විසිතුරු නිමැවුම් සෑදීමට කඩදාසි උපයෝගී කරගන්නා කලාව ඔරිගාමී (origami) ලෙස හදුන්වයි.
එම කලාවෙන් අපූරු නිර්මාණ කරන්නෙකි මැතිව් ජෝර්ජ්.
ජොජ්ට කඩදාසි වලින් නිර්මාණය කළ හැකි දේ අතර සත්ව රූප නිර්මාණය ඉදිරියෙන් තිබේ.
ඔහු නිර්මාණය කළ අපූරු කඩදාසි සත්ව මූර්තිවල ජායාරූප පෙළක් පසුගියදා ෆිලිකර් ගිනුමක් හරහා අන්තර් ජාලයට මුදාහැර තිබිනි.
මේ ජායාරූප ගොන්නේ කෘමීන්ගේ සිට දැවැන්ත සතුන් දක්වාම කළ කඩදාසි මූර්තිවල ඡායාරූප ඇතුළත් විය.
ඔහු එසේ මුදා හැර තිබූ ඡායාරූප ගණන 131 කි.
ජෝර්ජ් සිය නිර්මාණ වලින් කොටසක් මේවසරේ පැරීසියේ පැවැති ප්රදර්ශනයක් සදහාද ඉදිරිපත් කර තිබුණු බව පැවසේ.
ඔරිගාමී කලාවේ මූලාරම්භය ජපානය දෙසට දිව යන අතර ඒ සම්බන්ධ තාක්ෂණය ඇතුළත් මුල්ම පොත පිටවී ඇත්තේ 1797 දීය.
ජපන් බසට අනුව ඔරි ('ori' - folding) යන්න නැම්ම යන තේරුමත් කාමී ('kami' - paper) කඩදාසි යන තේරුමත් ගෙනදේ.
ඒ අනුව ඔරිගාමී යන්න නිර්මාණයවී තිබේ.
Last edited:

