අයිස් හදපු තව තැනක්

Myth

Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන ලොක්කෙක්ගේ වැමෑරීමෙන් අයිස් හැදුව බවට සැක හම්බන්තොට හෝටලයක් වටලයි

    කළුතර අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි "ඇඹිලිපිටියේ සුරංග" නැමැත්තාගෙන් ලබා ලබාගත් තොරතුරු වලට අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කෙරෙන හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන යොදාගත් බවට සැක කෙරෙන උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට එම අවන්හලේ නවතා තිබූ මෝටර් රථයක් කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට

    පානදුර මහේස්ත්‍රාත් අධිකරණ නියෝග වලට අනුව දින හතක් කළුතර අපරාධ කොට්ඨාසයේ භාරයේ රඳවාගෙන සිටි ඇඹිලිපිටියේ සුරංග නමැත්තාගෙන් ලද තොරතුරක් මත පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේදී වයස අවුරුදු විසි එකක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් පරීක්ෂා කිරීමේදී එම නිවාඩු නිකේතනයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගත් බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය ලීටර් පනස් දෙකක් අඩංගු කෑන් 14 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගත් බවට සැක කරන තවත් උපකරණ රැසක්ම කළුතර අපරාධ කොට්ඨාසය මගින් සොයාගෙන ඇත.එමෙන්ම එම අවන්හලේ නවතා තිබූ දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ නමට ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගැනිණ මෙම මෝටර් රථය දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙන පානදුර නිලංග නමැත්තාා විසින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගත් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.මෙම මෝටර් රථය මීට පෙර පොලිස් නිලධාරියකු මගින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෝටර් රථය වේ.

    මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම මයුරපුර ප්‍රදේශයේ පිහිටි අවන්හලේ ඉරාන ජාතිකයින් කිහිප දෙනෙකු හා මෙරට පුද්ගලයින් කිහිප දෙනෙකු එක්ව මෙම අයිස් නිෂ්පාදනය කර ඇති බවත්,එම ඉරාන ජාතිකයින් මේ වන විට මෙරටින් පලා ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත කෙසේ වෙතත් මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වූ අනිත් සැකකරුවන් සොයා කළුතර අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරයි.

    අත්අඩංගුවට ගත් සැකකරු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Sampath kularathne
    Kaluthara
    2025 09 15
     
    • Like
    Reactions: dinu09

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    ජොනියනම් හිරේ යවන්නම ඕනෙ ඕකා හෙනම කැරිය කියල හිතන් හිටියෙ දැන් බය වෙලා සද්ද වහලා ඉන්නෙ.
    Wayamba NPP bara awi wala fitness eka madi wage...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    breaking-bad-4-days-out.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    අයිස් හදන බඩුයි අයිස් ෆැක්ටරියි ආයුධයි තමන්ගෙ ගම අවට ඒරියා එකේ තියාගන්න තරම් නාමල් මහත්තය මෝඩයි කියලා මම නම් හිතන්නෙ නෑ.

    මේක ජෙප්පොන්ගෙ ප්ලෑන් එකක්ද කියලා සැකයි.

    මේ සැකේ දැන් මේක කියවන බයියොන්ගෙත් ඔළුවෙ වැඩ කරන්න ගන්න ඕනේ. දැන් ඉඳන් පැය 48ක් ගෙවෙන තැනේදි ඉඳන්, බුකියෙ මේ ගැන ලියන්න ගන්න ඕනේ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    අයිස් හදන බඩුයි අයිස් ෆැක්ටරියි ආයුධයි තමන්ගෙ ගම අවට ඒරියා එකේ තියාගන්න තරම් නාමල් මහත්තය මෝඩයි කියලා මම නම් හිතන්නෙ නෑ.

    මේක ජෙප්පොන්ගෙ ප්ලෑන් එකක්ද කියලා සැකයි.

    මේ සැකේ දැන් මේක කියවන බයියොන්ගෙත් ඔළුවෙ වැඩ කරන්න ගන්න ඕනේ. දැන් ඉඳන් පැය 48ක් ගෙවෙන තැනේදි ඉඳන්, බුකියෙ මේ ගැන ලියන්න ගන්න ඕනේ.
    samahar vita game unta rassa denna wennath puluwan
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    දේශීය වියාපාරිකයන්ට අත දීලා, ඔව්වා export කරන්න පහසුකම් දෙන්න ඕනේ... බලපන් බ්‍රසීලේ, මෙක්සිකෝ, පකිස්තානෙ, ඇෆ්ගනිස්ථානය.... දියුණු වෙන හැටි
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මනම්පේරි භාරවීමට සූදානම්...

    Lankawata ICE adipathi wunath dannawa eliye hitiyoth Rajapakshalagen shot eka hambuwenanwa kiyala.