කඩවත ව්‍යාපාරිකයාගේ ඝාතකයෝ මාට්ටු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පානදුර, පින්වත්ත ටිඩීමන් සිල්වා මාවතේ දී සුඛෝපභෝගී ජීප් රථයක් තුල කෝටිපති ව්‍යාපාරිකයකයකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා ගිනි අවිය සමග අද (05) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචි මරිසි පොඩී නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන එදින යතුරු පැදිය පැදවූ පුද්ගලයකු සහ වෙඩිතැබීම සිදුකල පුද්ගලයා බවත් ඔවුන් 34 සහ 40 වියැති වියේ පසුවන අයවලුන් බවත් පොලිසිය කීය.
    කඩවත කිරිල්ලවල, බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයකු වූ අනුරාධ සම්පත් කුඩාගොඩ නැමැත්තා ඉකුත් 28 දා උදෑසන දරුවන් දෙදෙනකු පාසලට ඇරලවා පින්වත්ත ටිඩීමන් ද සිල්වා මාවතේ කෙලවර ඉදිකරන නිවසේ කටයුතු සොයාබැලීම සදහා සුඛෝපභෝගී ජීප් රථයකින් එමින් සිටියදී යතුරුපැදි කරුවන් දෙදෙනකු පැමිණ දකුණ කම්මුල ප්‍රදේශයට වෙඩිතබා රියදුරු අසුන මත ඝාතනය කර තිබුණි .
    කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය සිදුවූ දින පානදුර සිට කළුතර දෙසට ගමන් කර ඇති අතර, කළුතර දෙස සිට ඝාතකයන් ජීප් රථය ලුහුබැඳ පින්වත්ත දක්වා පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පැවසේ.
    යතුරුපැදිය පැදවූ බව කියන සැකකරු ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලද තොරතුරු මත වෙඩිතැබීම සිදු කළ සැකකරු ඇල්පිටිය තෙලිකඩ, ගිනිමැල්ලගහ නිවසේ සැගව සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයිද සදහන් වේ.
    දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත චීනයේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ උන්ඩ යෙදිය හැකි ස්වයංක්‍රීය ගිනි අවියක් සහ එම පතුරම් 8 ක් සොයාගත් බවද පොලිසිය කීය.
    මුදල් කොන්ත්‍රාත්තුවක් මත වෙඩිතැබීම සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව පොලිස් නිළධාරීයෙක් කීය.
    ඝාතනය සිදුව විනාඩි 30 ක් වැනි කාලයක් තුලදී කිලෝමීටර් හතරක් පමණ ඈතින් පිහිටි වාද්දුව වේරගම පාරේ සයිප්‍රස් උද්‍යානයේ මාර්ගය ආසන්නයේ දමා ගොස් තිබූ ප්ලැටීනා වර්ගයේ යතුරුපැදිය අනුව පරීක්ෂණ සිදුකිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
    පරීක්ෂණ සිදුකළ පොලිස් කණ්ඩායම් ප්‍රදේශයේ සිසිටිවී කැමරා දෙසීයකට ආසන්න ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව සදහන් වේ.
    image_ec2abd95b6.png
     
    • Like
    Reactions: sumane20

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අපරාදෙ මහින්දයා හිටියනං ප්ලැටිනා බයික් තහනම් කරනව. දැන් ඉන්න සමනලයට ඔව්ව අදාලම නෑ
     
    • Haha
    Reactions: .::J@S::.