80 සහ 90 දශක වල ලංකාවේ සංගීත ශේස්ත්‍රයේ ලොකු වෙනසක් කල තැනක් වෙතොත් එ මහනුවර ගලහ ප්‍රදේශයේ සීතල කඳුකරයේ පිහිටි බෙල්වුඩ් ආයතනය බව ඉඳුරාම කිව හැකියි,එ ප්‍රදේශයට ගිය පුද්ගලයෙක් දන්නවා කොච්චර ලස්සනද එ පැත්ත කියල ,මට මතකයි අපි කුඩා කාලයේ එ ප්‍රදේශයට යනකොට එ පාරවල් කිසි එකක් කාර්පට් කරලවත් තිබුනේ නැ හරිම ග්රමියයි ඉතාමත් ලස්සනයි,ඉතින් මේ අයතනයෙන් ගොඩක් කලාකාරයෝ බිහි උනා,විශේෂයෙන් සංගීත අංශයෙන් බිහි උනු අය ගැන කිව්වොත්..ශර්ලි වෛජයන්ත,චන්ද්‍රසේන හෙට්ටිආරච්චි,චන්ද්‍රලේඛා පෙරේරා,රොයි පිරිස්,ප්‍රින්ස් උදය ප්‍රියන්ත,චන්දන ලියනාඅරච්චි වැනි අය ගැන කිව හැකියි....මට මතකයි එක පත්තරයක තිබුනා ප්‍රින්ස්ගේ අම්මා ගාල්ලේ ඉඳලා නුවරට ඇවිත් නුවරින් ගලහ පාරේ බස් එකේ ඇවිත් බෙල්වුඩ් පාරේ අමාරුවෙන් ඇවිදගන පුතා බලන්න ආපු ආකාරය,(පාන්දර 3-4 අභ්‍යස පුරුදු විමට ඇහැරුනු විදිය එහෙම අහනකොට මයිල් කෙලින් වෙනවා,මොකද එ පැත්ත එච්චර සීතලයි) අදත් එ පාරවල් දුශ්කරයි යම් මට්ටමකට,එදා කොහොම තිබුනාද කියල හිතාගන්න....එ දවස් වල නිහාල් ගම්හේවා ගුරුතුමා තමයි සංගීත අංශය භාරව හිටිය ගුරුතුමා,ඔහු අතින් බොහෝ තනු සහ පද ඔහුගෙන් අධ්‍යපනය හැදැරු ආධුණිකයන්ට හැදුනා,මේ CD එකේ තියෙන්නෙ එ සමහරක් ගීත එක් කල හැදු Nonstop එකක්....
මෙතරම් වටිනා ආයනතයක් තිබු බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් සාදන ලද මේ පැරණි ගොඩනැගිලි බොහොමයක් වසර කිහිපයකට පෙර කඩා ඉවත් කර ආයතනයද වෙනින් තැනකට මා දන්න පරිදි අරන් යනවා,භාත්කන්ඩයක් කරන්න හැකියාවත් තිබුනු තැනක් අන්තිමට කිනම් හෝ හෙතුවක් නිසා විනාශ කරනව එකයි අපට දුක...
මේ සම්බන්ධව පල වු පුවත් පත් ලිපි
https://www.mediafire.com/file/15w46kz8nkfatsg/NIGAM_AMNS.rar/file
Last edited:

