කතරගම තවත් කපුවෙක් මුදල් සහ රත්‍රං අරන් මාරුවෙලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,034
    55,748
    113
    විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු ගතවූ මාසයක කාලයකදී දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී බැතිමතුන් විසින් පූජා කළ මුදල් හා රත්‍රං නිවසට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධව වැඩබලන පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

    වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ උපදෙස් මත පොලිස් වංචා විමර්ශන ඒකකය මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

    නොවැම්බර් 13 වනදා සිට දෙසැම්බර් 13 දක්වා මාසයක කාලසීමාව තුළදී දේවාලයේ තේවාව බලහත්කාරයෙන් භාරව සිට ඇත්තේ 2022 ජූලි 29 වනදා සිට කපු ධුරය අත්හිටුවා දේවාලයට ඇතුළුවීම තහනම් කළ තිම්ලත් රත්නායක සනත් ප්‍රේමකුමාර නමැති අයට බව වංචා විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලේ සඳහන්ය.

    රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා මාර්ගයෙන් වංචා විමර්ශන අංශය වෙත ලබාදී ඇත.

    මසකට රුපියල් කෝටි හතරත්, පහත් අතර වටිනාකමකින් යුත් මුදල් හා රන් ආභරණ දේවාලයේ තේවාව කරන කපු මහතකුට ලැබෙන බවත්, තේවාවෙන් පසුව පසුගිය මාසයට අදාළව රුපියල් ලක්ෂ දහයක් වැඩතහනමට ලත් කපුවා විසින් දේවාලයේ ගිණුමට තැන්පත් කර ඇතැයිද එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.

    බෞද්ධ විහාර දේවාලගම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව රුහුණු මහා කතරගම දේවාලයේ පරිපාලන කටයුතු කරගෙන යාමට නොහැකි ලෙසින් බරපතළ ගණයේ විෂමාචාර ක්‍රියාවක් සහ විනය විරෝධී ක්‍රියාවක් කර ඇති බැවින් මෙම වැඩතහනම ක්‍රියාත්මක කළ බව බස්නායක නිලමේවරයා පසුගිය වසරේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දන්වා තිබිණි.
     
    • Haha
    Reactions: shenat

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,076
    5,670
    113
    මම නම් මෙතන වැරැද්දක් දකින්නේ නෑ.. නොපෙනෙන දෙවි කෙනෙකුට මිනිස්සු කැමැත්තෙන් නෙ ඕව පූජා කරන්නේ