කතගේ කොණ්ඩය ගැලවූ සැලුනයේ 4ක් අල්ලන්න නියෝග... hoda wade munta

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    minuwangoda-incident

    මිනුවන්ගොඩ නගරයේ රූපලාවණණ්‍යාගාරයකදී හිස කෙස් සකස් කිරීමේදී ගල්වන ලද ආලේපන හේතුවෙන් කාන්තාවක හදිසියේ අසනීපවී හිස කෙස් කලඹ ගැලවී යන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය පොලිසියට ඊයේ (02) නියෝග කළාය.




    ඊට අමතරව රූපලාවණ්‍යාගාරයේ භාවිත කරන ආලේපන වර්ග පරීක්ෂා කර ඒවායේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාරිභෝගික අධිකාරියට ද නියෝග කෙරිණ. සාදයකට සහභාගිවීම සඳහා සිය හිසකෙස් සකසා ගැනීමට ඉකුත් 30 වැනිදා මිනුවන්ගොඩ නගරයේ වෙළෙඳ සංකීර්ණයක රූපලාවණ්‍යාගාරයකට ගිය ගිය මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ තිස්පස් හැවිරිදි කාන්තාවකගේ හිසට ආලේපන ගැල්වීමෙන් පසු කෙස් කලඹ ගැලවී යාමේ සිද්ධිය පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක කේ.ඒ. වජිරා ශාමලී මහත්මිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (02) කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.



    මෙම සිදුවීමෙන් පසු රූපලාවණ්‍යාගාරය පවත්වාගෙන ගිය එහි හිමිකාර කාන්තාව සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා රූපලාවණ්‍යාගාරය වසා දමා පලා ගොස් ඇති බවත් ඔවුන්ගේ නිවෙස් පරීක්ෂාවට ගිය අවස්ථාවේ දී නිවෙස්වල ද නොසිටි බවත් පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.හදිසියේ අසනීප වී හිස කෙස් කලඹ ගැලවී යාම හේතුවෙන් මෙම කාන්තාව එදින ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.
    කීර්ති ප්‍රනාන්දු
    031213113.jpg
     
    • Sad
    Reactions: planner123