බලපත්‍ර නැතිව රිය පැදවූ බීමත් භික්ෂුවක් රිය අනතුරක!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,952
    11,394
    113
    @ROCCO-X කිව්වුවා වගෙ අද නිවුස් එක ගෙනාවා.


    https://www.lankahotnews.net/2026/02/news-alert_63.html?m=1

    මහනුවර - අම්පිටිය මාර්ගයේ පොල් වංගුව ප්‍රදේශයේදී වෑන් රථයකින් යතුරු පැදියක් අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ ඇති පොළ දේවරක්ඛිතනමැති හිමි නමකට රුපියල් 67,500 ක දඩයක් ගෙවන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කළේය.

    මත්පැන් පානය කර බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම යන චෝදනා මත මහනුවර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශය විසින් මෙම හිමිනම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    මෙහිදී පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අදාළ හිමිනම පැද වූ රථය යතුරු පැදිකරුවෙකු අනතුරට පත් කර ඇති බවයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ දඩ මුදල නියම කළේය.
     
    • Haha
    Reactions: SimMaster