කඩුවෙලට පැය 16ක ජල කප්පාදුවක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කඩුවෙලට පැය 16ක ජල කප්පාදුවක්

කඩුවෙල බලප්‍රදේශ රැසකට පැය 16ක ජල කප්පාදුවක්

කඩුවෙල මහ නගර සභාවට අයත් ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රීයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

අද රාත්‍රී 10යේ සිට හෙට පස්වරු 2 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

පරණ අවිස්සාවේල්ල මාර්ගයේ අඹතලේ සිට රණාල දක්වාත් කඩුවෙල අතුරුගිරිය මාර්ගයේ වෙලේහන්දියේ සිට වඳුරම්මුල්ල දක්වාත් කඩුවෙල සිට චන්ද්‍රිකා කුමාරතුංග පෙදෙස දක්වාත් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

මීට අමතරව කඩුවෙල කහන්තොට මාර්ගයේ පිට්ටුගල හංදියේ සිට අරංගල හංදිය දක්වා ප්‍රධාන මාර්ග සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග, කොතලාවල, ගැමුණුපුර, පිට්ටුගල, වැලිවිට, බෝමිරිය, කොරතොට, යාකාල, නවගමුව සහ රණාල යන ප්‍රදේශවලත් ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ.


ලබුගම ප්‍රධාන නළ මාර්ගයේ සිදුකෙරෙන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.


-අද‍දෙරන ‍වෙබ්