසියට ද දැනුනා විය යුත්තේ සිද්ධිය වූ සැනින් පොලිස්පතිවරයාත් සීඅයිඩිය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාත් ගුවනින් එහි යෑමයි.

වාර්තා වන අන්දමට පරීක්ෂණ සීයඅඩියට බාර දෙනවාට මරා-සිරා රෙජීමය පස්ස ගසා ඇති නමුත් පොලිස්පතිවරයා විය යුතු පරිද්දෙන්ම පරීක්ෂණ සීඅයිඩියට බාර දීම ප්‍රශංසා කටයුතුය. මේ වන විට ප්‍රදේශය තුල සිටි පුනරුත්ථාපනය වී සමාජ ගත වී සිටින සියළුම එල්ටීටීඊ සාමාජිකයන්ගේ නිවාස පරීක්ෂාවට ලක් කරමින් සිටිති. ප්‍රදේශවල නොමැති අයද සිටිති. පරීක්ෂණවලට බාධා විය හැකි බැවින් පරීක්ෂණ පිලිබඳ සටහන් තැබීම නොකරමු.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේරත්න වැනි අත් දක්ෂ නිලධාරියෙකු යටතේ රහස් පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරන බැවින් අපරාධයේ අග මුල වැඩි කල් නොගොස් හෙළිකර ගැනීමට හැකිවනු නිසැක ය. නමුත් අපරාධය පසුපස සැඟවී තිබෙන දේශපාලනය හඳුනා ගෙන ඊට ප්‍රතිකර්ම යෙදීම පොලිසිය සතු කාරියක් නොවේ. එය දේශපාලනඥයන් සතු කාරියකි.
 

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    awurudu thunak tisse buddhi ansha walata kelola dan ekath mara sira ta pawarala. typical mee harak.
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    එක්සත් ජාතික පක්ෂ රජයක් වෙනුවෙන් හිතැතිව කටයුතු කරනා සිවිල් සංවිධාන දේශපාලන ක්‍රියාකාරිකයන් පසුගිය රජය යටතේ රජයේ මුදල් ලක්ෂ ගණනින් ලබා ගෙන තිබෙන බවට දැන් දැන් හෙළිවෙමින් තිබෙනවා.
    සධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු ලෙසින් කටයුතු කරන, සිවිල් සංවිධාන නියෝජිත දඹර අමිල හිමි රජයේ ආයතනයක් වන ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ලබා ගෙන තිබෙන මුදල මාසිකව 95,000කි. දඹර අමිල හිමිට ලිට්‍රෝ සමාගම මෙම මුදල් ලබා දී ඇත්තේ රහස් ගිණුමකිනි.
    මේ අතර සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් ලෙසට කටයුතු කළ මහාචාර්ය සරත් විජේසූරියද සිය ග්‍රන්ථ දොරට වැඩීමේ උත්සව සදහා යැයි කියමින් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මුදල් ලබා ගෙන තිබෙන බවට හෙළිව තිබේ.
    තවද පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ, ඔහුගේ බෑනා ඇතුලු සගයන්ද රාජ්‍ය ආයතනයකින් ලක්ෂ 27ක මුදලක් ලබා ගැනීමේ සිදුවීමක් පිළිබඳව අල්ලස් කොමිසමේ විමර්ෂණය කරමින් පවතී. මෙම ලක්ෂ විසි හතේ වංචාවේදි මුදල් කොටසක් ලෙසට දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ යොවුන් නිළියක් ඇතුලු දේශපාලනයට සම්බන්ධ කලාකරුවන් පිරිසකට බෙදා දී තිබෙන බව සදහන්.
    මෙලෙසින් දූෂණය, වංචා නොමැති පිරිසිදු රටක් වෙනුවෙන් යැයි කියමින් සිවිල් සංවිධාන දේශපාලනයක නිරත වූ පිරිස් තමන්ගේ රජයක් පත් කරවාගෙන මුදල් ගසා කෑම සමාජජාලා මාධ්‍යන්හී දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    ඔහේ තිබ්බ army checkpoints/camps ටික අයින් කරනකොට උඔ වද පොන්නයගේ පොල්ල උර උරද හිටියේ ‌ලොල්ලෝ?
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ȜMA X;23972106 said:
    ඔහේ තිබ්බ army checkpoints/camps ටික අයින් කරනකොට උඔ වද පොන්නයගේ පොල්ල උර උරද හිටියේ ‌ලොල්ලෝ?

    හැමදාම චෙක් පොයින්ට් එක්ක ජීවත් වෙන්න අපි හමුදා පාලනයකද ඉන්නේ? දන්න දේශපාලනයක් කතා කරපන් . අප්පුච්චා කොටි ඉතුරු කලාද? කරුනා සුරතල් කරලා ඕනේ වෙලාවට වැඩේ දෙන්න සුරෙශ් සලේ ගෙන්න ගත්තා නේද? යකෝ කානුකටෙන් ඇවිල්ල හරි හමන් ජාතකයක් නැති වුනාට ඒ බව පෙන්නන්න එපා. හරියට කතා කරන්න ඉගෙන ගන්න.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    හැමදාම චෙක් පොයින්ට් එක්ක ජීවත් වෙන්න අපි හමුදා පාලනයකද ඉන්නේ? දන්න දේශපාලනයක් කතා කරපන් . අප්පුච්චා කොටි ඉතුරු කලාද? කරුනා සුරතල් කරලා ඕනේ වෙලාවට වැඩේ දෙන්න සුරෙශ් සලේ ගෙන්න ගත්තා නේද? යකෝ කානුකටෙන් ඇවිල්ල හරි හමන් ජාතකයක් නැති වුනාට ඒ බව පෙන්නන්න එපා. හරියට කතා කරන්න ඉගෙන ගන්න.

    අනේ තොගේ පොලිටික් ඇන්ඩි මිලටරි නොලේජ් එක. :lol: නොදන්න පකවල් දොඩවන්තුව සිරික‌ොතේ පොලු ටික උරාගන ඉදහන් පොනිල්‌ගේ ගල් කොල්ලෝ, fkn low level bottom feeder :lol:
     
    • Like
    Reactions: Johnnie_Walker

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ȜMA X;23972179 said:
    අනේ තොගේ පොලිටික් ඇන්ඩි මිලටරි නොලේජ් එක. :lol: නොදන්න පකවල් දොඩවන්තුව සිරික‌ොතේ පොලු ටික උරාගන ඉදහන් පොනිල්‌ගේ ගල් කොල්ලෝ, fkn low level bottom feeder :lol:

    Getting angry already? never had a meaningful conversation in life? had a abusive childhood? dad is a wife beater?? Ok Now I understand..
    And yep, thanks for showing us who is the bottom feeder.

    giphy.gif
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    47475634_796389270692970_8603289986080440320_n.jpg


    මයිත්‍රී ,මහින්ද කුමන්ත්‍රන ආන්ඩු පාලනය යටතේ සිදුවුනු මේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයන් මුලු රටම කැලඹූ ඉතාම බරපතල ගනයේ සිදුවීමක් බවට මේ වනවිට පත්ව ඇත.

    පොලීස් නිලධාරීන් දෙදෙනෙකු සිය මුර පොල තුල අති බිහිසුනු ලෙස ඝාතනය කර ඉන්පසු ඔවුන්ගේ රිවෝල්වර දෙකත් පැහැරයගෙන යාම යනු ඉතාම බරපතල තත්වයකි.
    මෙම ඝාතනය සිදුකොට ඇත්තේ රාජපක්ෂවරුන්ගේ අතිජාත මිත්‍ර සහ ඔවුන්ට අනුව ජාතික විරුවකුද වන කරුනා අම්මාන් විසින් මෙහෙවන ඝාතන කල්ලියක් විසින් බවට වූ විශාල සැක සංකා රටපුරාම මේ වන විට විවිධ පාර්ශවයන් විසින් පල කරමින් සිටී.
    ( එය එසේ යැයි කියා තහවුරු කිරීමට අදාල කිසිදු පිලිගත හැකි ශාක්ෂියක් තවමත් රට හමුවේ හෙලිදරව් වී නැත)
    ඒ නිසා, රටේ නීතියානුකූල ආන්ඩුවක් නොමැති තත්වයක් යටතේ සිදු වූ මේ බරපතල අපරාධය සිදුකල සැබෑ ඝාතකයන් කවුද යන්න පිලිබඳ රටේ ආරක්ශක අංශ භාර සියලු බලතල හිමි ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන විසින් ඉතා ඉක්මනින්ම රට හමුවේ කරුනු අනාවරනය කල යුතුව ඇත.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකෙන්ම පේනවනේ මේක tna රනිල් ගේ ගේම් එකක් කියල අගමැතිකම ග මිනිමරලා හරි ගන්නවා කියපු එකාලානේ මේ පොස්ට් එකෙනුත් එක ඔප්පු වෙනවා :angry::angry:

    රනිල්ගේ අටේ ලොවන ගොන් පිම්පියෙක්ට ඇරෙන්න රටක අභ්‍යන්තර ආරක්ෂාව රදිපවතින බුද්දි අංශ මෙලනියස්ම් සිටි පාර්ට් 2 මගින් රනිල් අවලම් බලු සමගම විසින් නැත්තටම නැති කරපුවල ප්‍රතිපල තමයි මේ ලැබෙමින් තියෙන්නේ ..ඊළම ඉල්ලන වල බල්ලෙක්ව විපක්ෂ නායක කරලා පිටරටවල ඉන්න පාදඩ කොටි හැත්තට ල්ලන්කාවේ එම්බසිවල පාටි දීල ලංකාවට ගෙනත් මල්මාලා දාල පුක දුන්න ඇරලා පලයන් කියල :angry::angry:

    මේ පොස්ට් එක දාපු එකත් දෙමළෙක් වෙන්න ඕන කොටියට කඩේ යන .රනිලකියන බලල මෙරටෙන් තොලොංචි වෙනකන් මේ රට හරියන්නේ නැ ඕක ඉන්නකන් මෙරට කාලි වලට කඩෙන එක වළක්වන්නත් බැ .අවුරුදු 30 තිස්සේ යුද්දයක් තිබ්බත් කොටින්ගෙන් කිසිම කරදරයක් නොවුන එකම නායකයා තමයි රනිල් ..ලංකාවේ දෙවැනි ප්‍රභාකරන් තමයි රනිල් කියන අවලන් තිරිසනා .ටයි කොට ඇන්දත් මු අරු වගේම මස් වැද්දෙක් .88-89 50000 -70000 ජීවිත වදකාගාරවලදී බිලිගත්තා මිනිමරුවෙක් .දැන් සුදු පිරුවට දාගෙන බලේට කෑදර කමින් ඕනෙම බලු වැඩක් කරන්න බලන් ඉන්නේ .එකටම හරියන ප්‍රභාකරන්ගේ ශුක්රනුවලින් රනිල්ට දාව ඉපදුන නපුංසකයෝ සෙට් එකකුත් ඉන්නවා එහෙයි කියන :sorry:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,367
    771
    113
    එල්ටීටීඊය විසින් සිදුකළා යැයි ඇඟවෙන සේ ඝාතන සැලසුම් කිරීමේ පකීර්ලා නම් රාජපක්ෂලාය. එහිදී ඔවුන්ට කිසිදු හිතක් පපුවක් නැත. සුළු උදාහරණයක් මතක් කර දෙන්නේ නම් මාධ්‍යවේදී ජේ. එස්. තිස්සනායගම් අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සේවය කළ සඟරාව මුද්‍රණය කළ මුද්‍රණාලයේ හිමිකරු වූ ජසීහරන් සහ ඔහුගේ බිරිඳව ද අත් අඩංගුවට ගෙන කොළඹ තිබූ මුද්‍රණාලයට සීල් තැබුවේ ය. එක් රැයක සීල් තබන ලද මුද්‍රණාලයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලදාරියෙකු මුද්‍රණාලය ඉදිරිපිටදී බෙල්ල කපා මරා දැමුවේ ය. එකල කොළඹ වැනි ආරක්ෂාව අංක එකට තිබූ යුගයක රාජපක්ෂලාගේ අනුදැනුම සහිත මිනීමරු කල්ලියකට හැර අන් අයෙකුට පොලිස් නිලධාරියෙකුගේ බෙලි කපන ඝාතනයක් සිදුකළ නොහැකිය. තිස්සනායගම් සහ ජසීහරන් කොටින් කියා පෙන්වීමට එකී ඝාතනය සිදුකළ බව නොරහසකි. අද දිනයේ ද බලයට ඇති කෑදරකම වෙනුවෙන් කොටි නැගිටීමක් රටේ මවා පෑමට රාජපක්ෂලාට අවශ්‍ය නම් වවුනතිවු පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය සැලසුම් කිරීම ඔවුනට කජ්ජක් නොවේ.

    :rolleyes::rolleyes::rolleyes: