කඩොලාන_ගැන

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කඩොලානද? පිට්ටනියද? ඔක්සිජන්ද?

    කඩොලාන ශාක තමයි මුහුදු ජලය ආශ්‍රිතව වැඩෙනා ලෝකයේ එකම ශාක විශේෂය. සාමාන්‍ය ශාක වලට අධික ලවණ සහිත ජලයේ වර්ධනය වීමට අපහසු වූවත් කඩොලාන ශාක වැඩිපුර ලවණ එම ශාක වල පත්‍ර මඟින් ලවණ කැටිති ලෙස පිට කරන නිසා ඔවුනට ඉතා සාර්ථකව මුහුදු ජලය ආශ්‍රිතව වර්ධනය වීමට පුලුවන්.

    ඉතිං ඇයි මේ කඩොලාන මේ තරම් විශේෂ?

    සාමාන්‍යයෙන් ගොඩබිම වැඩෙන ශාක වලින් අපට ලැබෙන සේවය ගැන ඔබට අමුතුවෙන් කියන්නට ඕනෙ නැහැ නෙ. කඩොලාන ශාක මඟිනුත් එම සේවාවන් අප වෙත නොපිරිහෙලා ඉටු වෙනවා. දැන් අපි බලමු කඩොලාන ශාක වලට පමණක් විශේෂිතවූ වැදගත්කම් මොනවද කියලා.

    01. කඩොලාන ශාක වර්ධනය වන්නේ මුහුද/කලපුව හා ගොඩබිම අතර කලාපයේ නිසා රළ පහර මඟින් සිදුවන වෙරළ ඛාදනය කඩොලාන ශාක නිසා වැළකී යනවා. කඩොලාන මෙලෙස Buffer Zone එකක් ලෙසින් ක්‍රියා කිරීමේ වැදගත්කම හොඳින්ම ප්‍රදර්ශනය වූයේ සුනාමි ව්‍යසනය අතරතුරයි. විශාල මුහුදු රළ කෙලින්ම ගොඩබිම වෙත කඩාගෙන එනවා වෙනුවට කඩොලාන ගස් අතරින් පැමිණි විට සිදු වූ හානිය බොහෝ සෙයින් අඩු වී තිබුණා.

    02. ඔබ දන්නවාද සාගරයේ හා කලපු වල ජීවත් වන බොහෝ සත්ත්ව විශේෂ තමන්ගේ කුඩා කාලය කඩොලාන මුල් අතර ගෙවා දමන බව. විශේෂයෙන්ම මත්ස්‍යයන් මෙසේ තම ජීවිතයේ මුල් අවධිය කඩොලාන මුල් අතර ගත කරන්නේ විශාල හා සංකීර්ණ කඩොලාන මුල් පද්ධතිය තුළ තමන්ට ආරක්ෂාව ලැබෙන නිසායි. මීට අමතරව ඉස්සන් කකුළුවන් වැනි සතුන් රැසක් සතුරන්ගෙන් ආරක්ෂා වී ජීවත්වීමට කඩොලාන පරිසරයේ සහය පතනවා. මේ නිසාම කඩොලාන ශාක අතර තිබෙන්නේ ඉතාමත් විශාල හා සංවේදී පරිසර පද්ධතියක් වන අතර මෙහි ඇසට නොපෙනෙන කුඩා ප්‍රමාණයේ ජීවීන්ගේ සිට අඩි ගණනක් දිගින්‍ යුතු විශාල මත්ස්‍යයන් පවා ජීවත් වනවා. කඩොලාන ශාක විනාශ වන විට මෙම සතුන්ට බිත්තර දැමීමට, ආරක්ෂා සහිතව ජීවත්වීමට තිබෙන ප්‍රදේශ නැතිවී ගොස් කලක් යන විට එම සතුන්ගේ ගහනය අඩු වී යනවා. මෙයින් විශාලම තර්ජනය ඇති වන්නේ ධීවර ප්‍රජාවට බව අමුතුවෙන්ම කියන්න ඕනෙ නෑ නෙ.

    03. කඩොලාන ශාක වලට සාමාන්‍ය ශාක මෙන් කිහිප ගුණයකින් කාබන් උරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට එකතුවන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන අපිට හුස්ම ගැනීමට ඔක්සිජන් ලැබෙනවා. මෙම ක්‍රියාව සාමාන්‍ය ශාක වලට වඩා කිහිප ගුණයකින් වැඩිපුර කඩොලාන ශාක වලින් ඉටු වෙනවා වූවත් මේ පිළිබඳ අපේ රටේ ජනතාවට තිබෙනා දැනුම අඩු නිසා ඔවුන් කඩොලාන ශාකයක් කොතරම් වටිනවාද කියා දන්නේ නැති තරම්.

    මෙවැනි වටිනාකම් නිසා කඩොලාන හඳුන්වන්නේ ලෝකයේ ඵලදායීතාවය වැඩිම සහ ජීවවිද්‍යාත්මක ලෙසින් ඉතාමත් සංකීර්ණ වූ වනාන්තරය පද්ධතියක් ලෙසිනුයි. මීට අමතරව මුහුද හා ගොඩබිම වනාන්තරය එකිනෙකට යා කෙරෙනා පාලමක් ලෙසින් කඩොලාන හඳුන්වන්නේ කඩොලාන වනාන්තර අතරමැද සිට එම පරිසර පද්ධති එකිනෙක සම්බන්ධ කරන නිසායි. ලෝකයෙන්ම නිවර්තන කලාපයට විශේෂ මේ කඩොලාන වලට ලැබිය යුතු අවධානය හා වටිනාකම අපේ රටේදී ලැබෙනවාද යන්න තරමක් ගැටළු සහගත වූවත් රටක් ලෙස කඩොලාන ශාක ප්‍රජාවක් අප සතු වීම අප රට ලැබූ භාග්‍යයක් වන අතර එවන් සුවිශේෂී වූ පරිසර පද්ධතියක් රැක ගැනීමට කටයුතු කරනා රාජ්‍ය නිළධාරීන් සිටීම පරිසරයට ආදරය කරන අපගේත් භාග්‍යයක්. මේ සටහන ඇය නැගූ හඩට අප විසින් ලබා දෙන ශක්තියයි.

    CBYOrVM.jpg

    13/02/2020 ©
    Mangroves and Sri Lanka (කඩොලාන)
    උපුටා ගැනීමකි - #BhagyaHettiarachchi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    දිනන්නෙ ගෝටගෙ වියත්මගේ ක්‍රියාකාරී සාමාජිකාවක් වන (50වැනි වියත් මගේ ඉස්සරහ ඉඳන් තුන් වැනි පේලියෙ වාඩි වෙලා හිටපු) වනජීවී නිළදාරිතුමියද එහෙම නැත්නම් මහින්දගෙ නූගත් සනත් නිශාන්ත කියන බත්බැලයද කියලා බලමුකො
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    man nam kiyanne othana kadolana kapala ground eka hadana eka hondai. tawa GIM ekakuth hadanna oni oni. ethakota CO2 ayyai okkoma set ekama sunami apu dawasata hodagena yai. oya wage buruwo lankawata wedak ne
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    දිනන්නෙ ගෝටගෙ වියත්මගේ ක්‍රියාකාරී සාමාජිකාවක් වන (50වැනි වියත් මගේ ඉස්සරහ ඉඳන් තුන් වැනි පේලියෙ වාඩි වෙලා හිටපු) වනජීවී නිළදාරිතුමියද එහෙම නැත්නම් මහින්දගෙ නූගත් සනත් නිශාන්ත කියන බත්බැලයද කියලා බලමුකො

    mahinda ta yanna kale hari wage. president ta weda karanna denne ne. denma ain unoth mahindata respect eke retire wenna puluwan. ehema kala nam mahinda ithhasyae ran akuren liyawewi.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    mahinda ta yanna kale hari wage. president ta weda karanna denne ne. denma ain unoth mahindata respect eke retire wenna puluwan. ehema kala nam mahinda ithhasyae ran akuren liyawewi.
    මටත් එහෙම හිතෙනවා බන් දැන් ජනදිපතිතුමාට වැඩක් කරන්ඩ දීලා මහින්ද මහත්තයට විශ්‍රාම ගන්ඩ තියෙන්නේ නැත්තම් යන්ඩ වෙන්නේ බලු වෙලා
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    mulu costal border ekema kadalana thibba nama 2004 Tunami ekedi laksha ganak merenne ne

    1217-fig-13.png
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මම හිතන්නෙ ඔය නිශාන්තය ඒ ඉඩම ශේප් එකේ පිට්ටනියක් කියල ලමයි පිටින් දාලා රිලීස් කරගන්න යන්නෙ හොටෙල් එකක් හදන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    mahinda ta yanna kale hari wage. president ta weda karanna denne ne. denma ain unoth mahindata respect eke retire wenna puluwan. ehema kala nam mahinda ithhasyae ran akuren liyawewi.

    sado1336.jpg

    පසු පෙළ හදාගෙන එන්නෙ තායිලන්ත රජ පවුලක් වගේ :rolleyes:
    රටේ එකම කුමාරයා... මරු නේද?

    සැලකිය යුතුයි: දරුවාගේ වරදක් නොව සීයාගේ වරදකි.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    පසු පෙළ හදාගෙන එන්නෙ තායිලන්ත රජ පවුලක් වගේ :rolleyes:
    රටේ එකම කුමාරයා... මරු නේද?

    සැලකිය යුතුයි: දරුවාගේ වරදක් නොව සීයාගේ වරදකි.
    ඒක මහ මෝඩ කතාවක්නෙ බං.
    එහෙම බැලුවම ලමයි ඉන්න හැම දේශපාලකයටම කියන්න පුලුවන් රජ පවුල් හදාගෙන එනව කියල.
    එහෙම හිතුවොත් දේශපාලනේට හොදම ලමයි නැති සජිත්,රනිල් වගේ අය.:lol:

    වැරැද්ද තියෙන්නෙ මහින්දගෙ නෙමේ දේශපාලකයෙක් සීයකෙනෙක් වුනාම කුමාරයයි, රජ පවුල් ගගා නැති දේවල් හදල කියන උඹල වගේ මිනිස්සුන්ගෙ.

    මිනිස්සු පත්කරන්න ඕනෙ කෙනෙක්ගෙ හැකියාව මත,දැන් නාමල් මහින්දගෙ පුතා කියල එයාව ජනාධිපති කරන්න සුදුසුද, නෑනෙ. එහෙම හිතනවනම් ඒකෙ අවුල තියෙන්නෙ එහෙම හිතන මිනිස්සුන්ගෙ.

    මම මහින්දට ඡන්දෙ දුන්නෙ හැබැයි කවදාවත් උන්ට රජ පවුලුයි,නාමල්ට කුමාරවරු, ගගා පිස්සු කියවන්නෙ නෑ, හැබැයි උඹල වගේ උන් නම් නැති රජ පවුල් මව මව ඔහොම කතා කියනව.
     
    අපි නෙමේ මවන්නේ media වල මේ ආතල් දාන්නෙ මොකෝ?...:P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    mahinda ta yanna kale hari wage. president ta weda karanna denne ne. denma ain unoth mahindata respect eke retire wenna puluwan. ehema kala nam mahinda ithhasyae ran akuren liyawewi.

    මටත් එහෙම හිතෙනවා බන් දැන් ජනදිපතිතුමාට වැඩක් කරන්ඩ දීලා මහින්ද මහත්තයට විශ්‍රාම ගන්ඩ තියෙන්නේ නැත්තම් යන්ඩ වෙන්නේ බලු වෙලා
    සුබ ආරංචියක් ඇතුලෙන් ආවා. බය නැතුව කෙලින් කතා කරපු ඒ වන ජීවී නිළදාරිතුමියට ගෝටගෙන් ඇගයීමක් ලඟදීම බලාපොරොත්තු වන්න. වියත්මග පොඩි වෙන්න පුළුවන් ඒත් ඒ පොඩි සංවිධානයට මහින්දගේ දූශිත බලවේග එක්ක හැප්පෙන්න පුළුවන් විතරක් නෙවේ, හැප්පිලා දිනන්න තරම් ශක්තියක් තියෙන බව අද ඔප්පු කරල ඉවරයි. වියත්මගට රටේ පාලනයට කරන්න පුළුවන් බලපෑම පොඩි නෑ. අපේ ඡන්දෙ අහක ගියේ නෑ. ඡන්දෙ දෙනකොට අපේ තිබ්බ බලාපොරොත්තු දැන් ටික ටික සඵල වෙන්න අරන්. ඒ ගෝටා නිසා මිසක් මහින්ද හින්දා නම් නෙවේ.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අපි නෙමේ මවන්නේ media වල මේ ආතල් දාන්නෙ මොකෝ?...:P:P
    ඒකට උත්තරේ උඹ හොදට දන්නවනෙ, උඹත් කරන්නෙ ඒකමනෙ.
    එලකිරියත් මීඩියා එකක්නෙ ඒකට ඇවිල්ල උඹමනෙ දැන් එහෙම කතාවක් කියන ගමන් තවත් එහෙමම කියන වෙන මීඩියා එකක් රිෆර් කලේ.
    ඒක නිසා උඹම කියපන් හේතුව.

    මම හිතන විදියට ඒ අයට ලේසියෙන් වීව්ස් ගන්න, සල්ලි හොයන්න කරන දේවල්.
    නැති දේවල් හදනව, ඇති දේවල් නැති කරනව, ගොසිප් දානව, අද කාලෙ මීඩියා තමන්ගෙ ටාර්ගට් එකට (සල්ලි, දේශපාලන) යන්න ඕනම දෙයක් කරන හරක්.
    මම කිව්වෙ උඹත් ඒ වගේ තම්න්ගෙ ටාර්ගට් එකට ඕන බොරුවක් නැති දේවල් හදන මීඩියා හරක් ගානට වැටෙන්න එපා කියල.
     
    :P ඒක උඹට හිතෙන විදිය නිසා මට කරන්න දෙයක් නැහැ. ඇත්ත තිත්තයි, ඒත් ඇත්තයි.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    :P ඒක උඹට හිතෙන විදිය නිසා මට කරන්න දෙයක් නැහැ. ඇත්ත තිත්තයි, ඒත් ඇත්තයි.
    මොකක්ද මචං ඇත්ත? මහින්ද ඇතුලු මහින්දගෙ පවුල රජ පවුලක් කියල කියන එකද?
    ඒකනම් ඇත්තක් කියනවට වඩා ගැලපෙන්නෙ ඒක ඔයා මානසිකව හදාගත්ත දෙයක් කියල කිව්වනම් නේද.
    මොකද ලංකාවෙ නීතිය අනුව රජ පවුල් දැන් නෑ. රටේ පරිපාලනයට එන්න ඕනෙ මහජන ඡන්දෙන්. එහෙම තියෙද්දි උඹ හිතන විදියට රජ පවුල් වගේ තාත්තගෙන් පස්සෙ පුතා , එයාගෙන් පස්සෙ මුණුපුරන් පාලනයට ගේන්න ඕනෙ කියල හිතනනවනම් , කරනවනම් ඒක ඒ මිනිස්සුන්ගෙ මානසික අවුලක්, නැතුව ඇත්ත නෙමේ.