කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ රේස් පැද්ද යතුරුපදිකරුට අනුදහසක දඩයක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කොළඹ -නුවර ප්‍රධාන මාර්ගයේ ධාවන තරගයක් පැවැත්වු යතුරු පැදිකරුට චෝදනා 04 කට අදාළව රුපියල් 90000/= දඩයක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද නියම කරනු ලැබුවා.

    මුල් ආකෘතිය වෙනස් කිරිම, අංක තහඩු නොමැතිව සහ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරි ලෙස යතුරු පැදියක් ධාවනය කිරිම යන චෝදනා සම්බන්ධයෙන් වරද පිලිගත් කඩවත, රම්මුතුගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙසේ දඩ නියම කෙරුණා.

    කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ සිට යක්කල කන්දකපාපු හංදිය දක්වා ත්‍රිවීලර් සහ යතුරු පැදි මුදලටරේස් පැදීම රාත්‍රි 12ත් අලුයම් කාලයත් අතර දී සිදු කරන බව පැමිල්ල මෙහෙයවමින් යක්කල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් සඳහන් කළ අතර රේස් පදින යතුරු පැදිය හෝ ත්‍රිවීලර් රථයට ආරක්ෂාව සපයන වාහන නිසා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ විශාල වසයෙන් වාහන තදබදයක් ඇති වන බව ද පවසා සිටියා. එම රියැදුරන්ව පොලිසියට ගෙන්වා කොතෙක් අවවාද කලද ඔවුන් ගේ එම ක්‍රියාවන් නොනවත්වා සිදු කරන බවයි මෙහිදී පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු වාර්තා කරමින් සදහන් කලේ.

    දෙදෙනෙකු ට ගමන් කල හැකි ලෙස සීට් එක නිෂ්පාදනය කර ඇති මෙම යතුරු පැදියේ සීට් එක එක් අයෙකුට පමණක් ගමන් කල හැකි ලෙස සකසා ඇති බවත් නියමිත හැඩලය ගලවා උස් හැඩලයක් සවිකිරීම ඇතුළු රේස් පැදීමට පහසු වන ආකාරයට යතුරු පැදිය සකසා ඇති බවත් පොලිස් නිලධාරීන් චෝදනා නගා සිටියා.

    මෙම රියැදුරන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් මාරක රිය අනතුරු බෙහෙවින් සිදුවන හෙයින් දැඩි දඩුවම් පමුණුවන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    ඒ අනුව සැකකාර යතුරුපැදිකරුට තරයේ අවවාද කල අධිකරණය රුපියල් 90000 ක දඩයක් නියම කල අතර යතුරුපැදියේ හිමිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කරනු ලැබුවා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    මැදමුලනේ ස්මාරකේ වටේ පදින්න ට්‍රැක් එකක් හදන්න පුලුවන් නම් නියමයි.. ඩේසි ආච්චිගේ සල්ලි වලින්.. එතකොට කාටත් කරදරයක් නෑ
     
    • Haha
    Reactions: Mr.Lokka

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මත්තල එයාපෝට් එකේ ට්‍රැක් එක හිස් නේද පොඩි ගානක් අරගෙන ඕකේ මුන්ට රේස් පදින්න දුන්නොත් මොකෝ ගාය අඩුවෙන්න :baffled:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    owa wala nan kamak na kiyathahaki maha paare gonnu wage padala minissu maranne nathuwa .. accident unoth un unmane.. indian labbawal wala Ducati wage brake handling thiyenawa kiyala hithan padina buruwo..
     
    • Like
    Reactions: Dhanushka.N