කඩනකම් බලන් ඉන්නෙ නැතුව ඉක්මනට මුකුත් කරප
මේ නිවුස් එකත් උඹලා බොරුයි කිලය කියන lankaenews එකේ පමනයි පලවුනේ!
''බෝරෝබුදූර් බෞද්ධ සිද්ධස්ථාන අයි.එස්.අයි.එස් ත්රස්තවාදීන්ගෙන් ආරක්ෂා කර දෙන්න'' -ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ඉන්දුනීසියානු ජනාධිපතිගෙන් ඉල්ලයි---
(ලංකා ඊ නිව්ස් -2014.සැප්.01, පෙ.ව.6.30) ඓතිහාසික බෝරෝබුදූර් සිද්ධස්ථානයන්ට අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ගෙන් එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් වහාම ක්‍රියාකර එම බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කරන්නැයි ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලය ඉන්දුනීසියානු ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ. එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.
අතිගරු සුසිලෝ බෑම්බැන්ග් යුදොහෝනෝ මහතා,
ඉන්දුනීසියානු ජනාධිපතිතුමා,
ජකාර්තා නගරය,
ඉන්දුනීසියාව.
අතිගරු ජනාධිපති තුමනි,
පුරා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බෝරෝබුදූර් පූජා භූමියට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධවයි
------------------------------------------------------------------------------
බුදු දහමෙහි ආශ්චර්යයක් බඳු වූ සහ ඓතිහාසික වටිනාකමින් යුතු පුරාණ බෝරෝබුදූර් පූජා භූමිය අයි.එස්.අයි.එස්. සංවිධානයේ තර්ජනයට ලක්ව ඇති බව සඳහන් පුවත ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සහ ලාංකේය මුස්ලිම් ජනතාව මහත් කම්පනයට සහ අවිශ්වාසයට පත්ව තිබේ.
පෞරාණික පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් මෙම පූජා ස්ථානය ලෝකයේ විශාලතම බෞද්ධ විහාරස්ථානය පමණක් නොව එහි ඇති පුරාවිද්‍යාත්මක බව, සංස්කෘතික හා ආගමික වටිනාකම නිසාම එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය මගින් ලෝක උරුමයක් ලෙස ද ප්‍රකාශයට පත් කළ ස්ථානයකි. එහි ඓතිහාසික හා ආගමික සුවිශේෂ බව ලොව පුරා විසිරී සිටින බෞද්ධ ජනතාවට අද්විතීය බවක් එක් කරයි. ආගමික සුවිශේෂී බවක් ඇති ස්ථාන ඉලක්ක කරගනිම්න් අයි.එස්.අයි.එස්. සංවිධානයේ තනි අරමුණ හරහා ලෝකයේ ඉස්ලාමීය නාමය සමග ආරවුලක් නිර්මාණය කරනවා. මෙය අප ආදරණීය නබි තුමා විසින් උගන්වනු ලැබු ශ=ද්ධ වූ කුරාණයට පටහැනි වේ.
අතිගරු ජනාධිපතිතුමණි, අප ඔබ තුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ ඉන්දුනීසියාවේ පිහිටා ඇති බෝරෝබුදූර් පූජා භූමි ඇතුළු සෙසු බෞද්ධ ආගමික ස්ථානවල ආරක්ෂාව තහවුරු කරන ලෙස හා මෙම ස්ථාන වල ආගමික සුවිශේෂි බව මෙන්ම ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම කිසිම හානියකින් තොරව ආරක්ෂා කරන ලෙසයි.
බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වූ ස්ථාන ඉස්ලාමීය නාමයෙන් සාහසික කණ්ඩායම් විසින් අනර්ථ ලෙස විනාශ කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2001 මැයි මස අවුරුදු 1700 පැරණි බාමියන් බුදු පිළිම ඇෆ්ගනිස්ථානයේ නොමග ගිය තලෙයිබාන් ත්රස්තවාදීන් විසින් විනාශ කරන ලදී. එය බෞද්ධ ජනතාවගේ සහ ලෝකයේ සාධාරණව සිතන පුද්ගලයන්ගේ සිත් චංචල කරවන කම්පනයක් ඇති කෙළේය.
ඉස්ලාම් ආගම සාමයේ ආගම වන අතර එහි ත්රස්තවාදයට සහ හිංසාවට කිසිදු තැනක් හිමි වී නැත. ලොව පුරා රටවල් වල හිංසාව නිර්මාණය කිරීම සහ දේශපාලන අස්ථිරත්වය වෙනුවෙන් මුසල්මානුවන් ආයුධ අත දැරීම මුස්ලිම් රටවල් ව්‍යාකුලත්වයට පත් වීමට සහ ලෝකයේ සාමය තර්ජනයට ලක් වීමට හේතු වී ඇත. අයි.එස්.අයි.එස්. සහ අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම් අරමුදල් සහ ආයුධ ලබා අරාබි සහ ඉස්ලාම් කලාපීය රටවල් අස්ථායි කර ඇත.
මිලියන 209 ක අති විශාල මුස්ලිම් ජනගහනයක් ඇති රටක් වශයෙන් ඉන්දුනීසියාව අපගේ අති උතුම් ආගමෙන් ඉල්ලා ඇති පරිදි වන්දනාවට පාත්රවූ සියළුම ආගමික ස්ථාන ආරක්ෂා කිරිමේ වගකීමෙන් බැඳී සිටී. ජනාධිපතිතුමණි, ඉන්දුනීසියාවට අමිල උරුමයක් බඳු වූ බෝරෝබුදූර් පුජා භූමිය ඔබතුමා අරාක්ෂා කරන බවට කිසිදු සැකයක් අප සතුව නැත.
අපගේ ඉල්ලීම ගැන ඉක්මන් සුදුසු පියවර ගන්නේ නම් කෘතඥ වෙමු.
මෙයට,
එන්.එම්.අමීන්
සභාපති
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය.

Last edited: